X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඔක්කොම හරි: අන්තිම ප්‍රශ්නෙන් වැඬේ වැරදිලා

ඔහු තරුණ සිවිල් ඉංජිනේරුවෙකි. ඔහුගේ මව්පියෝ මඟුල් කපුවෙකු මාර්ගයෙන් තම පුතාට සුදුසු මනාලියක් සෙවූහ.


දිනක් මඟුල් කපුවා පැමිණියේ තරුණියන් කිහිප දෙනකුගේ ඡායාරූප ද රැගෙනය. සෑම දෙනාම උසස් රැකියාවල නියුතු තරුණියන්ය. තරුණයාගේ මව්පියන්ගේ හිත ඇඳුණේ එක් ඡායාරූපයක සිටි රූමත් තරුණියක් වෙතය. ඇය වෛද්‍යවරියකි. තරුණිය බැලීමට දිනයක් නියම කරගත් පසු තරුණයා සහ මව්පියන් මඟුල් කපුවා සමඟ තරුණියගේ නිවසට ගියේ තරුණයාගේ නවීන මෝටර්රථයෙනි. සියලු සංග්‍රහ භුක්ති විඳීමෙන් පසු තරුණයාට සහ තරුණියට රිසි සේ කතා බස් කිරීමට ඉඩ දී දෙදෙනාගේ මාපියන් ඇතුළු නෑදැයෝ මිදුලට ගියහ.


දෙදෙනා කතා බස් කිරීමේදී ඔවුන්ගේ අදහස එකිනෙකාට ගැළපුනි. මේ අතර තරුණයාගේ මව තරුණියගේ පාර්ශවය අමතා, “දෙන්නා හොඳට ගැළපෙනවා, කොහොමද දෑවැද්ද එහෙම” යනුවෙන් විමසූවාය. තරුණියගේ පියාට යකා නැග්ගේ එවිටය. “මෙච්චර හොඳ රක්ෂාවක් කරන දුවගෙන් තව මොන දෑවැද්දක්ද? ආපු අතක් බලාගෙන යන එකයි තියෙන්නේ” යනුවෙන් පැවසූවේ ශබ්ද නගමිනි. ශබ්දය ඇසී එතනට පැමිණි තරුණයා සහ තරුණිය විමතියට පත් වෙද්දී “අපි යමු පුතා” යනුවෙන් පැවසූ තරුණයාගේ මව වාහනයට ගොඩ වූවාය.
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

ඔක්කොම හරි: අන්තිම ප්‍රශ්නෙන් වැඬේ වැරදිලා

සමුරා Friday, 29 July 2016 12:42 AM

රැකියාව නම් හොඳයි. නමුත් චැනල් වලින් සල්ලි එකතුකරන එක තමා නරක (නි)

:       0       0

මාලක Monday, 01 August 2016 10:50 AM

මම නම් කියන්නේ දෑවැද්ද නැතුව කසාදයක් කරගන්න එක මෝඩ කමක්. (ර)

:       0       0

වික්‍රම Monday, 01 August 2016 09:46 AM

වෙච්ච දෙයක්.(හේ)

:       0       0

රිචි බාලසුරිය Monday, 01 August 2016 07:08 AM

උගත් ලස්සන රැකියාවක් කරනා කාන්තාවක් විවාහ කර ගැනීම, කොටි ගණනක දෑවැද්දකට වඩා ලොකු දෙයක් (ම)

:       0       0

ලකී Saturday, 30 July 2016 05:02 PM

ඇත්තම කතාව නම්, අපේ රටේ වෙන කසාද වලින් 90%කටත් වඩා තීරණය වෙන්නේ හඳහන සහ දෑවැද්ද කියන කාරණා දෙක උඩ. හොඳට ඉගෙන ගත්තට, සමහර වෙලාවට දියුණු රටවල අව්රුදු ගණන් ජීවත් වෙලා ආවට, ලොකු ලොකු රස්සා කළාට, ජැන්ඩියට ඇඳලා පැළඳලා හිටියට, සුපිරි වාහන පැද්දට, තාම ඉන්නේ ගල් යුගයේ. අදහන්නේ හණමිටි සංකල්ප. (බ)

:       0       0

දයාන් වීරතුංග කඩවත Saturday, 30 July 2016 10:02 AM

නැන්දම්මලා ඔ‍හ‍ොමමයි. එයාගේ ස්වාමියාත් දෑවැද්දට ආදරය කළා නම්?? (නි)

:       0       0

ක්‍රිස් Friday, 29 July 2016 09:44 PM

තරුණිය රූමත්නම් උසස් රැකියාවකුත් තියේනම් මොකටද දෑවැදි ඉල්ලන්න ගියේ. හොඳ වැඩේ මේ අම්මන්ඩීට. තණ්හාය ජායතී සෝකෝ!!! දෙමව්පියන් තියෙන දෙයක් දරුවන්ට නොදී වෙන කාට දෙන්නද? (බ)

:       0       0

කලුතර කරූ Friday, 29 July 2016 03:09 PM

අසෝකා ඔයා බැදලද? මමත් දෑවැද්ද ඉල්ලුවේ නැහැ. මගේ බිරිය වගේ දරුවෙක් හදපු ඒ දෙමව්පියෝ නිවන් දකින්න ඕන.ඔය කථාව ඇත්ත වෙන්න පුලුවන්ද? (අ)

:       0       0

නලින් රත්නායක Friday, 29 July 2016 01:14 PM

දෑවැද්ද = පිරිමිකමේ විලිලජ්ජාව (අ)

:       0       0

තුෂාරී Friday, 29 July 2016 12:32 PM

අපි පවුලේ ගෑනු ළමයි තුන්දෙනයි.අපේ අම්මාට මනමාලයෝ ,දෑවැදි දීලයි කැන්දන් ගියේ.දෙයියන්ගේ පිහිටෙන් අපි තුන්දෙනාම අද හොදින් ඉන්නේ පුරුවේ වාසනාවකටයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 July 2016 11:22 AM

මම දන්නා පවුලක් ඉන්නවා පුගොඩ පැත්තේ , ගැහැණු දරුවන්ට පවුලේ කිසිම දෙකට උරුම කම් කියන්න බැහැ, සියලු දේපොළ ඉඩකඩම් පිරිමි දරුවන්ට පමණයි. (ර)

:       0       0

අබරන් Friday, 29 July 2016 08:14 AM

ඔය අම්මාට තියෙන්නේ පුතාට දෑවැද්දක් විතරක් හොයල දෙන්න....(ම)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 29 July 2016 07:16 AM

අයියයි නංගියි ඉන්න පව්ලක නංගිට කිසිවක් නොදී අයියා සියලු දේපොළ අයිති කරගන්නා අවස්ථා තියෙනවා නේද.? (ර)

:       0       0

පිටිගල Friday, 29 July 2016 05:32 AM

ඉන්දියානු ගෝත්‍රික සමාජවල කොපියක්. අර නැන්දම්මා. කෙල්ල බේරුනා ඒක ලොකු වාසනාවක්. (ර)

:       0       0

හිමාල් Friday, 29 July 2016 04:52 AM

හරි හෝ වැරදි, මේක තමා ඇත්ත. අද ලංකාවේ කාන්තාවන් ප්‍රමාණය වැඩියි. පිරිමි අඩුයි. ඒ හින්දා වැරදි වුනත් මේ පිරිමි කෙනාට දෑවැද්දක් එක්ක ගැනු ළමයෙක් බඳින එක අමාරුවක් නෑ. (ර)

:       0       0

නිරුල් Thursday, 28 July 2016 05:40 AM

මඟුල් කපුකම් විතරක් නොවෙයි, විවාහක පවුල් බොහොමයක් අවුල් කරන්නේ හතර පෝයටම සිල් ගන්න උපාසක අම්මලාගේ සම්ප්‍රදායික ක්‍රියාකලාපයන්. බොරු නම් හොයල බලන්න (නි)

:       0       0

හැරිස් Thursday, 28 July 2016 09:38 PM

හරි නම් දෑවැද්ද දෙන්න ඕනෑ මනමාලයා (නි)

:       0       0

චාන්දනී Thursday, 28 July 2016 02:01 PM

දෑවැදි ගැන මනමාලයන්ටවත් නැති අමාරුවක් තියෙන්නේ නැන්දම්මලාටයි, ගෙදරටම වයස්ගත වුණ නෑනලාටයි තමා. (නි)

:       0       0

දොන් Thursday, 28 July 2016 02:02 PM

දැන් මඟුල් කතා කරන්නෙත් බිස්නස් එකක් විදිහට. ඉතින් කොහෙද අනාගතයක් සහ පවුල් කෑමක්. (නි)

:       0       0

සරසි Thursday, 28 July 2016 01:57 PM

ඔය පුතාට අන්තිමට 40 පැනපු ආන්ටි කෙනෙක් තමයි බැඳගන්න වෙන්නේ. ඒගොල්ලන්වනේ ගෙවල් වලින් සන්තකේම දීලා හරි කාටහරි පංගාර්තු කරන්නේ. (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 28 July 2016 01:53 PM

හොඳ වැඩේ ඕනෑ නැති ප්‍රශ්න අහන්න යනවට (නි)

:       0       0

අසෝකා Thursday, 28 July 2016 01:53 PM

මම මගේ පියා ගැන අවංකවම ආඩම්බර වෙනවා. අපි පවුලේ ළමයි 9ක් තාත්තා හැදුවේ. අපි යන්තම් උස්මහත් වෙනකොට අම්මා අපගේ ජීවිත වලින් සමුඅරගෙන. එ්ත් කිසිම වෙලාවක අයුක්තියට හිස නමන්න පුරුදු කළේ නැහැ. දෑවැද්ද ඉල්ලගෙන අා අයට තාත්ආ කිව්වේ මම වැඩකාරකමට ළමයි හදලා නැහැ කියලා. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 28 July 2016 01:31 PM

මෙම ඉන්දියානු සිරිත් මෙරටින් තුරන් කළයුතුයි. දෑවැද්ද අනවශ්‍යයි. එම තරුණ දියණියගේ පියාට ජය වේවා! (නි)

:       0       0

තරංග Thursday, 28 July 2016 10:47 AM

නියම වැඩේ නැන්දම්මට වුණේ (ම)

:       0       0

ජයරත්න Thursday, 28 July 2016 09:28 AM

කොහොම වුණත් තරුණයා සහ තරුණිය දෙදෙනාට දෙදෙනා කැමති නම් මේ කටයුත්ත පසුව හෝ හරි යාවි. නමුත් තරුණයගේ පියා සහ තරුණයාගේ මව මීට වඩා බුද්ධිමත් ලෙස ක්‍රියා කල යුතුව තිබුණා.(අ)

:       0       0

අකිල Thursday, 28 July 2016 09:05 AM

මේ පිරිමි ළමයට මනමාලියෙක් හොයන එක නම් බොරු මේ අම්මත් එක්ක. කිසිම දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ට උදව් නොකර ඉන්න අකමැතියි. සමහරවිට මේ කසාදෙ තීන්දු වුනා නම් මේ තාත්ත දුවගේ ඉදිරි අනාගතේට කියල යම් කිසි මුදලක් දෙන්න පුළුවන්. මම පුද්ගලිකව මේ තාත්ත කරලා තියෙන දේ හරි කියල කියනවා. මේක මගේ මතයක් විතරයි. එහෙම නැතුව මම 100% හරි කියල තියෙනවා නෙමෙයි. කොහොම වුනත් මේ ගැහැණු ළමය මේ වගේ නැන්දම්මා කෙනෙක් ගාවට නොගිය එක ගැන සතුටුයි. (ර)

:       0       0

තෙෂාන් Thursday, 28 July 2016 08:44 AM

හොඳ වැඩේ. (ර)

:       0       0

රුවන් Thursday, 28 July 2016 08:23 AM

අතපය නොකඩා දරුවෝ හදලා ඉහලටම උගන්වලා තව දෑවෑද්දකුත් දෙන්න ඕනෙද? (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 July 2016 06:39 AM

අනේද කියන්නේ? කණ පැලෙන්න දෙන්න තිබුනේ. මොනවා වුණත් ගෙදරට ආ මිනිස්සු නිසා මෙහෙම පිටමං කරපු එකත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site