(මහනුවර අධිකරණ සරත් කුසුම්සිරි රණසිංහ)
කොරෝනා රෝග නිවාරණය සඳහා රජයෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීති හරිහැටි අවබෝධ නොවීම හා හැඳුනුම්පත් දෙකෙහි අග ඉලක්කම්වල අසමානතා හේතුවෙන් වියපත් අඹුසැමි දෙපළක් අතර හටගත් හබයක් දුර දිග ගොස් ඔවුන්ගේ යුග දිවිය දෙදරායාමට තුඩුදුන් අනුවේදනීය සිද්ධියක් ග්‍රාම නිලධාරිවරයෙකුගේ මැදිහත්වීමෙන් දෙදෙනාට කරුණු කාරණා පහදා දීමෙන් පසු නිරාකරණයවීමේ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
සිය විවාහ ජීවිතයේ හැත්තෑපස්වන වසරද ඉක්මවා සිටි මෙම දෙන්නා දෙමහල්ලන් විටෙක ගසට පොත්ත මෙන් විය. සතුටින් සාමයෙන් කල් යල් ගෙවමින් විසූ මේ දෙදෙනා ඔවුන්ට දාව උපන් දියණියන් තිදෙනාම නිසි කලට දීග තල දීමෙන් පසු අවසන මහ ගෙදර හුදෙකලාව ජීවත් වූහ.
කොරෝනා වසංගතය හේතුවෙන් ගම් ප්‍රදේශය හුදෙකලා කිරීමත් ඔවුන්ටද ආරවුල් ගණනාවකට මුහුණ දෙන්නට සිදු විය. දෙදෙනා අතර වූ ආසන්නතම ආරාවුලට හේතුව කොරෝනා වසංගතයට රජයෙන් බෙදා හරිනු ලබන රුපියල් පන්දහසක් වටිනා සහන බඩු මල්ල ගැනීමට දෙදෙනාට එකවර යාමට හැඳුනුම්පත් දෙකෙහි අවසන් ඉලක්කම් ඔත්තේ හා ඉරට්ටේ වීම හරහට හිටීමෙන් බාධාවක් ඇතිවීමය.
මේ නිසා ඔවුන් දෙදෙනාගෙන් බිරිය සැමියා හොර ගමනක් යාමට සැරසෙතැයි සැක කළේ තමා ගෙදර දමා ඔහු යාමට ලක ලෑස්ති වූ බැවිනි. මෙම සැකය දුරදිග ගිය අතර ගෙදර නිතරම පාහේ අවුල් සහගත තත්ත්වයක්ද ඇතිවිය. මේ බව වසමේ ග්‍රාම නිලධාරිටද ආරංචි විය. අඹුසැමි යුවළ සමගි සම්පන්නව එමෙන්ම සමාජයට කිසිදු කරදරයක් නොමැතිවූ ඉතා ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කර ඇති බව මැනවින් පසක් කර ගෙන සිටි ග්‍රාම නිලධාරිවරයා මොවුන් අතර හට ගෙන ඇති ආරවුල දෙදෙනා වයෝවෘද්ධ තත්ත්වයට පත්ව සිටීමත්, එමගින් ඔවුනොවුන්ගේ කල්පනා ශක්තියේ දුර්වලතා ඇතිවීම මෙන්ම කොරෝනා වසංගතය නිසාවෙන් රජයෙන් පනවා ඇති නීති රීති හරි හැටි අවබෝධ නොවීම යන කරුණු මත පදනම් වී ඇති බව වටහා ගෙන තිබුණි.
පනවා ඇති සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් මාර්ගෝපදේශවලට අනුගත වෙමින් කටයුතු කිරීමෙන් කොරෝනා වසංගතයෙන් බේරීමට හැකි බවත් වසංගත රෝග තත්ත්වය පැණවීමෙන් පසු හුදෙකලා බව හා සංචරණ සීමා ඉවත් කරන බව ග්‍රාම නිලධාරීවරයා තේරෙන භාෂාවෙන් වටහා දීමට කටයුතු කිරීමෙන් ඔවුන්ගේ විවාහය ද සුරක්‍ෂිත විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔත්තේ ඉරට්ටේ පටලැවිලා කසාදයත් කැඩෙන්න ගිහින්