X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


කචල් මල්ලී ‘කචල් එකක’ පැටලී කොළඹ වටේ මං මුලාවේ

(උණවටුන -- ඩී.ජී. සුගතපාල)
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩිමහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමිවිය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය. 


එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේ ඒ අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.


මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල් බවය. 


අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත් කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරෙකුට කතාකොට උපදෙසක් පැතීය. ‘හරි මම බලා ගන්නම්’ කී මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගත්තේය.


මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුරකතනයට ඇමතුමක් ලැබුණි. ‘ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම් ලබන පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න’ යනුවෙන් පැවැසූ කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු විස්තර කීවාය.


මෙවැනි මුදලක් තමාට ලැබේ යයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිඳ සමග කතා කළේය. ‘දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුළුවන්’ ඔහු සිතුවේය. දුරකථන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. එනිසා උදේ රැයින්ම අලුත් සරමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත්විය.


උදේ දහයවන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කී මං සලකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය. 


‘මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනවා විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට එන්න’. ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවතී එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහු එළවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුරකතනයට කොතෙක් කතා කළත් පිළිතුරු නැත. එය ක්‍රියාවිරහිතය.


දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්නට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට දැනුණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ආවේය. ගමට එනවිට හොඳටම රෑ බෝ වෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොළට ගිය ඔහු වෙනදා මෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතාගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු කටයුතු ඉතා හොඳින් අවසන්ව තිබිණි. 

 



අදහස් (0)

කචල් මල්ලී ‘කචල් එකක’ පැටලී කොළඹ වටේ මං මුලාවේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site