ඔහුගේ වයස අවුරුදු 26ක් වන අතර ඇයගේ වයස අවුරුදු 24කි. යාබද ගම් දෙකක පදිංචි ඔවුන් පාසල් වියේ සිටම පෙම්වතුන්ය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු සූපවේදියකු ලෙස රැකියාවක් කරන්නට වූ අතර ඇයද කාන්තා ආභරණ වෙළෙඳ සලක් විවෘත කළාය. එහෙත් දෙදෙනාගේ ප්‍රේමයට ඇයගේ නිවසින් එල්ල වූයේ දැඩි විරෝධයකි. මව්පියන් සූදානම් වූයේ ඇය වෙනත් පුද්ගලයකුට විවාහ කරදීමටය. මෙය දැනගත් ඔහු ඇයගේ නිෙවසට ගොස් මව්පියන්ට තර්ජනය කළේය.
මේ අතර ඇයගේ ඥාති සොහොයුරියක් හදිසියේ අසනීප වී ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ අතර ඇය සාත්තුවට ළඟ සිටියාය. ඥාති සොහොයුරිය සුවය ලබා ත්‍රිරෝද රථයක නැගී ඇය සමග නිෙවසට යාමට පිටත්වූවාය. ගාල්ල නගරයේ සිට ටික දුරක් යනවිට පසු පසින් පැමිණි වාහනයක් ත්‍රිරෝද රථයේ මග හරස්කොට නතර කළේය. එයින් බැස ගත් ඇයගේ පෙම්වතා ඇය ඇද තමා පැමිණි වාහනයට දමා ගත්තේය. ඥාති සොහොයුරිය නිෙවසට ගොස් සිද්ධිය කිවාය.
ඇයගේ පෙම්වතා ඇය හෝටල් කාමරයකට ගෙන ගිය අතර ඥාති සොහොයුරියගේ පියා පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළේය. හෝටල් කාමරයට ගියත් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටුකර ගැනීමට ඇය ඉඩ දුන්නේ නැත. උදයේ පෙම්වතා ඇය විවාහ රිජිස්ටාර්වරයකු වෙත කැඳවා ගෙන ගියේය.
සාක්කි අත්සන් කිරීමට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. මනමාලයාගේ පාර්ශ්වය වෙනුවෙන්ද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන්ද අත්සන් කරනු ලැබුවේ මනමාලයාගේම මිතුරන් දෙදෙනෙකි. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු දෙදෙනා යළිත් හෝටල් කාමරයට ගිය අතර මිතුරෝද විසිර ගියහ. පසුදින උදෑසනම ඔහු තම බිරිඳ සමග විවාහ සහතිකයත් රැගෙන පොලිසියේ පෙනී සිටියේය.
උණවටුන-ඩී.ජී. සුගතපාල
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඩාදාන්න හැදූ පාසල් ප්‍රේමය දවසෙන් දලුදාලා