ගල්වළක වැඩ කරන කම්කරුවන් දෙදෙනෙක් උයන පිහන දේ ගන්නට ගමේ කඩයකට පැමිණියහ.
හාල් කිලෝවක් සීනි දෙසිය පනහක් පරිප්පු සීයක් මිලට ගත් මොවුන් දෙදෙනා කඩයෙන් පිටතට ආවේ ඉක්මනින් ගල්වළට යා ගන්නටය.
මොවුන්ගෙන් එක් අයකුගේ සාක්කුවක් ඉදිමී පිම්බී තිබෙණු කඬේ බංකුවක වාඩිවී සිටියකු දුටුවේය.
ඔහු මුදලාලිට කීවේ මොහුගේ සාක්කුව බර වැඩි බවකි.
මුදලාලි ද එය දැක ”හා ළමයො ඔය සාක්කුවට පත්තෑයෙක් රිංගුව හපා කයි අදින්න අදින්න” කීය.
අන්දුන් කුන්දුන් වී ඔහු සාක්කුව ඇද්දේය. සාක්කුවේ දමාගත් ග්‍රෑම් පන්සියයක් පමණ බරැති ගෝවා ගෙඩියක් ද එවිට එළියට පැන්නේය.
ගෝවා ගෙඩියට සල්ලි දුන්නද? මුදලාලිගේ පැනයට දෙදෙනාම නිරුත්තර විය. ගෝවා ගෙඩියට මුදල් ගෙවූ ඔවුහු යළි කිසි දිනක කඩයට නොඑන්නට පිටව ගියහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඩෙන් බඩු ගන්න ඇවිත් ගෝවා ගෙඩියකුත් සොරාගෙන
ඉසුරු Saturday, 26 January 2013 01:25 PM
ගෝවා ගෙඩියක් හින්දා හොදයි..!(නු)
හජාසෙබදීන් Tuesday, 29 January 2013 11:02 AM
ඔවුන් ගෝවා ගෙඩිය ගත්තේ ඒක සල්ලිවලට ගන්න තරම් වටිනාකමක් නැති නිසා වෙන්න පුළුවං.. ඔවුන්ගේ වරද රුපියල් ගණනයි හැබැයි බිලියන ගණන් හොරකම් කරන අයත් ඉන්නවා..!(නු)
දියස් Tuesday, 29 January 2013 05:17 AM
අසරණ හොරකම් ගණන් ගත යුතු නෑ. හොඳට සල්ලි තියෙනවානම් එහෙම කරන එකක් නෑ අසරණයෝ (ස)
එසෑම් Monday, 28 January 2013 02:35 PM
අසරණ වැඩකරුවෝ හැම වැඩක්ම කරන්නේ ගෙදරට කන්න දෙන්න පව්..!(නු)
දාවිද් Monday, 28 January 2013 12:27 PM
යන යන තැන හොරකම් කරන මේ වගේ අයට කොහොමද අහිංසකයෝ කියන්නේ (ස)
චන්ද්‍රා Monday, 28 January 2013 06:28 AM
ප්‍රනාන්දු මහත්තයාත් අදින්නේ අමුඩය වෙන්න ඇති. (නි)
විපුල Sunday, 27 January 2013 10:28 PM
ප්‍රනාන්දු, නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
පද්මිණි Sunday, 27 January 2013 03:43 PM
මම හිතන විදිහට එක වෙන්න බැහැ (දී)
බන්දුල Sunday, 27 January 2013 11:49 AM
ඔන්න අපේ මිනිස්සු (දී)
ප්‍රනාන්දු Sunday, 27 January 2013 03:55 AM
කම්කරුවන් බොහෝවිට අදින්නේ අමුඩ. අමුඩ වලට කොයින්ද සාක්කු? (නි)
ඩේවිඩ් Sunday, 27 January 2013 02:15 AM
අද එකක් අරගෙන ගියා නම් හෙට වෙද්දී කඩේම වුණත් අරගෙන යන්න පුලුවන්. (නි)
සිල්වා Saturday, 26 January 2013 07:29 PM
කඩවල් ළග වැඩිපුරම ඉන්නේ කාලය කාදමන අයයි. (ත)
නිරාන් Saturday, 26 January 2013 05:40 PM
කොස් ගෙඩි දෙකේ අනෙක් කතාව. (නි)
නේහා Saturday, 26 January 2013 03:33 PM
පවු. කන දෙයක්නේ..... (නි)
හේමන්ත Friday, 25 January 2013 09:39 AM
පවු අහිංසකයෝ දෙන්නෙක්. (නි)
ලලිත් කටාර් Saturday, 26 January 2013 10:21 AM
කඩේ පිලේ ඉදගෙන ඉන්න අයට වෙන වැඩක් නැහැනේ.. අනුන්ගේ දේවල් හොයනවා ඇරෙන්න..!(නු)
සරත් Saturday, 26 January 2013 09:46 AM
අයියෝ, මේවා මොනවද? දැන් බඩු උස්සන්නේ ලැප්ටොප්, ඇදුම් අස්සේ හංගාගෙන. (නි)
ප්‍රනාන්දු Saturday, 26 January 2013 03:57 AM
ඔච්චර ලොකු ගෙඩියක් කොහොමද සාක්කුවේ දාගත්තේ (දී)
බන්දුල Saturday, 26 January 2013 01:28 AM
ඇත්තක්ද බොරුවක්ද (දී)
සතිෂ් Friday, 25 January 2013 08:23 PM
ජයතිස්ස, අල වගේද ගෝවා. ? (ස)
රොෂාන් Friday, 25 January 2013 04:46 PM
අල වගේද ගෝවා. (නි)
චතු Friday, 25 January 2013 03:59 PM
ගමේ අපිට නම් ගෝවා මොනවද? දෙන්නම්කෝ ගෝනියක්ම ගෙනියන්න. (නි)
අමිලා Friday, 25 January 2013 03:39 PM
මෙතන මම නම් දකින්නේ හොරකමට වඩා ඒ මිනිසා ගත්ත ප්‍රමාණය.. ඒ අනුව අද දවසේ අය සියළු දෙනාගේ පොදු ජීවන තත්ත්වය මොනවාට පැහැදිළි වෙනවා..!(නු)
ෂෙරිෆ් Friday, 25 January 2013 01:48 PM
කඩේ මුදලාලි හිටපු පොලිස් නිළධාරියෙක් නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දන්නවනේ අර කොස් ගෙඩි දෙකේ කතාව. (නි)
දම්මි Friday, 25 January 2013 01:16 PM
මොළයක් තිබිලා නැද්ද ගෝවා ගෙඩියක් සාක්කුවේ දාගනිද්දි පෙනෙන බවට? (නි)
දේහා Friday, 25 January 2013 01:14 PM
කවුරු කළත් හොරකම හොරකමමයි. (නි)
දෝහා Friday, 25 January 2013 01:12 PM
මේ දවස් වල එළවලු මිළ ලාභ නිසා සාක්කුවේ දාගන්න ඇති. (නි)
ජයතිස්ස Friday, 25 January 2013 10:59 AM
මුදලාලිට තිබුණේ අර්තාපල් ගෙඩි දෙක තුනකුත් දාන්නනේ. (නි)