තම සිල්ලර බඩු සාප්පුවට පැමිණ අශෝභන ලෙස හැසිරෙන පාරිභෝගිකයකුට අපූරු දඬුවමක් දුන් මුදලාලි කෙනකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ මැණික්වලට ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.
මේ පාරිභෝගිකයාගේ අශෝභන ක‍්‍රියාව වූයේ බඩු වට්ටෝරුවක් ඉදිරිපත් කොට එය කිරා දෙනතුරු අසලවූ පරිප්පු, මුංඇට, කඩල ගෝනි අසල රැඳී සිට එයින් ඇටයෙන් ඇටය කටට දමා සැපීමයි. මින් විශාල හානියක් නොවුණත් මුදලාලි මෙය රිස්සුවේ නැත.
පසුගිය දා මුදලාලි ඔහුට 2013 වසර සඳහා දිනපොතක් පරිත්‍යාග කළේය. දැඩි සතුටකින් එය භාරගෙන ගෙදර ගොස් පිටු පෙළරන විට ජනවාරි 01 යටතේ මුදලාලි ලියූ වගන්තියක් එහි විය.
එය කියවූ පාරිභෝගිකයාට දෙවියන් සිහි විය. එහි ලියා තිබුණේ, ”අද සිට කඩවලට ගියවිට මුංඇට, පරිප්පු, කඩල වැනි ධාන්‍ය වර්ග අමුවෙන් නොකෑමට තීරණය කළෙමි.” කියාය.
දැන් ඔහු ඒ සාප්පුව පැත්ත පළාතේවත් යන්නේ නැතිලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඩේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්
ලලිත් Wednesday, 30 January 2013 03:15 PM
ඕක සාමාන්‍ය දෙයක්....මිනිස්සුන්ට අත නොතබන දුරින් ලීපටියකින් ආවරණය කර බඩු තිබ්බානම් අර පාරිභෝගිකයා අදත් කඩේට එනවා. මෝඩ මුදලාලි (ස)
මාරසිංහ Wednesday, 30 January 2013 12:16 AM
තැන තැන තියෙන ඒවා කටේ දාගන්න හොදයි..!ඕක අහිතකින් කරන දෙයක් නෙමෙයි.(නු)
රම්‍යා Wednesday, 30 January 2013 02:10 AM
තමන්ගේ ගනුදෙනු කරුවෙක් පරිප්පු ඇටයක් කෑවට මොකද වෙන්නේ..!(නු)
ඩයස් Wednesday, 30 January 2013 05:57 AM
මේකනේ තත්ත්වය, එකාතකින් හොදයි ඕපදූප කියනවාට වෑඩිය මොනවා හරි හපන එක. ඒත් මුදලාලිට තිබුනා එලගිතෙල් පාන්කඩ කීපයක් පොගවලා තබලා ,පිරිසිදු එලගිතෙල් මෙය කන්න එපා . කියල පුංචි බෝඩ් කෑල්ලක් ගව්වානම් බඩුම තමා..ඈට කන්නේ නෑ ඒකම කනවා.අපේ අයගේ හෑටිනේ. තීන්ත වේලිලා නෑත කියලා විහිලුවටහරි බෝඩ්ඩෙකක් එල්ලන්න ,කීදෙනෙක් වේලිලාද කියලා අල්ලලා බලනවාද? (අ)
ජයතිස්ස Wednesday, 30 January 2013 09:01 AM
පාඩුව මුදලාලිටමයි. ඒ හැටි ගණන් ගත යුතු දෙයක් නෙමෙයි මේක (ස)
දෝහා Wednesday, 30 January 2013 10:01 AM
අනේ මොනවද අප්පා මේ? (නි)
ඩෑම් Wednesday, 30 January 2013 10:02 AM
මේක අද ඊයේ වෙච්ච දෙයක් නොවුණු නිසා මුදලාලිට තරහා යන්න ඇති. (නි)
ඩෑම් Wednesday, 30 January 2013 10:06 AM
ඒ මුදලාලිට තිබුණේ එන පිරිසට පරීක්ෂා කර බලන්න සාම්පල් ටිකක් වෙන වෙනම තියන්න. (නි)
දෝහා Wednesday, 30 January 2013 10:09 AM
අපෝ! ඔය වගේ කස්ටමර්ස්ලා නැතිවෙන තරමට හොදයි. (නි)
සමන්තා Wednesday, 30 January 2013 12:16 AM
මේවායේ මොන තරම් ජරාව තියෙනවාද? අපි ගෙදර ගෙනල්ලා උයන්න සෝදපුවාම තමයි දකින්නෙ තියෙන කුණු දූවිලි...?(නු)
දිසානායක Wednesday, 30 January 2013 04:44 PM
පාඩුව මුදලාලිට ..මුදලාලි වැඩ කරලා තියෙන්නේ හරියට මුදලාලිගේ අත පය කෑවා වගේනේ (ස)
තිසල් Wednesday, 30 January 2013 10:18 PM
හාපෝ! මාත් කාලා තියෙනවා ඕනෑතරම්. (නි)
හිරාන් Thursday, 31 January 2013 12:10 PM
අපෝ ඔහොමනම් කඩ කරන්න හම්බවෙන්න නෑ වැඩි දවසක් මේ ලංකාවේ. වහන්න තමයි වෙන්නේ මිනිස්සු නැති වුණාම (ස)
දමිත් Thursday, 31 January 2013 04:01 PM
අන්න වැඩ (දී)
මාලින්ක Saturday, 02 February 2013 05:33 PM
ඕක ඉතින් පත්තරේ දාන්න තරමි දෙයක්ද?(නදී)
ලියනගේ Monday, 04 February 2013 06:53 AM
ඔය වගේ තීක්ෂණ වැඩ කරන එක හරිම හොදයි. (නි)
බන්දුරත්න Tuesday, 05 February 2013 05:44 PM
ගණුදෙණුකරුවන්ව සාදරයෙන් පිළිගන්න ඕනෑ කාලේ මුදලාලි කළේ මෝඩ වැඩක්. (නි)
සෙනරත් Tuesday, 29 January 2013 02:12 PM
මේ මුදලාලි දෙයක් හරියට කරන්න දන්නේ නැහැ.. ඒ කරපු වැඩෙන් එයා අර මනුෂ්‍යයාගේ පෞර්ෂත්වයට හාකියක් කරලා.. ඔවැනි දේකින් එයාට පාඩමක් උගන්වන්න බැහැ... කරන් තිබුණෙ කරුනාකර ඔය වැඩේ නවත්තන්න කියලා කියන්න විතරයි.. ඇයි මුදලාලිට කතා කරලා කියන්න බැරි ඕක නවත්තන්න කියලා.. වැඩි වැඩ කරන්නේ නැතිව.. හරි දේ කලානම් දෙදෙනාටම සුවදායක අවසානයක් දකින්න තිබුණා..!(නු)
පහන් Tuesday, 29 January 2013 10:40 AM
ඕක මමත් කරලා තියනවා මටනම් කවුරුවත් දිනපොතක් දුන්නේ නැහැ හරිම අසාධාරනයි .කොහෙද ඔය කඩේ තියෙන්නේ ?(නු)
නාමල් Tuesday, 29 January 2013 11:02 AM
පාඩුව මුදලියාටමයි මුදලියා මෝඩයි (ස)
ඉසාම් Tuesday, 29 January 2013 11:37 AM
මටත් කඩයකට ගිහාම ඔය පුරුද්ද නවත්වන්න බෑ (ස)
සරත් Tuesday, 29 January 2013 11:52 AM
මමත් ඔය දේම කරනවා .ආයෙනම් දින පොතක් නොලැබුණත් වැරදි දේ කරන්නේ නෑ (ස)
දීපා Tuesday, 29 January 2013 12:00 PM
තැන තැන තියෙන දේවල් කටේ දැමීම නරක පුරුද්දක්. ඒවා නැවැත්විය යුතුයි, හිතන්න ඔබේ බත් පතේ බත් ඇටේ ඇටේ කව්රුහරි ඇවිත් කටේ දානකොට කන්න හිතෙනවද? .(ස)
ශ්‍රී නාත් Tuesday, 29 January 2013 12:55 PM
"කඬේ ධාන්‍ය අමුවෙන් කන පාරිභෝගිකයාට පාඩමක්..." ඉතිං ඔකේ ඇති වැරැද්ද මොකක්ද්ද...? (නු)
වරුණ Tuesday, 29 January 2013 01:41 PM
ඒක ඇත්ිත දීපා තැන තැන තියෙන ඒවා කටේ දාගන්න හොද නැහැ..? කවුරුවත් අනුන්ගේ කෑම එකට අත දානවා මම දැකලා නැහැ..!(නු)
එම්.වී.එස් ද කොස්තා Tuesday, 29 January 2013 01:48 PM
මරු වැඩේ මටත් දින පොත්ක නැහැ තමා. ඔය කඩේ කොහෙද තියෙන්නෙ..(නු)
වරුණ Tuesday, 29 January 2013 10:27 AM
ඕක අහිතකින් කරන දෙයක් නෙමෙයි.. ඒත් සමහරු තත්ත්වය බලන්නත් ඇටයක් දෙකක් කනවා.. ඇටයක් කෑවා කියලා ලාබෙ නැතිවෙන්නේ නැහැනේ..!(නු)
සිල්වා තබුක් Tuesday, 29 January 2013 02:35 PM
කපටි අයට තමයි මේ වගේ අදහස් ගලා එන්නේ.. බඩු කිරන විට මුදලාි ලා පාරිභෝගිකයාගෙන් කොයිතරම් දුරට හම්බකරගෙන ඇත්ද?(නු)
ලලිත් කටාර් Tuesday, 29 January 2013 03:17 PM
මම බඩුගන්න කඩේ මුදලාලිනම් මාසෙකට අවශ්‍ය බඩු වට්ටෝරුව ගත්තාම අඩුම ගානේ බිස්කට් එකක් නැත්නම් කේක් එකක්වත් දෙනවා.. එක එක්කෙනාගේ ව්‍යාපාරික උගුල් තමයි..!(නු)
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 04:43 PM
මුදලාලිගේ බුද්ධිමත් ක්‍රියාවක්.. අගය කළ යුතුයි..!(නු)
රොෂාන් Tuesday, 29 January 2013 05:03 PM
මුදලාලිට කරන්න තිබුනෙ බඩු කිරන ගමන් ටිකක් අඩුවෙන් කිරන්න. එතකොට කාපු ඒවාගේ මුදල ලැබෙනවානේ.. අපරාදෙ දැං මුදලාලිට ගණුදෙනුකරුවෙක් අඩුවුණා.!(නු)
ආනන්ද Tuesday, 29 January 2013 08:26 PM
අනේ මෝඩ මුදලාලි, සුපුරුදු පාරිභෝගිකයෙක් අහිමි කරගත්තා නේද? (නි)
චන්ද්‍රසිරි Tuesday, 29 January 2013 09:07 PM
මම දැකලා තියෙනවා කඩේට ගිහිං හාල්මැස්සො කන අය.. සමන්තුරේ පැත්තේ..!(නු)
මාරසිංහ Wednesday, 30 January 2013 12:15 AM
මේක අහිතකින් කරන දෙයක් නම් නෙමෙයි.. ඒත්...?(නු)