වෙළෙඳ සැලක දොරකට අගුලූ දැමීම සඳහා ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස එහි සේවකයකුට දැන්වීමෙන් පසුව එම සේවකයා අසල තිබූ පොකුණක් පීරා සෙවීමේ පුවතක් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. රට අභ්‍යන්තර එක්තරා කඳුකර නගරයට ආසන්න කුඩා ගම් පෙදෙසකි. එහි ඇත්තේ කුඩා ප‍්‍රමාණයේ වෙළෙඳසැල් දෙක තුනක් පමණි. ඒවාද එතරම් ශක්තිමත්ව ඉදි කළ ඒවා නොවේ. දිනක් එක් වෙළෙඳසැලක හිමිකරු එම වෙළෙඳසැලේ පසුපස දොර සකස් කිරීමට උත්සාහ කළේය. ඒ සඳහා අලූතින් ඉබ්බෙකු දැමීමට අවශ්‍ය වූ බැවින් ඔහු යටතේ සේවය කළ සේවකයාට කතා කර ඉක්මනින් ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස දැන්වීය. සේවකයා ද එක හුස්මට දිව ගිය අතර සෑහෙන වේලාවක් ගියත් ඔහු නොපැමිධෑම ගැන වෙළෙඳසැලේ හිමිකරු විපරම් කරමින් සිටියේය.
මේ අතර වෙළෙඳසැලට පැමිණි පුද්ගලයකු ”මුදලාලි මොකද ගෝලයා පොකුණ පීරන්නේ” යැයි ඇසීය. මෙම කතාවත් සමග වෙළෙඳසැලේ හිමිකරුට සිදුව ඇති දෑ අවබෝධ විය. බොහෝ වේලාවකට පසු පැමිණි සේවකයාගෙන් ”කෝ ඉබ්බා” යැයි ඇසීය. ”අනේ මුදලාලි මුළු පොකුණෙම හෙව්වා එක ඉබ්බෙක්වත් සොයා ගන්න බැරි වුණානේ” යැයි කීය. වෙළෙඳසැලේ හිමිකරුට පමණක් නොව අසල සිටි අයටත් සිනහව පාලනය කර ගත නොහැකි වූ අතර පසුව වෙළෙඳසැලේ හිමිකරු දියේ ඉන්න ඉබ්බයි දොරට දාන ඉබ්බයි අතර වෙනස පෙන්වා දුන්නේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඬේ දොරගුලට ඉබ්බකු හොයන්න පොකුණක් පීරලා
ලතා Wednesday, 25 November 2015 11:30 AM
මේ ක ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක් වගේ (අ)
අජිත් Wednesday, 25 November 2015 01:12 PM
මට හරියට හිනා ගියා අනේ... (ර)
ඉමාක් Wednesday, 25 November 2015 09:44 PM
අනේ පවු අසරණයා! (නි)
කිත්සිරි Wednesday, 25 November 2015 10:56 PM
නියම ගෝලයා! (නි)
ජනක Thursday, 26 November 2015 02:16 AM
ලතා, ඔයා හරි. දැන් කාලේ ලංකාවේ ඔහොම මෝඩ මිනිසුන් නැහැ. (නි)
දීප Thursday, 26 November 2015 04:14 AM
මේ මනුස්සය ඉන්න ගම කොහෙද?අපේ තියනවා ස්වෙච්චා සංවිධානයක් අපිට පුළුවනි මෙවන් අයට උපකාර කරන්න.(ම)
පිටබැද්දර ජයා Thursday, 26 November 2015 04:24 AM
කඳුකර පෙදෙසකනම් ඉතින් අහන්නත් දෙයක් නැහැ ඒගොල්ලන්ගේ ලෝකේ කඳුකරේ විතරයි (ම)
අනිල් Thursday, 26 November 2015 05:35 AM
අයියෝ පවු කොල්ලා.(හේ)
ඩිලාන් Thursday, 26 November 2015 06:26 AM
මමත් ලතාගේ අදහසට එකඟයි (නි)
විතාන Thursday, 26 November 2015 06:54 AM
මෙච්චර මෝඩ වුණහම මදෑ... (නි)
චාමර Thursday, 26 November 2015 03:49 PM
මට හරියට හිනාගියා (නි)
ටෙනිසන් Thursday, 26 November 2015 04:42 PM
දැන් මෙතන මෝඩය මුදලාලිද ගෝලයද. තමන් ළඟ වැඩ කරන ගෝලයාගේ බුද්දි මට්ටම නොදන්නා හෝ එසේ දැනගන වැඩ පවරන මුදලාලි මමනම් හිතන්නේ ගෝලයට වැඩ මෝඩයි. (අ)
ජයනාත් Thursday, 26 November 2015 05:38 PM
මේ වැනි කදුකර පෙදෙසක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර වටිනවාද? හවසට ගිහින් මේ වගේ කඩෙකින් තේ එකක් එහෙම බීලා ඉන්න ජීවිතේ සරලයි තෘප්තිමත්.(රේ)