X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


කඬේ වහලේ පොල්කූරු ගලවා දත් හෑරුවැයි මුදලාලිට ඩෝං ගිහින්

(ඉබ්බාගමුව සම්පත් සෙනෙවිරත්න)

පොල්අතු සෙවිලි කළ තම තේ කඩයට බුලත් විට මිලදීගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් දත් හෑරීම පිණිස නිතරම වහලේ පොල්කූරු කැඞීම නොඉවසූ මුදලාලි මහතා ඔවුන්ට ඇති තරම් දත් හැරීම සඳහා වෙනම පොල්කූරු මිටියක් කඩයේ එල්ලා තැබූ පුවතක් පොල්පිතිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ. කරඹේ ප‍්‍රදේශයේ පිහිටි කුඩා තේ කඩයකි.

පොල් අතු සෙවිලි කළ වහලයක් සහ බිමට ගොම මැටි ගා ඇති මෙය අතීත සිංහල ගැමි සංස්කෘතිය සිහිගන්වයි. නිතර කඩය හා ඒ අවට මිදුල හොඳින් අතු පතු ගා පිරිසිදුව තබා ගැනීමට වෙහෙසෙන මුදලාලිට මෙන්ම මුදලාලි හාමිනේට තිබෙන ලොකුම ගැටලූව වූයේ බුලත් විට මිලට ගන්නා උදවිය ඒවා සපා මිදුලට කෙලගැසීමත් ඉන් පසු දත් ශුද්ධ කිරීමට වහලයේ ඇති පොල්කූරු කැඞීමත්ය.

එම නිසා බුලත් විටක් විකුණන සෑම අවස්ථාවකම ඕනෑම කෙනකුට මිදුලට කෙල ගහන්න එපා යැයි අවවාදයක් දීමට මොවුන් දෙදෙනා කටයුතු කළත් පොල්කූරු කඩන්නත් එපා යයි කීවත් තම පාරිභෝගිකයින් අමනාපවිය හැකි බැවින් අපූරු පොල්කූරු කඩන්නන් ගෙන් වහලය බේරා ගැනීමට උපායක් මෙම දිනවල යොදා තිබේ.

වහලයේ පොල්කූරු කඩන්න එපා. දත් හාරන්න පොල්කූරු අන්න යනුවෙන් සඳහන් තරමක් විශාල පුවරුවක් කඩයේ වහලයේ අසල එල්ලා හොඳින් ශුද්ධ කරන ලද පොල්කූරු මිටියක් ද එතන එල්ලා ඇත්තේ ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක දත් හැරීමට පොල්කූරු ගැනීමටය.



අදහස් (0)

කඬේ වහලේ පොල්කූරු ගලවා දත් හෑරුවැයි මුදලාලිට ඩෝං ගිහින්

දුමින්ද Wednesday, 01 April 2015 04:36 AM

ඉල්ලුමට -සැපයුම (බ)

:       0       0

කිරි ගමරාල Wednesday, 01 April 2015 06:42 AM

ඉල්ලුමට සැපයුම වගේම හැසිරීම හසුරුවීමත් සිද්ධවෙනවනේ.(ම)

:       0       0

කරුණාරත්න Wednesday, 01 April 2015 03:28 PM

අයියෝ! පුදුම මුදලාලි කෙනෙක්නේ! (නි)

:       0       0

රූපවතී Wednesday, 01 April 2015 07:13 PM

අපේ ලංකාවේ ඉන්න මිනිසුන් නැවත ගුලිකරලා ඇඹුවත් හදන්න පුළුවන් ජාතියක් නම් නෙමෙයි.හරිම නොහොබිනා පුරුදුත් සමඟ මුළු ජීවිතේම එකට අනාගෙන. කෙනෙක් වරදක් පෙන්වුවත් ඒක නිහතමානීව පිළිගැනීමේ පුරුද්දකුත් නැහැ. (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 01 April 2015 08:23 PM

සීනි ටිකක් වැඩිපුර දාලා තේ දුන්නා නම් පොල් කූරු කඩන්න වෙන්නේ නැහැ.(විහිළුක් පමණි) (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 01 April 2015 11:17 PM

පඩික්කමක් තිබ්බා නම් අනෙක් ප්‍රශ්නෙත් විසඳාගන්න තිබුනා. (නි)

:       0       0

සමන්ති Wednesday, 01 April 2015 11:51 PM

අපේ පැතිවල කියන්නේ ඕවට පොල් ඉරටු කියලා. (නි)

:       0       0

මුදියන්සේ Friday, 03 April 2015 03:05 PM

කලකට පෙර අපේ කනත්තේ මිනි ඔලු එකතු කල රුපවති නංගි ආඩම්බරයි නංගියේ මම අසනීපෙන් නිසා කාලෙකින් ලියන්න බැරි උනා හෙට හෝ අනිද්දා නැත්තම් ඉදිරි දිනෙක සදහටම ලියන්න නොහැකි වෙයි නමුත් ඔබ සියලු දෙනාටම සුබ අවුරුද්දක් වේවා ..කවි මඩුව අමතක නැහැ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site