ඇය, එම ගමේ කුඩා නිවෙසක් තනාගෙන ගොවිතැනක් කරගෙන තම දරු දෙදෙනා ද සමග නම්බුකාර ලෙස ජීවත් වූ වැන්දඹු කාන්තාවකි. ඔහු මතට මෙන්ම සල්ලාලකමට ද ලොල් වූ අසල ගමක මැදිවියේ පුද්ගලයෙකි. විවාහක තිදරු පියෙකි.
පසුගිය දිනෙක මහමගදී මුණ ගැසුණු ඇයගෙන් හෙතෙම ආදරය ඉල්ලුවේ තනිකඩව සිටින ඇයට පිහිටක් වන බව ද පවසමිනි. සිනහවකින් එය එකහෙළා ප්‍රතික්ෂේප කළ ඇය ඔහු මග හැර ගියේ තමා ගතකරන නම්බුකාර ජීවිතය එම පිහිටට වඩා වටිනා බව ඔහුට පවසමිනි.
පිළිතුරින් පසුබට නොවූ හෙතෙම එදින රාත්‍රියේම ඇය හමුවීමට අපූරු උපායක් යෙදවූවේය.
මැදියම් රැය ආසන්න වෙද්දී ඔහු ගවයින්ගේ කර බඳින සොකඩයක් (සොකඩය යනු ගවයන් යන එන තැන් දැන ගැනීම සඳහා ලීයෙන් තනා හරකුන්ගේ කර බඳින උපකරණයකි.) සොලවමින් ගේ වටා ගමන් කළේ ඇයගේ වත්තට හරක් රංචුවක් පැමිණ ඇති බව ඇයට ඒත්තු ගන්වමිනි.
මොහොතක් ගතවෙද්දී ඔහුගේ උපාය ටක්කෙටම හරි ගියේය.
“අදත් මේ හරක් කොටි ඇවිල්ලා. මගේ මඤ්ඤොක්කා ගස් ටික ඉවරයි.” කියමින් කුප්පි ලාම්පුවක් ද රැගෙන ඇය නිවෙසින් එළියට පැන්නේ හරක් රංචුව පන්නා දැමීමේ අදහසිනි.
එහෙත් සොකඩය සොලවමින් සිටි දහවල් හමුවූ ගමේ අයියා දකිද්දී ඇයට කාරණාව තේරුම් ගියාය. ඇය කරුවලේම කෑ ගසමින් නිවෙසට පැන දොර වසා ගත්තේ සිදුවන්නට ගිය අවමානයකින් ජීවිතය බේරා ගනිමිනි.
පසුදින සිද්ධිය කටින් කට පැතිර යද්දී ඔහු ගමින් අතුරුදන් වී තිබිණි. දැන් අගනුවර ප්‍රදේශයේ වැඩපළක කොන්ක්‍රීට් අනන බව ගම්මු පවසති.
(වියලුව වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතකගේ පෙම පතා හරකකුගේ වෙස් අරන්
අබය Tuesday, 07 February 2017 07:24 AM
කුසගේ අවතාරය වැහිලද කොහෙද....
අමල් Tuesday, 07 February 2017 10:19 AM
ආදරේට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ එක තමයි. (ර)
ඉන්ද්‍රජිත් Tuesday, 07 February 2017 01:43 PM
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)
සිරිසේන Wednesday, 08 February 2017 03:47 AM
මේකට කියන්නේ ආදරේ කියල නෙවෙයි අමල්, කෑදරේ කියලා! (නි)
දිමුත් Wednesday, 08 February 2017 09:21 AM
මේ වගේ අසහනකාරයෝ හැමතැනම. (බ)
ජනහිත Wednesday, 08 February 2017 10:13 PM
ඔය වැඩ නගරයේ කරන්න ගියොත් නම් මොනවයින් මොනවා වෙයිද මන්දා? (නි)
පිටබැද්දර ජයා Friday, 10 February 2017 06:21 AM
මින්සුන්ට අහුවුණා නම් සොකඩ නොවෙයි සොකරි බලන්න තිබුනා (නි)