බසයක ගමන් කරමින් සිටියදී කාන්තාවකට හේත්තුවී ඇයට තමා සමග පිටකොටුවේ ඇවිදීමට එන්නැයි කී මැදිවියේ පුද්ගලයෙකු තරුණයන් දෙදෙනෙකුගෙන් හොඳ හැටි ගුටි කෑමේ සිද්ධියක් ඉකුත්දා පිටකොටුවේ බස් රථයකදී දකින්නට ලැබිණි.
සරමක් හා කමිසයකින් සැරසී බස් රථයේ ඉදිරි පෙළ අසුනක වාඩිවී සිටි මැදිවියේ පුද්ගලයාගේ දකුණු පසින් මැදිවියේ කාන්තාවක වාඩිවී සිටියාය. ඔහු වරින් වර ඇය සමග බලෙන්ම වාගේ කතා බහ කරමින් ඇයගේ සිරුරටද හේත්තු වන්නට පටන් ගත්තේය. එය කාන්තාවට නුරුස්සන දෙයක් බවට පත්වී තිබුණු බව ඇයගේ හැසිරීමෙන් දකින්නට විය.
බසය පිටකොටුවට ළඟාවත්ම ඔයා යන්නේ කොහාටදැයි ඔහු ඇයගෙන් විමසූ විට බඩු වගයක් ගන්න පිටකොටුවට යනවා යැයි ඇය පැවසුවාය. මමත් ඉන්නේ පිටකොටුවේ මට කොටුවත් එකයි පිටකොටුවත් එකයි. ඕනෑම කඩයක් අඳුනනවා තනියම යන්න එපා. මේවගේ ඉන්න එවුන් එච්චර හොඳ නැහැ. අද ගෑනියකට තනියම ඇවිදින්න පුළුවන්ද.
බය නැතුව එන්න මාත් එක්ක. ඕනෑම තැනකට යමු මම උදවු කරන්නම්කෝ, යැයි කියමින් ඔහු ඇයට තවත් ළංවිය. මෙතෙක් ඉවසාගෙන සිටි ඇය වහා නැගිට මේ මිනිහා මට ඉන්න දෙන්නේ නැහැ. අනෙකුත් මගීන්ට ඇසෙන සේ පැවසුවාය.
වහා එතැනට පැමිණි තරුණයන් දෙදෙනෙකුට කාන්තාව තමනට මෙතෙක් වේලා සිදුවූ හිරිහැර පැවැසුවාය. තරුණයන් දෙදෙනා කාන්තාවට හිරිහැර කළ පුද්ගලයාට දෝෂාරෝපණ කරද්දී ඔහුද මහා හඬින් කෑ ගසමින් මම ඒ ගෑනිට මොකුත් කළේ නැහැ ඕයි. කියමින් ගෝරනාඩු කරන්නට විය.
තරුණයෝද ඔහුට හොඳ පහර කීපයක් එල්ල කළහ. එයිනුත් නොසැලූණු ඔහු හරි මම බලා ගන්නම් මගෙත් කොල්ලෙක් හමුදාවේ ඉන්නේ යයි දොඩවමින් හිස්ව තිබූ වෙනත් අසුනකින් වාඩිවී ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතකට ඇවිදින්න යන්න කතාකර බසයේදී ගුටිකයි
රෙජි-සිඩ්නි Tuesday, 29 September 2015 12:45 AM
අනේ දෙවියනේ!මේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ?කාන්තාවකටවත් තනිපංගලමේ ගමනක් බිමනක් යන්න දෙන්නේ නැත්තේ ඇයි? (නි)
චන්දි Wednesday, 30 September 2015 04:58 PM
හොඳ වැඩේ ගහපු එකනම්. ගහලා පොලිසියට දෙන්න තිබුනේ.ගැහැණුන්ට අපහාස කරන්නෙත් පිරිමි, ගැහැණුන්ට කරදර කරන්නෙත් පිරිමි. අනේ මන්දා, මේ එරික්ලා වගේ මිනිස්සු කවදා හැදෙයිද කියලා. (නි)
අජිත් Wednesday, 30 September 2015 02:10 PM
ජනිත්, ඉතින් එම නිදහස නැතිකළේ කව්ද? ඒකට වගකියන්න ඕනේ කව්ද? මේ සේරම උනේ 77 න් පස්සේ. (ර)
ජනිත් Wednesday, 30 September 2015 12:19 PM
ළමා අපචාර කාන්තාවන් දුශන කිරීම් ..අපේ සමාජය ගොඩක් පිරිහිලා ...මේකට හොදම විසදුම ගම වල ජනතව එකතු වෙන එක .....මම දන්නා තරමින් අපේ ගමේ ඔය වගේ නරක වැඩක් කරලා බේරෙන්න බැරි බව ගමේ ඉන්න කසිප්පු කාරයත් දන්නවා....ඒ නිසා ගමේ තරුණියකට කාන්තාවකට තනියම පාරේ යන්න වාතාවරණයක් හැදිලා තියෙනවා .(හේ)
එරික් Wednesday, 30 September 2015 08:39 AM
වීරයෝ ඕනේ තරම් , ඔය ගහපු දෙන්නට නම් ඇවිදින්න යන්න බැරිවුනාට ඊර්ශ්‍යාව ඇති. (ස)
අජිත් කරුණාරත්න Wednesday, 30 September 2015 04:03 AM
තරුණ දරුවන් දෙදෙනාට ගොඩක් ස්තුතියි. මේ වගේ දේවලට සමහරු මැදිහත් වෙන්නේ නැහැ. අහක බලා ගෙන යනවා. ඒක නිසා බස්වල ගමන් ගන්න කාන්තාවන්ට මෙවැනි හිරිහැර වල අඩුවීමක් වෙන්නේ නැහැ. මෙහෙම ඉදිරිපත් වන දරුවන් කාන්තාවන්ට ලොකු ආරක්ෂාවක්. නැවතත් එම දරුවන්ට ස්තුතියි. (බ)
අශෝක Tuesday, 29 September 2015 09:35 PM
කපන්න තිබුනේ මිනිහගේ කට නැවත ඔය වගේ දෙයක් කරන්න බැරිවෙන්න (නි)
අජිත් Tuesday, 29 September 2015 11:57 AM
කාන්තා හිංසනය පිටු දකිමු. (ර)
සුකොමලී Tuesday, 29 September 2015 07:55 AM
දැන් තියෙන්නේ අර ඉන්දියාවේ වගේ",කාන්තාවන්ට පමණයි"කියලා බස් එකේ කොටසක් වෙන් කරගන්න එක.එවිට මම හිතන්නේ මේ වාගේ නැහැදිච්ච මිනිසුන්ගෙන් බේරිලා අපේ කාන්තා පරපුරට නිවී සැනසිල්ලේ තමන්ගේ ගමන් බිමන් යන්න හැකි වේවි කියලා.ඒත් ........ඒක එහෙම අපේ රටේ වෙයිද.....? (අ)
සුසන්ත Monday, 28 September 2015 05:33 AM
යස වැඩේ ඉල ඇට කුඩුවෙන්නයි ගහන්න තිබුණෙ. (අ)
සරත් Monday, 28 September 2015 10:10 PM
ඇයි නෝනේ නොදන්නා අයත් එක්ක කතාවට ගියේ? පාඩුවේ ගියා නම් ඉවරනේ. (නි)
රොෂාන් Monday, 28 September 2015 04:50 PM
ඒකනන් හොද වැඩෙි දෙන්න ඕනේ දත් සෙටි එක බඩට යන්න (බ)
ප්‍රංශයේ - සුජීව Monday, 28 September 2015 02:16 PM
සමහර මිනිස්සුන්ට ගුටි කාලත් ලැජ්ජ නැහැ (බ)
පිටබැද්දර ජයා Monday, 28 September 2015 01:47 PM
වරද ඔහුගේ වුණත් නිතිය අතට ගන්න එකනම් වැරදියි, කරන්න තිබුණේ පොලොසියට බාර දෙන්නයි (අ)
සමාධි Monday, 28 September 2015 12:01 PM
පුදුම මිනිස්සු තමා. (අ)
තුෂා Monday, 28 September 2015 08:16 AM
මේ කතාවේ සරමකින් සැරසී සිටිය පුද්ගලයෙකුගේ කතාව කියවනවිට මට කලකට ඉහත සිදු වුණ දෙයක් මතක් වුණා. නුවර සිට මාතලේ දක්වා ධාවනයවූ සෙනඟ පිරි ලංගම බස් රථයක සිටගෙන ගමන් කරපු මගීන් දෙදෙනෙක් අතර රන්ඩුවකි. එක්කෙනෙක් සරම් කාරයෙක්. අනිකා කලිසම් කාරයෙක්.සරම ඇඳී පුද්ගලයා අහනවා අනෙකාගෙන් "තමුසේ කලිසමකුත් ඇඳගෙනද ඕයි .මෙහෙම කරන්නේ" කියලා.කලිසම ඇඳී පුද්ගලයා අහනවා "තමුසේ සරමක් ඇඳගෙනද මෙහෙම කතා කරන්නේ" කියලා.සන්ඩුව මොකටද දන්නේ නැති වුණාත් මට මේක මතක් වෙද්දී තාම හිනා. (අ)
ශලිනි Monday, 28 September 2015 06:50 AM
කාන්තාවක් කියන්නේ ඕනැම පිරිමියෙකුට හා කියන්න මැවිලා තිබෙන භාණ්ඩයක් කියලානේ මේ සමහරු හිතන්නේ. (අ)