X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


කතගෙන් ගුටි කෑ තරුණයා සමාව ඉල්ලා සෙමෙන් මාරුවෙලා

පිටකොටුවෙන් රාත‍්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය. විගසින් අසුනෙන් නැගිට ගත් ඇය තරුණයාගේ කම්මුල් දෙකටම සට පට ගාමින් පහර එල්ල කරන්නට වුයේ භාෂාවේ ඇති හැම වචනයක්ම මනාලෙස හසුරුවමිනි. ”අද හොඳ වෙලාවට මගෙ බෑගයේ පිහිය නැහැ. ඒක තිබුණ නං අද උඹට යන්නෙ වෙන්නේ ශරීරයේ එක අංගයක් නැතුවයි” ඇය පැවසුවේ බසයේ සිටි සෙසු මගීන්ට සිදුවී ඇති දෙය වටහා ගැනීමට ඉඩ සලසමිනි. හොඳ හැටි කම්මුල් රතු කැරගත් තරුණයා සමාවෙන්න යැයි කියමින් හෙමිහිට ලිස්සා ගියේය. අවලං වැඩ කරනවාට හොඳ පාඩමක් යැයි බසයේ සිටි මගීහු පැවසූහ. කහවල



අදහස් (0)

කතගෙන් ගුටි කෑ තරුණයා සමාව ඉල්ලා සෙමෙන් මාරුවෙලා

mr Thursday, 19 July 2012 12:27 AM

ඇත්තටම අක්කේ,මොකද්ද වෙලා තියෙන්නෙ? නියම කොල්ලා.. කාගෙන්වත් උදව්වක් නෑනේ..!! ..කාටද ආඩම්බර.......!!!!. අක්කේ, ශරීර අංගය කපන්නේ කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ? වෙලාවට මම ‍බේරුනා...

:       0       0

පෙරේරා Tuesday, 17 July 2012 10:04 AM

නියමයි...

:       0       0

ලාල් පෙරේරා Tuesday, 17 July 2012 10:09 AM

අක්ක වගේ අය තමයි මේ රටේ ඉන්න ඕන.. මේවගේ අයට පාඩමක් කියලා දෙන්න..

:       0       0

ලාල් Tuesday, 17 July 2012 09:31 AM

අක්කා වගේ අය තමයි මේ රටේ ඉන්න ඕනි. මෙහෙම තිරිසනුන්ට පාඩමක් කියලා දෙන්න

:       0       0

ලාල් පෙරේරා Tuesday, 17 July 2012 10:14 AM

අක්කා වගේ අය තමයි මේ රටේ ඉන්න ඕනා....මේ වගේ අයට පාඩමක් කියාදෙන්නත් ඕන....

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 09:50 AM

හොද වෙලාවට කොල්ලා කිරුළපන වත්ත පැත්තේ කෙනෙක් නොවුනේ

:       0       0

චරිත් Tuesday, 17 July 2012 10:58 AM

අක්කත් බස් එකට නෑග්ගේ බිස්නස් එකක් ඉවර කරල වෙන්න ඈති ඔය තරම් රෑ වෙලා. ඒකනේ බෑග් එකේ පිහියක් දාන් එන්නේ.......

:       0       0

තත්සර Tuesday, 17 July 2012 01:37 PM

මේ අක්කත් පාතාලේ කෙනෙක්ද කොහෙද ?

:       0       0

තත්සර Tuesday, 17 July 2012 01:37 PM

මේ අක්කත් පාතාලේ කෙනෙක්ද කොහේද?

:       0       0

තිලක් Tuesday, 17 July 2012 05:58 PM

අක්ක පිහිය ගෙනිච්‍චි නැති දවසෙමනෙ මූ හේත්තුව දාල තියන්නෙ අපරදෙ එකක් කපාගන්න තිබුන දවස

:       0       0

රිෆාඩ් Wednesday, 18 July 2012 09:43 AM

වෙලාවට පොඩි එකා ‍බේරුනා...

:       0       0

මිස් ගුරුගේ Wednesday, 18 July 2012 02:01 PM

ඔව් . අක්ක කරපු වැඩේ හරි .ඔයාට සුබ පැතුම් අක්කේ .ඔන්න ඔය වෙනුවෙන් මම කමෙන්ට් එකක් දැම්ම ....

:       0       0

චින් Wednesday, 18 July 2012 04:37 PM

ගැහැණු අයට විතරක් නෙවි පිරිමි අයගේ උරහිස් වලට තද කරන මොන් ගල් පිරිමිත් ඉන්නවා.

:       0       0

ගිහාන් Tuesday, 17 July 2012 09:21 AM

අපරාදේ, පිහිය තිබුණ නම් නියමයි

:       0       0

අාරියෙස්න Thursday, 19 July 2012 11:52 AM

හිත පාලනයක් නැති මිනිස්සු.යමක් කරන්න පෙර යටි සිතට දාල මේ වැඩය හොදද නරකද කියල හිතන්න ඕනේ. ඒක නැති නිසා තමා අද මිනිස්සු හිර ගෙවල්වල තපින්නේ.යමක් කිරීමට පෙර අපට කොච්චර දේවල් හිතන්න තියනවද. මිනිසුනේ හිතන්න පුරුදුවන්න...........

:       0       0

හරින් Thursday, 19 July 2012 01:06 PM

අක්කේ, නියමයි. ඔහොම තමයි ඉන්න ඕනේ.

:       0       0

සහන් දිසානායක Thursday, 19 July 2012 10:59 PM

මම බැලුවා. මේකට කමෙන්ට් දාලා ඉන්න හැමෝම වගේ පිරිමිනේ. ඇයි ගෑණු නැද්ද වැඩේ හොයි කියලා කියන්නවත්. (ස)

:       0       0

එම්. ආර් Friday, 20 July 2012 12:09 AM

හිත පාලනයක් නැති ගැහැණු. ගැහැණු යමක් කරන්න පෙර යටි සිතට දාල මේ වැඩය හොදද නරකද කියල හිතන්න ඕනේ. ඒක නැති නිසා තමා අද මිනිස්සු හිර ගෙවල්වල තපින්නේ. ඇත්තටම අක්කේ, හිතන්න පුරුදුවන්න....

:       0       0

ෂරිල් ඩෙකර් Sunday, 22 July 2012 08:18 AM

ඔයාලා කෙල්ලෝ ප්‍රතිචාර දාලා නැහැ කියලා දුකින් කියලා තිබ්බ නිසා මෙන්න මම ප්‍රතිචාර දාන්න ආවා.දැන්වත් හිත සතුටුද?අනේ අපි ප්‍රතිචාර දාන්න එනකම් බලාගෙන ඉඳපු එකට නම් බොහෝම ස්තූතියි. මම ඉතාම ලස්සන සුදුම සුදු කෙල්ලෙක් නිසා හරිම අමාරුයි තමයි බස්වල කොච්චිවල නම් තනියම යන්න.මේ වගේ වැඩ නම් මටත් අනන්තවත් වෙලා ඇති.සමහර අපේ අප්පච්චිලගේ වයසේ අයගෙන් තමයි බේරිලා ඉන්න නැත්තේ.අපිට ප්‍රවාහන පහසුකම් ලැබෙන නිසා බස්වල නම් යනවා ගොඩාක්ම අඩුයි.ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේ නම් ගියා. (නි)

:       0       0

පෙරේරා Sunday, 22 July 2012 08:21 AM

උදාර හරි. අම්ම නැත්නම් පිරිමි කව්රුත් නැ. (දී)

:       0       0

උදාර Sunday, 22 July 2012 08:22 AM

බස් වල කාන්තාවන්ට හිරිහැර කිරීම පිරිමි කමක් නෙවෙයි. පිරිමි අපි කාන්තාවන්ට ගරුකරන්න ඕනෑ. මොකද අපි හැමෝගෙම අම්මල කාන්තාවෝ නිසා. (දී)

:       0       0

උදාර Sunday, 22 July 2012 08:26 AM

පිහියෙන් අයින්න තිබ්බේ. කඩෙන් අරන් ඇන්නත් පාඩු නැහැ. (දී)

:       0       0

දෝනා Sunday, 22 July 2012 11:12 AM

ගෑණු කෙනා පිහි තියාගෙන ඇයි බස් එකේ යන්නේ? (නි)

:       0       0

දුමින්ද Sunday, 22 July 2012 03:36 PM

කොහොම හරි සමාව ඉල්ලුවනේ (දී)

:       0       0

මාර්ලන් Monday, 23 July 2012 08:11 AM

මීට කලින් කී දෙනෙක්ව කපලා තියෙනවද? (නි)

:       0       0

සේනානායක Monday, 16 July 2012 04:23 PM

ගණන් ගන්න එපා නංගෝ.එයාට මද කිපිලා ඇති

:       0       0

ගයාන් Monday, 16 July 2012 09:55 AM

හොඳ වැඩේ ඔහොම මිනිස්සුන්ට. ගෑනුන්ගේ ඇඟට එන පිරිමි වගේම පිරිමින්ගේ ඇගට එන ගෑනුත් ඉන්නවා....

:       0       0

daya,saudi Monday, 16 July 2012 10:47 AM

ශ්‍රේෂ්ඨයි, අක්කේ ඔබවැනි කතුන් නිසා අනිත් කාන්තාවනුත් රැකෙනවා කීවොත් නිවැරැදි. නියම පාඩම දුන්නේ.

:       0       0

දුලිප් Monday, 16 July 2012 11:01 AM

හොඳ වැඩේ නියමයි.

:       0       0

වරුණ Monday, 16 July 2012 11:02 AM

මෙයාව අර ගීන මැඩම්ගාවට යැව්වානම් ඉවරයිනේ.

:       0       0

PUNCHA Monday, 16 July 2012 12:10 PM

පිහියක් තිබුණා නම් වැඩේ බලන්න තිබුණා.

:       0       0

kkf Monday, 16 July 2012 11:36 AM

හොද වැඩේ

:       0       0

කමල් Monday, 16 July 2012 11:39 AM

ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ? තව ටිකක් පැහැදිළි කරලා කියන්න පුළුවන්ද?

:       0       0

මධු Monday, 16 July 2012 01:20 PM

හොඳ වැ‍ඩේ දත් දෙක තුනක් ගැලවෙන්න ගහන්නයි තිබුණේ....

:       0       0

උනුසුම් කොල්ලා Monday, 16 July 2012 01:33 PM

වාසනාවකට මට නම් තාම ගුටි කන්න සිද්ධ වෙලා නැහැ

:       0       0

අන්කල් Monday, 16 July 2012 02:45 PM

අක්කණ්ඩිත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි වගෙයි

:       0       0

දිලාන් Monday, 16 July 2012 03:49 PM

මොනවද ඒ අක්කට කරලා තියෙන්නේ ?

:       0       0

අමිල කටුනායක Monday, 16 July 2012 04:10 PM

අනු නමයෙන් මල්ලි බේරිලා තියෙන්නේ

:       0       0

චාමිකර Monday, 16 July 2012 09:23 AM

අර අනග බැලුම් හෙලපු නගාට ඉගෙන ගන්න හොද පාඩම..

:       0       0

සේනානායක Monday, 16 July 2012 04:26 PM

ගණන් ගන්න එපා නංගෝ මද කිපෙන කාලෙට ඔහොමයි .

:       0       0

පුංචා Monday, 16 July 2012 04:33 PM

ශරීර අංගය කපන්නේ කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

ජන්තු Monday, 16 July 2012 04:11 PM

හොදම වැඩේ

:       0       0

රොෂාන් Monday, 16 July 2012 04:12 PM

කපලා දැම්මා නම් හරි

:       0       0

සම්පත් Monday, 16 July 2012 04:29 PM

අක්කේ, කරපු වැඩේ නම් නියමයි.ඔහොම අයට ඔහොමම තමයි කරන්න ඕනි

:       0       0

පචයා Monday, 16 July 2012 05:12 PM

මද කිපුණට නම් කමක් නෑ කියමුකෝ.තව ටිකකින් මදේ නැතුව තමයි යන්න වෙන්නේ

:       0       0

ඉශංකා Monday, 16 July 2012 09:11 PM

අම්ම කෙනෙක් නැතුව උපන් අය......

:       0       0

සමරේ Tuesday, 17 July 2012 01:38 AM

වැඩේ කියන්නේ එක කෙල්ලෙක්වත් මේ වැඩේ හොදයි කියලා ප්‍රතිචාර දාලා නැති එකනේ

:       0       0

සමර Tuesday, 17 July 2012 01:38 AM

වැඩේ කියන්නේ එක කෙල්ලෙක්වත් වැඩේ හොදයි කියල කමෙන්ස් දාලා නැති එකනේ

:       0       0

මෙරිල් Tuesday, 17 July 2012 06:29 AM

දිලාන්, කමල්, ඔය දෙන්නා දන්නේම නැද්ද?

:       0       0

ජයන්ත Tuesday, 17 July 2012 08:54 AM

කපුවනම් අපරාදේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site