කාන්තාවන් ළිඳ ළඟ නාන අයුරු බලා සිටීමට ඇබ්බැහි වී සිටි බව කියන විවාහක තරුණයකුට මවක හා දියණියක එක්වී රෙදි සේ¥ කුණු වතුර ප්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
තමන් ගෙවත්තේ පිහිටි ළිඳෙන් නාන අවස්ථාවලදී අසල්වැසි නිවෙසේ සිටින තරුණයකු මායිම් වැටෙහි වූ මල් පඳුරුවලට මුවාවී තමන් දෙස බලා සිටිනු දුටුවේ යැයි දියණිය සිය මවට කීවාය.
සිය බිරිය ගෘහ සේවිකාවක ලෙස පිටරට රැකියාවකට යාම නිසා මව හා පියා සමඟ සිටින මෙම විවාහක තරුණයාගේ මෙම කි‍්‍රයාව සත්‍යයක් බව ද ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි මව හෙළි කර ගත්තාය. දිනක් දියණිය නාන අතරේ තරුණයා ද සුපුරුදු පරිදි මල් පඳුරු අතරින් එබිකම් කරන අයුරු දුටු මව හා දියණිය කිසිවක් කතා කර ගෙන කිලිටි රෙදි සේදීමෙන් පසු කුණු වතුර එකතුවී තිබූ බේසමක් හොඳ හැටි අල්ලාගෙන ඉහළට ඔසවා ගත්හ.
තරුණයා මල් පඳුරුවලට මුවා වෙමින් වැට අසලට තව තවත් ළං වෙනවාත් සමඟම දියණියත් මවත් කිසිවක් නොකියාම එම බේසමේ තිබූ කුණු වතුර මල් පඳුරු දෙසට වේගයෙන් ගැසූහ. මේ කුණු වතුර ප්‍රහාරයෙන් තරුණයා හොඳ හැටි නැහැවිණි.
තරුණයා සිටි තැනින් හෙමින් සීරුවේ මාරුවී සිය නිවෙස තුළටම ගියේය. එයින් පසු ඔහු සුපුරුදු දර්ශන නැරඹීමට ආවේ නැතිලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතුන් නාන දිහා බලා සිටි කළුකුමාරයාට කුණු වතුර ප්‍රහාරයක්
රෙජි-සිඩ්නි Thursday, 08 October 2015 02:13 AM
ජයනි ,මෙය ලංකාවේ සමහර අයට පමණක් තියෙන මානසික ලෙඩක් නොවේ. ලඟදි ඉන්දියානු සංචාරකයෙක් මෙහි මුහුදු වැල්ලේ නාන ඇඳුමින් සිටි කාන්තාවන්ගේ ජයාරූප හොරෙන් ගනිමින් සිටියදී එහි සිටි ආරක්ෂක නිලදාරින්ට අසුවී නීති මගට ගෙන ගියා. මේවා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරදි ක්රියාවන්ය. (ර)
මංජු Saturday, 10 October 2015 04:20 AM
මේ වගේ සැමියෙකුට හම්බ කරලා කන්න දෙන්න පිටරට ගිය නෝනා පව් කියන්නේ නැද්ද ? (ර)
මෙලනි Saturday, 10 October 2015 04:12 AM
ගුනවර්දනත් මම හිතන්නේ නෝනාව හම්බ කරන්න පිටරට යවලා නිකම් ගෙදර ඉන්න හවුස් හස්බන්ඩ් කෙනෙක්ද කොහෙද. (ර)
ගුණවර්ධන Saturday, 10 October 2015 03:14 AM
රුවනි,දුල්මි, ඉනෝකා නෝනලාටයි.අනේ පව් නේද, ඒ මනුස්සයාගේ භාර්යාව පිටරටනේ ඉන්නේ (නි)
මහින්ද අර කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 09 October 2015 05:28 PM
ශ්‍රීමතී, ඒ කියන්නේ ඔයාට දකුණේ සුළුතරයක්ගෙන් සහනදායී දේවල් ලැබී තියනවද? (නි)
ශ්‍රීමතී Friday, 09 October 2015 05:41 AM
දකුණේ පිරිමි බහුතරය කොහොමත් අසහනකාරයෝ තමයි (බ)
පත්මබන්දු Friday, 09 October 2015 04:14 AM
මටනම් හිතෙන්නේ ඒ තරුණය පිළිකුල් භාවනාව පටන් ගන්න ඇති ඕව බලල (ම)
සරත් Friday, 09 October 2015 12:04 AM
"මොනවා බලන්නද අප්පා" කියලා හිතෙන්නේ නැද්ද මන්දා. (නි)
ගෞරියෙල් Thursday, 08 October 2015 05:25 PM
පවු අහිංසක කොල්ලෙක් (නි)
දුල්මි Thursday, 08 October 2015 01:07 PM
මේ විදියට බවලතුන් නාන දිහා හොරෙන් බලන ලෝක වාර්තාවත් අපේ වගේ මට පේන්නේ. දැන් සුමානයකට වතාවක් මේ පුවත් තීරයේම මේ වගේ සිද්ධි වාර්තා වෙනවානේ. (බ)
ඉනෝකා Thursday, 08 October 2015 12:00 PM
දකුණේ කරත් උතුරේ, වමේ, බස්නාහිර මොන පැත්තක ඉඳලා කරත් නරක වැඩක් නේ කරලා තියෙන්නේ. හොඳ වැඩේ. (ර)
රුවනි Thursday, 08 October 2015 08:13 AM
මේ වගේ නොහොබිනා වැඩ " ආ මේවා කොහෙත් අද කාලයේ තිබෙනවා " කියමින් සාධාරණිකරණය කරන්න පුළුවන්ද ? ඉන්දියාවේ වැසිකිලි භාවිතය අඩුයි කියලා අපිත් එහෙම කරන්න ඕනද ? (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 08 October 2015 08:03 AM
මිගාර දකුණේ නිසා තමා එහෙම කළේ ...ඔයාලගේ පැතිවලනම් ගෙට පැනල උස්සන් යනකම් දන්නේ නෑ...අන්තිමට මිනිය සොයන්නත් පොලිසියට තමා එන්න වෙන්නේ බල්ලොත් එක්ක ...(බ)
හසිත් Thursday, 08 October 2015 06:44 AM
චතුර , අබ කාපු කෙනාගේ නහය දනවාලු නේද ? (බ)
දන්තනාරායන Wednesday, 07 October 2015 05:12 AM
දැන් ඉතින් බලමු කට්ටිය මේකට දාන අදහස් (නි)
සතිෂ Wednesday, 07 October 2015 02:41 PM
'කොන්ඩයා' ගේ නෑයෙක් වෙන්න ඇති. (හේ)
බණ්ඩාර Wednesday, 07 October 2015 02:31 PM
බැලුවේ නාන දිහා නෙමේ. මල්පදුරුවල ලස්සන මල් දිහා. (හේ)
අජිත් Wednesday, 07 October 2015 02:18 PM
කෝ මේ රන්ජ, ගැහැණු පිටරට පටවන්න එපා කියල කෑගහන කෙනා. අනේ රන්ජ මොකද වෙන්නේ මන්දා. (අ)
චතුර Wednesday, 07 October 2015 01:14 PM
ජයනි මොකද? අපිටත් අම්මලා නංගිලා ඉන්නවා (නි)
ජයනි Wednesday, 07 October 2015 12:42 PM
මේ කැත මානසික ලෙඩේ තියෙන්නේ ලංකාවේ සමහර පිරිමින්ට විතරද කොහෙද (නි)
ගයාන් Wednesday, 07 October 2015 12:23 PM
උණු වතුර නෙමෙයි.අත පය කැඩෙන්න දුන්නා නම් හරි මතක හිටින්න (නි)
අමල් Wednesday, 07 October 2015 12:06 PM
හොද වැඩේ අසහනෙට. (ර)
යහම්පත් Wednesday, 07 October 2015 10:32 AM
උණු වතුර ගැහුවනම් තමයි වඩා හොද.. (බ)
අබරන් Wednesday, 07 October 2015 08:45 AM
මිගාර මේ , දකුණේ අයට නාන්න මුහුද තියෙනවා හරිය.....(ස)
කාන්ති Wednesday, 07 October 2015 08:14 AM
කුණු වතුර නෙවෙයි උණු වතුර බේසමකින් තමයි සංග්‍රහ කරන්න තිබුනේ. ලජ්ජා නැතිව නෝනාව හම්බ කර ගන්න පිටරට පටවලා කල පිරිමි කමට නොගැලපෙන වැඩේට මෙහෙම වෙලා මදි. (ස)
ඉමේෂ් Wednesday, 07 October 2015 08:00 AM
පව් අහිංසකය. නැති බැරි කමටනේ ඔහොම කරේ. සල්ලි තියෙනවා නම් ඔහොම කරන්නේ නැහැ නේ.(ම)
ධම්ම Wednesday, 07 October 2015 06:08 AM
රට සිටින බිරියන් වහාම ගෙදර යන්න. මේ එක සිද්ධියක් පමණි. (නි)
මිගාර Wednesday, 07 October 2015 06:07 AM
ආ දකුණේ නේද? මට නම් පුදුම වෙන්න දෙයක් නැහැ (නි)