(බලන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
අනුන්ගේ නාන කාමර සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරිමට පුරුදුවී සිට ගැටවරයකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පියකු ගැන නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබේ.
සිද්ධිය මෙසේය.
කාන්තාවන් නාන කාමරවලට සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරීමට පුරුද්දක් ඇතිව සිටි අයෙකි. අවස්ථා කීපයක්ම, ඔහු දරුවන්ගේ නාන කාමරයට සහ ඇඳුම් මාරුකරන තැනට එබිකම් කරන බවට පියාට සැකයක් ඇතිවිය. ඔහුට පහරදීම නීතිවිරෝධී බව සිතූ පියා, මේ තැනැත්තාට හොඳ පාඩමක් ඉගැන්වීමට අදිටන් කර ගත්තේය.
නගරයට ගිය පියා වාහන සේවා ස්ථානයකින් කළුතෙල් ගැලූම් දෙකක් බූලියක පුරවාගෙනවිත් නාන කාමරය පිට පැත්තේ වහලේ එල්ලා තැබීය. බූලියේ මූඩියට කම්බියක් ගැට ගසා එහි කෙළවර නිවෙස තුළ රඳවා තැබීය. එදින ? බෝවූ පසු නිවසේ වැඩ හමාරකළ දියණිය මූණ සෝදාගැනීම සඳහා නාන කාමරයට ගියා පමණි. එ අසල ගැවසෙන අයකුගේ සේයාව පියාට දැකගත හැකිවිය. හොඳටම කල්බලා කම්බිය ඇද්දා පමණි. කළුතෙල් බූලියේ මූඩිය ගැලවී, එතැන ගැවසුණ තරුණයා කළුතෙල්වලින් නෑවී ගියේ, සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකි අන්ඳමිනි. පස්ස නොබලා ගෙදර දිවගියත්, ඇඟ පුරා නැහැවී තිබු කළුතෙල් ඔහු ගිය පාර දිගේ බේරී තිබිණි. පසුදින උදේ සිද්ධිය සැලවීමත් සමග කළුතෙල් පාර දිගේ සොයාගෙන ගිය අයට සැකකරු හඳුනාගැනීමට අපහසු නොවීය. රාත‍්‍රියේම වත්ත පහළ දොළට ගිය ඔහු පිරිසිදු වීමට භූමිතෙල් ගැලූමක් සහ සබන් බාර් එකක් ගෙන ගියාලූ. දැන් ?ට නිවෙසින් පිටයන්නේ නැතිලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතුන්ගේ නාන කාමර පීරූ අනංගයාට කළුතෙල් ප‍්‍රහාරයක්
ජිලෝ Thursday, 11 September 2014 02:15 AM
රුවන් නාන තැන ,දවස සහ වෙලාව පාඨක සභාවේ දැන්වීම් තීරයේ දාන්න. වෙලාවට අදාළ කට්ටිය බලන්න ඒවි. (නදී)
සඳරුවන් Monday, 15 September 2014 06:35 AM
දෙයියෝ සාක්කි. (අ)
ලීඩර් Friday, 12 September 2014 09:55 AM
එයා කවුරු වුණත් තාත්තාගේ අනුකම්පාව නිසා කලුතෙල් නාගෙන බේරුනා. (නි)
චන්දි Friday, 12 September 2014 07:43 AM
අමාරුවෙන් ලබා ගන්නා දේ අගෙත් වැඩියි නේද...?සරත් මල්ලි (නදී)
හේවාවිතාරණ Thursday, 11 September 2014 09:30 PM
හෙල්මට් එකක් දා ගෙන වැඩේට බැස්ස නම් ඉවරනේ (නදී)
හේවාවිතාරණ Thursday, 11 September 2014 09:10 PM
මටත් මතකයි මම එළියේ ළිඳකින් නාන විට නාන කාමරේ ඉඳල කෙල්ලෝ කට්ටියක් මන් දිහා බල හිටියා. ඒ ගමන අපේ තාත්තා දඬුවමක් වශයෙන් ඒ කෙල්ලන්ට දූරධර්ශකයක් ගෙනල්ල දුන්නා. ඊට දවස් කීපයකට පස්සේ කට්ටඩියෙක් ගෙනල්ලා ඒ ගොල්ලන්ට නුලකුත් බැන්දා බයට වැටිලා ඉඳලා (නදී)
හේවාවිතාරණ Thursday, 11 September 2014 08:48 PM
කතාවේ හැටියට නම් තරුණයාත් මේ ගෙදරම ඉන්න කෙනෙක් වගේ (නි)
සුගුනවති Thursday, 11 September 2014 05:07 PM
දැන් එතකොට රූපවතිද කොහිල වළ ළඟ නෑවේ? ඉස්සර කාලේ රූපවති අක්කා බොහොම හොඳට ඉන්න ඇති (නි)
පහන් Thursday, 11 September 2014 03:21 PM
ඒ ගමේ ආච්චි කෙනෙක් කියනවලු අපි නානවා බලන්න තමයි කවුරුවත් නැත්තේ කියලා. (නදී)
අජිත් Thursday, 11 September 2014 01:32 PM
අනේ පව්........ (නි)
සරත් Thursday, 11 September 2014 12:01 PM
චන්දි අක්කේ, හොද දේ ලබාගන්න ටිකක් අමරුයිනේ (නදී)
සරත් Thursday, 11 September 2014 11:23 AM
රූපා අක්කේ. බොරුද මන් කියන්නේ. හානියක් නැහැනේ. (නදී)
චන්දි Thursday, 11 September 2014 09:59 AM
එ්ක තමයි රූපා. මටත් මතකයි කොහිල කටුත් ඇනගත්තා. මට හරිම දුකයි සරත් ගැන. (නදී)
වර්නීත් Thursday, 11 September 2014 03:57 AM
හොඳ වැඩේ! (නි)
අජිත් කරුණාරත්න Thursday, 11 September 2014 02:15 AM
රූපවතී නංගියේ, ඔය සරත්ගේ සිද්ධිය මටත් මතකයි අනේ. ඔයා ඒකට තරහවෙලා කාලයක්ම අයියත් එක්ක කතා නොකරත් හිටියා. (නි)
ජනක Wednesday, 10 September 2014 07:33 AM
දැන් එතකොට මේ තරුණයාට මේ ගෙදර සමඟ තිබෙන සම්බන්ධය මොකද්ද? (නි)
රෙජි-සිඩ්නි Thursday, 11 September 2014 01:39 AM
ජනක, ඔබ හරි. ඒ තරුණයාට ඒ ගෙදර සමඟ තියෙන සම්බන්ධය මොකක්ද? අනික නාඳුනන තරුණයෙකු ගෙදරට ඇවිල්ලා දුව නාන එක බලන්න යනවාද? (නි)
අමන්දා Wednesday, 10 September 2014 10:44 PM
දැන් තරුණයන්ට අමුතුම පිස්සු හැදෙන්නේ. නියම දඩුවම (නි)
රූපවතී Wednesday, 10 September 2014 06:19 PM
මට මතකයි ..! සරතුත් ඒ කාලේ යතුරුපැදිය මඟ හංගලා කොහිල වළවල් වල හැංගිලා ගැහැණු ළමයි නාන දිහා හොරෙන් බලා ඉඳලා .. අපේ අයියා සරත් පිටිපස්සෙන් පන්නගෙන ගියා. සරත් වැටි වැටී දිවුවේ... මතකද ..? (නි)
මිනිපෙ Wednesday, 10 September 2014 03:23 PM
අයියෝ මෝඩයා. අර පැලදුවම නොපෙන්නෙන තොප්පියක් හොයා ගත්තනම් ඉවරයි නේ.(අ)
සම්පත් Wednesday, 10 September 2014 03:09 PM
ඕක ඒ කොල්ලගේ වරදක් නෙවි.මානසික රෝගයක්. ඔහුට අනුකම්පකරලා අවශ්‍ය වෛද්‍යවරයෙකුට යොමුකරන්න.. (අ)
සිරිමෙවන් Wednesday, 10 September 2014 11:03 AM
රුවන්, මේ මොනවද කියන්නේ? අපේ බන්දුල පෙරේරා මහතා හැමදාම මෙතන බවලතුන් එකතුවෙලා නාවන්නේ. (නි)
කමල් Wednesday, 10 September 2014 10:58 AM
දැන් එතකොට මේ තරුණයා ගෙදර බෝඩිම්කාරයෙක්ද? (නි)
සමීර සාලින්ද Wednesday, 10 September 2014 09:57 AM
නියමයිනේ! (නි)
රුවන් Wednesday, 10 September 2014 09:55 AM
පිරිමි නානවා බලන්න කවුරුත් නැහැනේ? කාන්තාවෝ කොපමණ වාසනාවන්තද? (නි)
ඉන්දු මෙල්බෙර්න් Wednesday, 10 September 2014 09:21 AM
නුවණැති තාත්ත කෙනෙක් ! (ස)
සරත් Wednesday, 10 September 2014 08:40 AM
දඩුවම හොඳයි. ඒත් ඔය වගේ අයගෙන් ලොකු කරදරයක් වෙන්නේ නැහැ. බලලා ඇති වුණාම යයි. කට්ටිය මට මඩ ගහන්න නම් එපා. (නි)
ධම්ම Wednesday, 10 September 2014 08:26 AM
මෝඩ කොල්ලෙක් සහ අහිංසක පියෙක්. (නි)
චන්දි Wednesday, 10 September 2014 08:24 AM
නියම දඩුවමක්නේ දීලා තියෙන්නේ. (නි)
ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 08:00 AM
මාමාත් හොඳ මොළකාරයා... පැට්‍රොල් ,ඩිසල් ගණන් නිසා නිකන් දෙන කළු තෙල් වලින් දුන් දඬුවම නම් අගෙයි ! (ස)