රාති‍්‍රයේ කාන්තාවන් නිදන කාමරවලට එබිකම් කරන්නට ගොස් අතේ ඇඟිලි පහක් අහිමිකරගත් තරුණයකු ගැන දෙනියාය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
පාසලක ගුරුනේවාසිකාගාරයකට අඳුර වැටී පැය කිහිපයක් ගතවීමත් සමග එබිකම් කිරීමට තරුණයෙක් පුරුදුවී සිටියේය. ඔහු අල්ලා ගැනීමට දින කිහිපයක් ගුරුවරියන් වෙහෙසුනද එම වෑයම අසාර්ථක විය.
මෙම තරුණයාගේ කි‍්‍රයා කලාපය ගුරුවරියන්ට මහත් හිසරදයක් විය. මාසයක පමණ සිට මේ තරුණයා ගැන සෝදිසියෙන් සිටි ගුරුවරියෝ එක් දිනක් නිදි වර්ජිතව සිටීමට කතිකා කර ගත්හ.
එදින අඳුර වැටී පැය කිහිපයක් ගතවනවිට ගුරු නිවාසයේ ජනේලයක් ළඟින් ශබ්දයක් ඇසෙන්ට විය. එක් ගුරුවරියක් කුස්සියේ තිබූ මන්නා පිහියක් අතට ගෙන ජනේලය අසල රැුක සිටියාය. ජනේලයෙන් අතක් ඇතුළු වන අයුරු ගුරුවරියට දැක ගත හැකිවිය. දෑත බදා මන්නයෙන් එම අතට පහර දුන්නාය.
මසක පමණ කාලයක් මනමාලකම් කරමින් සිටි තරුණයා පස්ස නොබලා දිව ගියේ ලේ පෙරාගෙනය. තුවාල වූ අතට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් දමා ගන්න ගියවිට මේ පුවත පිළිබඳව ගම්වාසීන්ට දැන ගැනීමට හැකිවිය. ඇඟිලි පහ කපා ගත්තා මදිවාට ගම්වාසීන්ගෙන් ගුටි පූජාවකටද තරුණයා මැදිවිය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතුන්ගේ නිදන කාමරවලට එබුණු තරුණයාගේ අතැඟිලි කපලා
අලහප්පෙරුම Wednesday, 27 March 2013 10:46 AM
මදැයි ඇගිලි ගහන්න ගියා. (නි)
නිතිල් Tuesday, 26 March 2013 07:56 AM
භයානක මෝඩ වැඩක්. (නි)
නසාර් Tuesday, 26 March 2013 09:40 AM
ගුරුහොරු සහ එබිකම් කරන හොරු. (නි)
විරාජ් Tuesday, 26 March 2013 09:43 AM
ගුරුවරියට ජීවිත කාලය පුරාම පසුතැවීමක් ඉතුරුවේවි. (නි)
පාල Tuesday, 26 March 2013 10:02 AM
දඬුවම හොදයි. (නි)
අමිල Tuesday, 26 March 2013 11:52 AM
පුදුම ගුරුවරියක්නේ? (නි)
අමිල Tuesday, 26 March 2013 01:50 PM
අපරාධ කාරයෙක්ට දඬුවමක් හම්බුවුණහම ඒක හෙලා දකින මේ වගේ මිනිස්සු ඉදිද්දි කොහොමද රටේ නිතිය සදාචාරය පවතින්නේ. මේක තමුන්ට ටිකක් ආදේශ කරලා හිතුවා නම් හොඳයි මහත්වරුනේ, තමුන්ගේ බිරිඳ, දුව හෝ මව ඉන්න කාමරයකට එබිලා බලන වනචරයෙක් දැක්කම ඒ මිනිහට මෛත්‍රී කරනවද වෙන දෙයක් කරනවද කියලා තම තමුන්ම හිතලා බලන්න. (නි)
කුමාරු Tuesday, 26 March 2013 03:04 PM
දැන් පොලිසිය තරුණයාට සහ ගුරුවරියට විරුද්ධව පියවර ගත යුතුයි . නීතිය අතට ගැනීම භයානක පුර්වාදර්ශයකි. එම තරුණයා පිළිබඳව කලින් පොලිසියට පැමිනිලි කළ යුතුව තිබුනා (නි)
ශෙහාන් Tuesday, 26 March 2013 04:52 PM
මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද ගුරුවරියෝ ටික ජනෙල් ඇරගෙන නිදාගන්නේ? මේ වගේ සිද්ධියක් තියෙනවා නම් වහගෙන නිදා ගන්න තිබුණනේ. (නි)
ටානියා Wednesday, 27 March 2013 07:20 AM
මොනවා වුණත් ඇය නියම ගුරුවරියක්. (නි)
කුෂාන් Wednesday, 27 March 2013 08:22 AM
කපන්නයි තිබුණේ (ස)
ඡායා Wednesday, 27 March 2013 08:18 AM
කරපු වැඩේ හරියටම හරි. ප්‍රතිචාර දාන අයට ඔච්චර මනුස්සකමක් තිබුනා නම් ඇවිත් දවස් දෙක තුනක් රැකලා ඉදලා හොරාව අල්ලගන්න තිබුනනනේ.(නදී)
හේනේගම සෝභිත හිමි Wednesday, 27 March 2013 09:01 AM
ප්‍රතිචාර ටිකෙන් ලංකාවේ ඉන්න මිනිස්සු තුනෙන් දෙකක් තාර්කිකව කල්පනා කරන බව පේනවා. මෙහෙම හිතන්න පුලුවන් මිනිස්සු ඉදලත් ඡන්දෙන් පත්වූ දේශපාලකයෝ මෙහෙම වුනේ මොකද කියන එක තමයි ගැටලුව.(නදී)
හේවාවිතාරණ Tuesday, 26 March 2013 02:53 AM
ඇති ඔයින් බේරුණා. (නි)
නිවන්ත Wednesday, 27 March 2013 10:50 AM
ගුරුවරියන්ගෙත් මොනවාහරි අඩුපාඩුවක් තියෙන්න ඇති. ඒකනේ මෙයා මෙච්චර එබිලා තියෙන්නේ. (නි)
පුෂ්පා Wednesday, 27 March 2013 11:39 AM
ඇගිලි නෙමෙයි කපන්න තිබුණේ. (නි)
පුෂ්පා Wednesday, 27 March 2013 11:48 AM
පේනකොට මතක් වෙයි කල වරද (දී)
චරිත් Wednesday, 27 March 2013 12:51 PM
අහිංසකයා පවු (නි)
දීපා Wednesday, 27 March 2013 10:56 PM
මදැයි කොර ගත්තා (දී)
සාලිය Thursday, 28 March 2013 06:30 AM
මෙවන් කාන්තාවන් ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. (නි)
චන්ද්‍රා Friday, 29 March 2013 01:51 AM
මෙහෙම එබෙන්න ගියහම වෙන දේකට මුහුණ දෙන්න වෙනවා. (නි)
කෝලිත Friday, 29 March 2013 11:26 AM
මේ ගුරුවරියව ගැළපෙන්නේ සෞදි අරාබියාවට. (නි)
මනෝජ් Monday, 08 April 2013 09:44 AM
පවු අහිංසකයා ඇස් තියෙන්නේ බලන්න.(නදී)
මධූ Monday, 22 April 2013 11:34 AM
අපේ පොලීසියට කිව්වා නම් කියයි හොරාව අල්ලලා පොලීසියට බාර දෙන්න කියලා.ගුරුවරිය කරපු දේ හරියට හරි. (නි)
ලක්ෂිකා Tuesday, 23 April 2013 09:25 AM
සරත්, ඔබ කියන්නෙ හොරා නිරුපද්‍රිතව අල්ලා ගන්න කියලද? මට හිතෙන විදිහට ඔබත් ඒ හොරා සමග ආව කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
රුවන් Monday, 25 March 2013 03:05 PM
ගුරුවරියෝ ඔහොම තමයි. (නි)
දයා Monday, 25 March 2013 10:31 AM
සිත පාලනය කර ගැනීමට බැරිවීම කණගාටුවට කරුණක්. ඇඟිල පහ වෙන්කිරීම ගැන ගුරුවරියන්ට ජීවිත කාලය තුලදීම කම්පාවන්නට සිදුවනු ඇත (ස)
වරුණ Monday, 25 March 2013 10:38 AM
ඇති ඇගිලි වලින් බේරුණා. (නි)
රොශාන් Monday, 25 March 2013 10:55 AM
මානසික රෝගියෙක්ව ගුරුවරියන් කොහොම අල්ලන්නද? හොද වැඩේ (ස)
රූපාවතී Monday, 25 March 2013 10:55 AM
හොඳ වැඩේ ? ඉතුරුවෙලා ඉන්න මානසික ලෙඩ්ඩු ටිකගේ ලෙඩත් දැන් සනීප වේවිනේ (ස)
රම්‍යා Monday, 25 March 2013 11:09 AM
ඇඟිලි නෙමෙයි කපන්න තිබුනේ (ස)
සරත් Monday, 25 March 2013 11:12 AM
ගුරුවරයෙක් කියන්නේ හොද මානසික සමබරතාවයක් ඇති කෙනෙක්. ටිකක් හිතුවා නම් ගුරුවරයාව අල්ලන්න තිබුණා. (නි)
හේරත් Monday, 25 March 2013 11:42 AM
මේ නෝනාව අර වැලිකඩ පුරප්පාඩුවට යවන්නයි තිබුණේ. (නි)
මොරිස් Monday, 25 March 2013 12:13 PM
අත නොදා ඔලුව දාලා තිබුණානම් අරාබි දඬුවම තමයි එහෙනම් ...හපෝයි (ස)
ඉෂාර Monday, 25 March 2013 12:41 PM
ඔහොම වෙලා මදි ඔය ජරා මිනිස්සුන්ට (ස)
ජයවීර Monday, 25 March 2013 01:08 PM
කොහොම අල්ලන්නද? දඬුවම හොදයි , වැරදි වැඩක් (ස)
යොහාන් Monday, 25 March 2013 01:52 PM
සෞදියේ දඩුවමක් දීලා තියෙන්නේ . ඇගිලි 5 මල්ලක දාගෙන මානව හිමිකම් යාවිද දන්නේ නෑ (ස)
සරත් Monday, 25 March 2013 09:48 AM
තරුණයාගේ වැඩේ වැරදියි. ඒත් ගුරුවරියටත් තිබුණනෙ එයාව නිරුපද්‍රිතව අල්ලා ගන්න. (නි)
නදිත Monday, 25 March 2013 03:21 PM
ඔව් දැන් නීතියක් නැති නිසා තම තමන්ම පුළුවන් විදියට වැරදිකාරයන්ට දඬුවම් දෙන්න. උසාවි යන්නයි නීතීඥයන්ට අතේ තියෙන තුට්ටු දෙක දෙන්නයි වෙන්නෙ නෑ එතකොට ...(ස)
ලලිත් Monday, 25 March 2013 03:39 PM
නියම දඩුවම . ගුරුවරියන් හරිම දක්ෂයිනේ. ඔය වගේ වැඩ වලදී ලද බොළඳකම් අමතක කරන්න ඕන (ස)
ලහිරු Monday, 25 March 2013 05:39 PM
ඇති ඔයින් ගියා (දී)
පිටිගල Monday, 25 March 2013 06:12 PM
අල්ලලා හොදවැයින් දෙකක් දීලා අවයවයක් කපලා යවන්නයි තිබුණේ. (නි)
සිල්වා Monday, 25 March 2013 07:29 PM
නියම දඩුවමක් තමයි දීලා තියෙන්නේ (දී)
හේරත් Monday, 25 March 2013 08:27 PM
අංගුලිමාල ච්ත්‍රපටයේ නවතම නිලිය සමිමානය මේ නෝනට හිමිවේ.(නදී)
සෑම් Monday, 25 March 2013 10:11 PM
මොනවා කිවුවත් වැඩේ නම් වැරදියි. (නි)
ආනන්ද බන්දුලසිරි Monday, 25 March 2013 10:44 PM
ලස්සන, සදාචාරවත් හිනිදුමට ඇයි මෙසේ සිදුවූයේ කියා ගම්මට්ටමේ නායකයින් ටිකක් අවදානය යොමු කළයුතු කාලයයි මේ. (නි)
ගලබඩ Tuesday, 26 March 2013 12:20 AM
ඇගිලි දාලා ඔහොම නම්.... ඉතුරු හරිය අපිට හිතාගන්න පුළුවන්. (නි)
රවී Tuesday, 26 March 2013 12:32 AM
මදැයි ඔයින් ගියා. (නි)
මහින්ද Tuesday, 26 March 2013 12:46 AM
මෙම ක්‍රියාව ගුරුවරයෙකුට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. (නි)