X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


කතුන්ට නිරුවත පෙන්වූ අනංගයා පොලිස් කූඩුවේ

කාන්තාවන්ට නිරුවත පෙන්වමින් හා හිරිහැර කරමින් දින ගණනාවක් තිස්සේ බදුල්ල දියනාවල ප‍්‍රදේශයේ සැරිසැරූ බව කියන පුද්ගලයෙක් ප‍්‍රදේශයේ කාන්තාවන් විසින් අල්ලා දෑත් දෙපා බැඳ ඊයේ (03) බදුල්ල පොලිසියට බාර දුන් පුවතක් දියනාවලින් වාර්තා වේ.

සැකකරු බදුල්ල කොහොනාවල කන්දේගෙදර මාර්ගයේ දියනාවලට නුදුරු ලඳුකැලෑ ප‍්‍රදේශයක සැඟ වී සිටිමින් පාරේ යන එන ගැහැණුන්ට නිරුවත පෙන්වතියි කියති.

මෙම පාළු ස්ථානයට පහලින් පිහිටි අතහැර දමා ඇති නිවසක රැුඳී සිටිමින් ද ඔහු අශිලාචාර ලෙස හැසිරෙතියි කියති.

අත්අඩංගුවට පත්වූ සැකකරු බදුල්ල වේවැස්ස වත්තේ පදිංචි කරුවකු බවත් ඔහුට විරුද්ධව කාන්තාවන් කීපදෙනෙක්ම ඊයේ (03) පැමිණිලි ඉදිරිපත් කළ බවත් බදුල්ල පොලිසිය පවසයි.

සැකකරුට අයත් යතුරු පැදියක් ද එම ස්ථානයේ තිබී බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

කතුන්ට නිරුවත පෙන්වූ අනංගයා පොලිස් කූඩුවේ

ස්වින් Wednesday, 05 February 2014 09:08 AM

මිනිස්සුන්ට තියෙන්නේ මාර අසහන (දී)

:       0       0

මුතු Tuesday, 11 February 2014 10:04 AM

මානසිකත්වයකින් පෙළෙන නිසා එවැනි තත්වයකට පෙළමී ඇති බැවින්, දඩුවමි කිරීම වගේම ප්‍රතිකාර කිරීමත් වැදගත් (දී)

:       0       0

මාවිත්තර Tuesday, 11 February 2014 09:56 AM

හොද මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන්න (දී)

:       0       0

විශ්ව Tuesday, 11 February 2014 04:35 AM

මානසික රෝගීන් (දී)

:       0       0

ප්‍රදිප් විතාරණ Monday, 10 February 2014 06:03 AM

මෙහෙම දේවල් මානසික ලෙඩ්ඩු කියලා අතාරින්ඩ හොද නෑ. මේ වගේ පහත් මිනිස්සුන්ට නැවත මේ වගේ දෙයක් නොකරන්නත් මෙහෙම දේවල් කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් දැනෙන්ඩ පාඩමක් උගන්නන්ඩ කියලා තමයි මම අපේ නීතිය කරන මහත්වරුන්ගෙන් ඉල්ලා හිටින්නේ. (නදී)

:       0       0

සමීර Wednesday, 05 February 2014 03:57 PM

ඔහොම ලෙඩ්ඩු ඉන්නවා මේ සමාජයේ (දී)

:       0       0

චමී Wednesday, 05 February 2014 03:47 PM

නිලූ ඔබ හරි.මොහු මානසික රෝගියෙක්.වෛද්‍ය ප්‍රතිකාර කිරිම වැදගත්. (දී)

:       0       0

සත්‍යයා Wednesday, 05 February 2014 01:24 PM

මුළු රටටම නිරුවත පෙන්වන පාලක නඩය කිසිම චකිතයකින් තොරව ඒ වැඩය දිගටම කරගෙන යනවා. වෙනස බදුල්ලේ මානසික රෝගියෙක් වස්ත්‍ර නැතිව ඒ දෙය කිරීමත්, අපේ නඩය නිරෝගී කියමින් වස්ත්‍ර ඇඳගෙනම ඒ වැඩය කිරීමයි. (අ)

:       0       0

සේවන්දි Wednesday, 05 February 2014 11:37 AM

මේක මානසික ලෙඩක් මම අහලා තියෙන විදිහට නම්.ඒ මනුස්සයට අනුකම්පා කරලා මානසික රෝහලකට ඇතුලත් කරන්න ඕනේ.ඒ වගේම ඒකට විරුද්ද වෙලා ක්‍රියා කරපු අයගේ ශක්තිය අගය කල යුතුයි. (අ)

:       0       0

නිරෝෂි Wednesday, 05 February 2014 11:25 AM

හොඳ කාන්තාවන් පිරිසක් වැදගත් දෙයක් තමයි කරලා තියෙන්නේ (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 04 February 2014 11:00 AM

මානසික රෝගියෙක්.අගය කලයුතු කතුන්.වැරැද්ද තේරුම් කරදී ප්‍රතිකාර කිරීම වැදගත් මේ රෝගියාට. (දී)

:       0       0

සේනක Wednesday, 05 February 2014 09:01 AM

නැවත මෙවන් හිරිකිත වැඩ නොකරන්න දඩුවමක් දෙන්න ඕනේ (දී)

:       0       0

සුජීව පද්මකුමාර Wednesday, 05 February 2014 08:02 AM

අහන්නත් පුදුම දෙයක්. (නදී)

:       0       0

නන්දන Wednesday, 05 February 2014 04:25 AM

මෙයා ඇත්තම මානසික රෝගියෙක්. මේ වගේ තව සිය දහස් ගණනක් ලංකාවේ ඉන්නවා (දී)

:       0       0

දොන් රොෂාන් Wednesday, 05 February 2014 04:10 AM

කතුන් කලේ හොද දෙයක් මානසික රෝගියෙක් නිසා සමාවදී කරුනු පහාදා දෙන්න (දී)

:       0       0

ධම්ම Wednesday, 05 February 2014 12:14 AM

මෙවන් රෝගීන්ට අනුකම්පා කරන්න. වැඩිහිටියන් මාර්ගයෙන් වෛද්‍ය සායනයකට යොමු කිරීමට කටයුතු කරන්න. (ස)

:       0       0

මයුර Tuesday, 04 February 2014 09:48 PM

පියුමි ..ඒ හත්..අට ..වතාවේම ..බලාගෙනද හිට්යේ..? මට පියුමි ගැන හරි දුකායි. (ස)

:       0       0

සමන්ති Tuesday, 04 February 2014 09:22 PM

මෙය මානසික (DISORDER) අක්‍රමිකතාවකි. (EXHIBITIONISM-ප්‍රදර්ශන කාමුකත්වය). මානසික රෝගවලට ප්‍රතිකාර කරන දොස්තර කෙනෙකුට පෙන්වා ප්‍රතිකාර කලයුතුයි. (ස)

:       0       0

වසන්ති හේරත් Tuesday, 04 February 2014 08:59 PM

මම ඉස්කෝලේ යන කාලෙත් මෙහෙම මිනිහෙක් හිටිය.අපේ අක්ක තව අක්කා කෙනෙක් එක්ක ඒ මිනිහව අල්ලලා ගස් බන්දා ඒ මිනිහ එතකොටත් හිටියේ ඇඳුම් නැතිව (අ)

:       0       0

පියුමි Tuesday, 04 February 2014 08:37 PM

අපේ ගෙවල් ළඟ මිනිහෙක් හත් අට දවසක්ම මේ වැඩේ කරනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site