දර ළිපේ කෑම පිසීම නිසා තමා වෙතින් වහනය වන දුම් ගඳ මර්දනය කිරීමට උදෑසන රැකියාවට යාමට පෙර වෙනදාට වඩා සුවඳ විලවුන් පාවිච්චි කරන බිරිඳ පිළිබඳව සැක සිතූ සැමියා හොර රහසේ ඇයගේ කාර්යාලයට ගොස් ඇය ගැන විපරම් කර බැලූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
තවමත් තරුණ විය ඉක්ම නොගිය ඉතා ජැන්ඩි පහට අඳින පළඳින ඇය දුටුවන් සිත් වසඟ කරවන මනා රූසපුවකින් යුක්තය. ඇය නගරයේ කාර්යාලයක පෞද්ගලික සහකාර තනතුරක් හොබවන අතර ස්වාමියා කුඩා ව්‍යාපාර කටයුත්තක් කරගෙන නිවසේ කටයුතුද බලා කියාගෙන සිටී. මේ අතර පවතින ගෑස් අර්බුදය නිසා මෙතෙක් කලක් අතහැර දමා තිබූ මුළුතැන්ගෙයි දර ළිපට යළි පණදීමට මොවුන්ට සිදුවිය.
දවස් කීපයක් වත්තෙන් පිටියෙන් සොයාගෙන ආ දරවලින් කෑම පිසුවද පැවති වැස්සට අසුවී දරටික තෙමීම නිසා උදෑසන ආහාර පිළියෙල කිරීමේදී දුම් නාගෙන දස වද විඳීමට ඇයට සිදුව තිබිණ.
මේ තත්ත්වය නිසා සේවයට යාමට පෙර වෙනදාටත් වඩා සෙන්ට් පවුඩර් පාවිච්චි කිරීමටද ඇයට සිදු විය.
උදේ පාන්දර දර ළිපත් සමඟ කරන ලද ගෝතකරුමයෙන් හෙම්බත්වූ ඈ දිනක් තම ස්වාමියා අමතා මෙසේ දෝස් මුරයක් එල්ල කළාය.
‘‘අපෝ මටනම් බෑ මේ වදේ කරන්න. ඊටත් මම කොහොමද ඔෆිස් එකේ මනුස්සයෙක් ළඟට ගිහින් වැඩ කරන්නෙ. ඉහින් කනින් දුං ගඳයි දැළි ගඳයි, ඔයාම උයන්න, එහෙම බැරිනම් මොන ලෝකෙක හරි ගිහිල්ල ගෑස් සිලින්ඩරයක් ගේන එකයි ඇත්තෙ., මට නං මේ සුමේ තවත් කරන්න බෑ බෑ බෑමයි”.
ඇයගේ ඒ හෑල්ල ඇසීමෙනුත් ඇය මෑතක සිට උදෑසන වෙනදාට වඩා සෙන්ට් පවුඩර් උලනු දැක ඇති නිසාත් සැකය මුසු කෝපයකින් ඔහුගේ මනස අවුල් විය.
‘‘මිනිස්සු ළඟින් ගියාට මොකෝ, තුරුල් කරගෙන හිටියොත් නේ ගඳ දැනෙන්නෙ” යැයි ඔහුගේ කටින් පිටවුණේ ඇයගේ තනතුර පිළිබඳවද ක්ෂණිකව ඔහුගේ සිතට සැකයක් පහළවූ නිසා විය හැකිය.
වචන හුවමාරුව වැඩිදුර නොයවා පාලනය කර ගැනීමට දෙදෙනාම සමත් වුවද බිරිඳ ගැන ඇගේ කාර්යාලයට ගොස් විපරම් කර බැලීමට හේ ඉටා ගත්තේ වෙනදාට වඩා ඇයගේ මේ වෙනස කාර්යාලයේ කා සමඟ හෝ වැඩි ඇඟෑළුම්කමක්වත් තිබෙන නිසාදැයි සොයා බැලීමටය.
ඒ අනුව දින කීපයක්ම ඇයට නොදැනෙන්නට කාර්යාලයට ගොස් සහ වෙනත් ක්‍රම මගින් ඇය ගැන විපරම් කර බලා ඇති ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇය කන්තෝරුවේ සිටින විනයගරුක මෙන්ම සංවරශීලීම නිලධාරිනියක් බවලු.
පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කන්තෝරු යන බිරිඳගේ සෙන්ට් සුවඳ පස්සෙන් සැමියා හොරෙන් ගිහින්