X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


කන්තෝරුවෙ ලොක්කාටත් රැග් එකක් දීලා

 තම ආයතන ප්‍රධානියා අලුතින් මිලදීගත් නවීන පන්නයේ මෝටර් රථය වටා කොල අතු හා ඉටි රෙදි එල්ලා ආතල් එකක් ගත් එම ආයතනයේ සේවක පිරිසක් පිළිබද පුවතක් ලංකාදීපයට වාර්තා විය.


සිද්ධිය මෙසේය.


ඔහු තම ආයතනයේ සේවකයින් සමග මිතුරෙකුසේ රාජකාරි කරන බෙහෙවින්ම සුහදශිලී ආයතන  ප්‍රධානියෙකි. තමුන් සමග සේවය කරන උපාධිධාරියාගේ සිට කම්කරුවා දක්වාම කුලුපගව කටයුතු කරන ඔහුට ඔවුන්ගෙන්ද හිමිවූයේද අපූරු ලෙන්ගතු බවකි..


පසුගිය දිනෙක ඔහු කලක් තිස්සේ ඉතිරිකරගත් මුදල් හා බැංකු ණයකින් ලබා ගත් මුදලකින් නවීන පන්නයේ මෝටර් රථයක් මිලදීගත් අතර එය පසුදිනම ආයතනය වෙත රැගෙන ඒමටද අමතක නොකළේය.


මෝටර් රථය තම ආයතනය ඉදිරිපස නතර කළ හෙතෙම දෛනික කටයුතු සඳහා තම කාර්යාල කාමරයට ගියේ ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාටද තම අලුත් මෝටර් රථය පෙන්වමිනි.


කෙසේ වෙතත් පැය කීපයකට පසු  කිසියම් අවශ්‍යතාවක් සඳහා කාර්යාලයෙන් පිටතට පැමිණි ඔහුට දක්නට ලැබුණේ තම අලුත්ම මෝටර් රථය වැසෙන තරමට එය වටා කොළ අතු, ඉටිරෙදි කැබැලි, විවිධ වැකි ලියූ පයිල් කවර හා ටින් කැබලි එල්ලා ඇති අයුරුය.


තමන් දුටු දර්ශනයෙන් මුවඟට මද සිනහවක් නංවාගත් හෙතෙම එහි සිටි ආරක්ෂක නිලධාරියාගේද සහාය ඇතිව පරිස්සමින් සියලු_ සැරසිලි ඉවත් කොට මෝටර් රථය පණ ගන්වාගෙන ආයතනයෙන් පිටව ගියේ “මේක සරසපු උන්ට කියපං ඕක පේස් බුක් එහෙම දාන්න එපා කියලා” යනුවෙන්   පවසමිනි.

(වියලුව වාර්තාකරු) 

 



අදහස් (0)

කන්තෝරුවෙ ලොක්කාටත් රැග් එකක් දීලා

සරත් Thursday, 09 February 2017 12:09 AM

උදෙන්ම දුටු මේ පුවත නිසා දවසම හොඳ වෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 09 February 2017 01:27 AM

කාර් එකට හානියක් නොවුණා නම් ඉතින් කමක් නැහැ. ආයතන ප්‍රධානියා තනතුරෙන් ඔලුව උදුම්මාගත් කෙනෙක් නොවන බවයි පෙනෙන්නේ. එහෙම අයට ආයතනයක් පවත්වාගෙන යාම හරිම පහසුයි. (නි)

:       0       0

බමුණුසේන Thursday, 09 February 2017 02:51 AM

මේ ආයතන ප්‍රධානියාට වැඩ ටික කරගෙන යාමට අනික් අයගෙන් සපෝර්ට් එක ලැබෙනවා ඇති. ආයතන ප්‍රධානියෙකු හැටියට ලැබියයුතු දෙයත් එකයි (නි)

:       0       0

ජනහිත Thursday, 09 February 2017 03:04 AM

පේනවා නේද වැඩ? ඕනවට වැඩිය කුළුපගවීමේදී තමන් අපහසුවට පත්වෙන හැටි. සේවකයෝ දැනගන්න ඕනෑ තම ඉහළ නිලධාරියාගේ තත්වය රකින්න. මෙයට හේතුව දැනුමේ අඩුපාඩුවක් වෙන්න ඕනෑ. ඔයිට වැඩිය හොඳ නැද්ද කේක් එකක් ගෙන්නාගෙන කවුරුත් එක්ක එකතු වෙලා භුක්තිති වින්ඳා නම්. එය ඔය විහිලුවට වැඩ විනෝදකාමියිනේ. (නි)

:       0       5

කෝසල Thursday, 09 February 2017 04:03 AM

වෙලාවට ජනහිත වගේ බොස් කෙනෙක් නොවුණේ (නි)

:       0       1

ජනහිත Thursday, 09 February 2017 05:17 AM

ඇත්ත කෝසල, මම බොස් වෙලා ඉන්න කාලේ කාටවත් මම හිරිහැර කළේ නැහැ වගේම කවුරුත් එක්ක හොඳින් හිටියා. ඔය වාගේ කටයුතු කළෙත් නැහැ. එහෙම වුණා නම් මට රාජකාරිය කරගන්න අමාරුවෙනවා. හැබැයි මෙහෙම වුණ නිසා මගේ ලොක්කෝ මට නොයෙකුත් වද දුන්නේ වැඩ පැහැර හැරලා නොවෙයි, මගේ ගෝලයින්ට අනවශ්‍ය හිරිහැර නොකළාටයි. මගේ පැත්තයි, ඒ ගොල්ලන්ගේ පැත්තයි, ලොක්කන්ගේ පැත්තයි, රාජකාරියේ පැත්තයි ඔක්කොම සමබරව ගෙනිච්චා (නි)

:       0       0

දම්මි Thursday, 09 February 2017 10:00 AM

පුදුමාකාර මානසිකත්වයක් තියෙන්නේ මේ මිනිසුන්ට (නි)

:       0       5

පිටබැද්දර ජයා Friday, 10 February 2017 06:25 AM

අහිංසක විහිළුවක්. සුන්දර ලොක්කෙක් (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 11 February 2017 08:57 AM

වෙලාවට ජනහිත වගේ අය බොස් කෙනෙක් නොවුණේ (නි)

:       0       0

නුවන් Saturday, 11 February 2017 11:34 AM

ජනහිත හරි. ලංකාවේ රථවාහන මිලත් එක්ක බැලුවම කවුරුවත් කැමති නැහැ තමන්ගේ අලුත්ම වාහනයට මෙහෙම කරනවට. වඩා යහපත් සහ ශිලාචාර වෙන්නේ කේක් එකක් කපනවා වගේ දෙයක්. ලොක්කා වෙනුවෙන් මේ වගේ දෙයක් ටිකක් ගෝත්‍රික වගේ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 13 February 2017 08:09 AM

මෙතන වෙලා තියෙන්නෙ සම්පූර්ණයෙන් විහිළුවක් විතරයි. ආයතන ප්‍රධානියා බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කරලා තියනවා. හැබැයි මේ කුළුපග බව රාජකාරියට බාධාවක් නොවන පරිදි කළමණාකරණය කර ගත යුතු බවයි මේ සිද්ධියේ හැඟෙන පණිවුඩය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site