ආයතනයේ කාර්යාල කාර්ය සහයකවරයා විසින් අල්ලා ගන්නා ලද මීයා ලිපිකාරිනියගේ සාරිය අස්සට රිංගා ගැනීමෙන් කාර්යාලය එකම ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න රාජ්‍ය ආයතනයකින් වාර්තා වේ.
වාර්තා වූ පරිදි සිද්ධිය මෙසේය.
අදාළ රාජ්‍ය ආයතනයේ මීයන්ද බහුලව ගැවසීම නිසා එහි ඇතැම් ලිපි ලේඛන ඇතුළු බඩු බාහිරාදියට හානි සිදුවූ අවස්ථාද එමටය.
මේ අතර එම මී උවදුරට එරෙහිව ක්‍රියා කිරීමට තම රාජකාරියන්ට අමතරව පැවරී තිබුණේ තවමත් තරුණවියේ පසුවන සෙල්ලක්කාර ගති පැවතුම් ඇති එහි කාර්යාල කාර්ය සහයකයෙකුටය.
එදින උදෑසන කාර්යාලය විවෘත කළ පසු තම මී උගුලකට අසුවී සිටි මීයෙකු පිටතට රැගෙන එමින් සිටි සේවකයා එහි නිලධාරීන්ට හා නිලධාරිණියන්ට මීයා ළං කරමින් උසුළු විසුළු කර බිය වැද්දීම් කළේ ඔහු තුළ තිබූ සෙල්ලක්කාර ගති නිසාමය.
කෙසේ නමුත් එසේ රැගෙන ආ මීයා හදිස්සියේ සේවකයා අතින් ගිලිහී සිය ජීවිතාරක්ෂාව පතා රිංගාගෙන ඇත්තේ එහි ප්‍රධාන ලිපිකාරිණියගේ සාරිය ඇතුළටය.
සිද්ධියෙන් දැඩි ලෙස බියට පත්වූ ඇය කෑ කෝ ගසමින් ඒ ආසන්න මේස මත තිබූ ලිපි ගොනු පමණක් නොව මල්පෝච්චි පවා බිම දමමින් අවසානයේ බිම ඇද වැටුනාය.
මේ අතර මෙතෙක් ප්‍රධාන ලිපිකාරිනියගේ සාරියේ සැඟව සිටි මීයාද ඇගෙන් මිදී සුපුරුදු කාර්යාල වාස භූමිය කරා දිවගිය බව වැඩිදුරටත් වාර්තා වේ.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කන්තෝරුවේ මීයා නෝනාගේ සාරිය අස්සට රිංගලා
ලංකා රානි Saturday, 29 December 2018 11:12 PM
මීයන්ට ගැහැණුන් පමණක් නොවෙයි, සමහර පිරිමිත් බයයි. පොඩි බටු මීයෙක් දැක්කත් පුටු උඩට නගින පිරිමි දැකලා තියෙන නිසා කියන්නේ. බොරු කියන්නේ මක්කටෙයි, මාත් එහෙමයි....
surangaSunday, 30 December 2018 01:56 PM
ගැහැණු නම් බයයි තමයි... එ්ත් පිරිමි? ...ඔයා කැපුවත් කොළද?
ලංකා රානිSunday, 30 December 2018 05:09 PM
සුරංග මල්ලී ඔයා දැන්ද නැගිට්ටේ ? අලියෝයි ,මීයෝයි ඔයා පටලවාගෙන නේ .අලුත් අවුරුද්දට පටලැවින්ල හරි යයි. සුබ අලුත් අව්රුද්දක් !