කසිප්පු වැටලීමකදී පෙරුම්පොළ අතහැර පළා ගිය බව කියන සැකකරුවකු ඔහුගේම නිවසේ ඇඳක් යට සැඟවී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව නව ගත්තේගම පොලිසිය කියයි.
ඔහු 45 හැවිරිදි තිදරු පියකු බවත් පොලිසිය පැවැසීය. මොහු ප්‍රදේශයේ දොළ පාරක් අයිනේ කසිප්පු පෙරීමේ නිරතව සිටින බවට නවගත්තේගම පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඉකුත් 15 දින සවස අදාළ පෙරුම් පොළ වටලා ඇත.
කෙසේ හෝ මේ පිළිබඳව දැනගත් සැකකරු පලා ගොස් ඇත. මෙහිදී කසිප්පු ස්ප්‍රීතු බෝතල් 45 ක් හා පෙරීමේ උපකරණ කට්ටලයක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර සැකකරු ඔහුගේ නිවසේ සිටින බවට ද පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ඊයේ (16) දින උදෑසනම සැකකරුගේ නිවෙස වටලා ඇත. එහිදී සැකකරු ඔහුගේ නිවසේ ඇඳක් යට සැඟවී හොරට නිදා සිටියදී සොයා ගැනීමට හැකිවූ බවත් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සමග සිද්ධියට අදාළ කසිප්පු තොගය හා ඒවා පෙරීමට යොදාගත් උපකරණ කට්ටලය ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත සහ ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා සමග පොලිස් සැරයන්වරුන් වන (41440) ධර්මසිරි, (32466) හේරත් සහ පොලිස් කොස්තාපල්වරුන් වන (271232) කැළුම්, (34092) ගුණතිලක මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කසිප්පු පොළ වටලද්දී ගෙදර ඇඳ යට බොරුවට නිදා ඉඳලා
පුෂ්පකුමාර Wednesday, 17 February 2016 01:58 PM
සාධාරණ මිලකට මත් පැන් පොදක් තොල ගාන්න තිබුනා නම්, කසිප්පු බොන්නේ නැහැනේ මිනිස්සු. මුදල් තියන අයට රට බීම තිබුනට දුප්පත් අපිට කොයින්ද ඒවා?(අ)
සමන්ති Wednesday, 17 February 2016 11:14 PM
ගෙදර ඇඳ යට නිදාගන්න තහනම් නැහැනේ (නි)