(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියකි. ප්‍රධාන මාර්ගයේ කහ ඉරෙන් හැර වෙනත් තැන්වලින් පාර පනින මගීන් ගැන පසුගියදා සෝදිසියෙන් සිටි පොලිස් නිලධාරියකු එසේ නුසුදුසු තැනකින් පාර හරහා දිවගිය කෙනකු ‘‘විසිල්’’ ගසා තමා ළඟට කැඳවීය.
පොලිස් නිලධාරියා ළඟට ආ මගියා දුටුවේ මේ තම ඥාති අයියා කෙනකු බවය. ‘‘ ආ අයියෙ මම දැක්කේ නෑ. දැං මෙහේ පොලිසියෙද වැඩ කරන්නේ.’’ කියා ඇසුවේ සුහද ලෙස සිනාසී ගෙනය.
‘‘ඔව් මල්ලි’’ කී පොලිස් නිලධාරියා ඔහුට පසෙකට වන්නට සංඥා කොට මාර්ගයේ වූ බාධක ද පරීක්ෂා කර බලා යළි ඔහු වෙතට ආවේ සාක්කුවෙන් කුඩා නෝට් පොතක්ද රැගෙනය. ‘‘මල්ලි නෑකම වෙනයි රාජකාරිය වෙනයි. පාරේ තහනම් තැනකින් පැන්නට දඩ කොළයක් ලියන්න වෙනවා’’. කීමෙන් මල්ලිට තරු පෙනිණි. කිසිදු හිනාවක් නැති පොලිස් අයියාගෙන් දඩ කොළය ගත් මල්ලි ඉවතට ගියේ තමන්ටම මොනවාදෝ කොඳුරමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කහඉරෙන් පාර නොපැන්නාට පොලිස් නෑයාගෙන් දඩ කොළයක්
පහන් Thursday, 04 September 2014 10:29 AM
එක පොලිස් නිලධාරියෙක් රියදුරු බලපත්‍රය පරික්ෂා කිරීම සදහා කාන්තාවක් පැදවූ මෝටර් රථයක් නතර කරනු ලැබුවා. කාන්තාව ඔහුට රියදුරු බලපත්‍රය පෙන්වූවා. පොලිස් නිලධාරියා "' මේකේ තියනවා ඔබ ඇස් කන්නාඩි පළදින බව ඔබ පැලද නැහැ "'කාන්තාව ඉංගිරිසියෙන් පිළිතුරු දෙමින් අයි හැව් අ කන්ටැක්(කන්ටැක් ලෙන්ස් )කියල කිව්වලු. මෙන්න පොලිස් නිලධාරියා කියනවලු මොන ඇමතිගේ කන්ටැක් තිබුනත් මම ගණන් ගන්නේ නැහැ මෙන්න දඩ කොලේ කියලා (නදී)
දිල් Tuesday, 09 September 2014 08:47 AM
අපේ රටේ කහ ඉරි ඇඳලා තියෙන අවිධිමත් ක්‍රමවේදය දිහා බැලුවම නම් දඩය ගෙවලා කහ ඉරි නැති තැනකින් පාර මාරු වීම පහසුයි. (නදී)
නිමල් ජයසිංහ Saturday, 06 September 2014 01:46 AM
මල්ලිගෙන් සල්ලි ගන්න බැරි නිසාද? (නදී)
මහේන්ද්‍ර.ට Friday, 05 September 2014 04:59 PM
පොලිසියේ මහතුන් අතර ඉතා අවංක හර්දය සක්ෂියට එකඟව රජකාරි කරන මහත්වරුද අපමනයි. සුළු පිරිසක් නිසා සම්පුර්ණ දෙපාර්තුමේන්තුවට දොස් කියන්න එපා. (අ)
මාලි Friday, 05 September 2014 09:20 AM
ඕකනේ කියන්නෙ පොලිසියෙ නම් අම්මා තාත්තා වුණත් ශත 5කට විශ්වාස කරන්න එපා කියලා (නි)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Friday, 05 September 2014 07:07 AM
නෑ කම සහ රාජකාරිය තේරුම් ගත් නිලධාරියෙක්. මෙතැනදී කුමාරිගේ අදහස් වලට මමත් එකඟ වෙමි....කව්රු කෙලෙස සිතුවත් තැනේ හැටියට ඇණේ ගැසූ දකුණේ පොලිස් නිලධාරියාට නීතිය ගරු කරන්නන්ගේ ප්‍රණාමය. (ස)
රෙජි-සිඩ්නි Friday, 05 September 2014 04:26 AM
රාජකාරිය කරනකොට නෑකම් යාළුකම් බලන්න හොඳ නැහැ. ඔය වාගේ රාළහාමිලා තමා අපේ රටට ඕනෑ. (නි)
සලීම් Thursday, 04 September 2014 11:14 PM
හිතට එකඟව දඩකොලය දුන්නා නම් අවංක නිලධාරියෙක් (නි)
හේවාවිතාරණ Thursday, 04 September 2014 08:32 PM
පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මේ දේ කළා නම් ... (නි)
වාසනා Thursday, 04 September 2014 08:29 PM
කලින් මල්ලි කියලා නොදැන වෙන්න ඇති මෙහෙම වුණේ (නි)
දිලාන් Thursday, 04 September 2014 02:59 PM
පොලිසියේ සමහරකගේ වැඩ නිසා හැමෝටම දොස් කියන්න එපා.හරි ේට හරි කියන්න පුරුදු වුණොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
නිහාල් ද සිල්වා Thursday, 04 September 2014 01:20 PM
අද ලංකාවේ ඔය විදිහට සාදාරනව වැඩ උනොත් වාස්ට වගේ හිර ගෙදර ලගින්න වෙනවා. නඩු දාපු කට්ටිය එකතු වෙලා තවත් තද කරාවී. (නදී)
අජිත් Thursday, 04 September 2014 11:55 AM
පොලිසිය කරොත් කරන්නේ ඔයවගේ තුට්ටුදෙකේ වැඩ. (නදී)
ලලිත් - එස්.එල් Thursday, 04 September 2014 11:22 AM
බොහොම හොද වැඩක්. ගෙන්වපු පොලිස් බයිසිකල් වල ගාන හොයල දෙන්න ඕන නේ. (නදී)
සරත් Thursday, 04 September 2014 10:51 AM
පාර මාරු උන කෙනා " ලොකු මෝරෙක් නම්" කතාව ගොඩක් වෙනස් වෙන්න තිබුනා (නදී)
කරුපෙරුම Thursday, 04 September 2014 05:22 AM
මෙහෙම නිලධාරීන් ඉන්න එක සතුටුයි (නදී)
පහන් Thursday, 04 September 2014 10:07 AM
ජන්තු ඉන්ස්පෙක්ටර් සහ මනුතාපයේ චරිත . (ස)
ජනිත් Thursday, 04 September 2014 09:46 AM
පොලිස් මහතාගේ වැඩේ හොඳයි, අපිට දුක වැරදි කරන පොලිටික්කන්ව අල්ලනේ නැති එක ගැනයි. (නදී)
එරංග Thursday, 04 September 2014 09:31 AM
ඇත්තම කිව්වොත් මම පොලිසියේ අයිය නම් මල්ලිට දඩ කොලයක් දෙන්නේ නෑ. මොකද මෙය ලොක්කෙක් හරි දේශපාලුවෙක්ට හරි දඩ කොළ දෙන්න යන්නේ නෑ. (නදී)
එළකිරි Thursday, 04 September 2014 09:23 AM
එ්ක කොහොම උනත් එළකිරි නිළධාරියෙක් (නදී)
ජිලෝ Thursday, 04 September 2014 08:50 AM
පවුලේ ඥාතියෙක් හින්දා නේන්නම් භය නැතිව දඩ කොලය දුන්නේ. එහෙම නැතිව දඩ කොළ දීල බේරෙන්න පුළුවන් යුගයක්ද මේක ? (නදී)
කැළුම් Thursday, 04 September 2014 07:32 AM
නිලදාරියා රාජකාරිය අකුරට කිරීම ගැන සතුටුයි (නදී)
කොළින් Thursday, 04 September 2014 07:07 AM
වරෙන්තු පිට ඉන්න කට්ටිය ප්‍රසිද්දියේ ඉඳිද්දී අල්ලන්න බැරි එකේ ඔහොම කට්ටියවත් අල්ලන්න ඕනනේ. (ස)
කුමාරි Thursday, 04 September 2014 06:38 AM
බොහොම හොඳයි. නෑකමට වඩා ලොකුයි ඕනෑකම. මල්ලි දැන් පාඩමක් ඉගන ගනියි, ඒක එයාට යහපතක්. අයියට ජය වේවා! මෙවැනි නිලදාරීන් රට තුල බිහි වේවා! (ස)
දිලිප් Thursday, 04 September 2014 06:34 AM
වැඩේ හොඳයි. හැමෝටම එහෙම කරන්න ඕනා. එ්ත් ලොක්කෝ හිටගෙන කරනකොට ඕවගෙන් වැඩක් තියෙයිද? (නදී)
මොහාන් Thursday, 04 September 2014 06:30 AM
මොකක් හරි පරණ තරහක් පිරි මහන්න ඇති. අපි නොදන්නා පොලිසියේ අවංකකම. අනේ මගේ කට (නදී)
ශාන් Thursday, 04 September 2014 06:31 AM
නිතිය ක්‍රියාත්මක කරපු නිලදාරියා ගැන ආඩම්බරයි. ඇයි මේ දයා එක වරදවා හිතන්නේ? (නදී)
සරාම් Thursday, 04 September 2014 06:07 AM
හැම අයියටම මෙහෙම අකුරටම රාජකාරි කරන්නේ බලාගෙන , ප්‍රසිද්ධ කොමිසමකින් නඩුව ක් වැටෙයි . (ස)
දයා අලහාකෝන් Thursday, 04 September 2014 06:01 AM
අයියගේ ලොකුකම මල්ලිට පෙන්නුවද (නදී)