(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නේවාසික පුහුණුවකට තරු පහේ හෝටල් කාමරයක ලැගුම් ගත් සේවකයින් දෙදෙනකු රාත්‍රියේ ශීතලෙන් මිදීමට ක්‍රියා කළ අයුරු උදෑසන දැනගත් පුහුණුවට පැමිණ සිටි අනෙක් නේවාසිකයෝ බඩ අල්ලාගෙන සිනාසුනහ.
මේ දෙන්නා ආයතනය මගින් නේවාසික පුහුණුවක් සඳහා නම් කර තිබිණ. එම පුහුණුව පැවතියේ නගරයක තරු පහේ හෝටලයකය. පළමු දිනයේ පුහුණුව එදා සවස් වනතුරුම පැවතිණි. පුහුණුව අවසන් වනතෙක්ම නවාතැන් පහසුකම් මෙන්ම කෑමබීමද ඔවුනට ලැබුණේ නොමිලයේමය. ඒ විතරක්ම නොව රාත්‍රියේ ඇඟපත රත්කර ගැනීමේ අවස්ථාවද උදාවී තිබුණි.
රාත්‍රියේ ඇඟපත රත්කර ගන රාත්‍රී ආහාරයද සප්පායම් වී මේ දෙදෙනා තමන්ට ලැබුණු ශීතකළ කාමරයට එන විට මධ්‍යම රාත්රියද එළඹි තිබුණි. කාමරයේ පැවැති ශීතල දරා ගැනීමට නොහැකි විය.
‘‘මචං හරිම සීතලයි නින්ද යන්නේ නැහැ’’ යැයි එකෙක් කීය. ඔව් ඔව් මචං මටත් එහෙමයි. අපි කාමරයේ ඒසී එක ඕප් කරලා දාමු යැයි දෙදෙනාම කතිකා කර ගත්හ. දන්නා උපක්‍රම යෙදුවත් කාමරයේ ඒසී යන්ත්‍රය ක්‍රියා විරහිත කර ගැනීමට නොහැකි විය. ඔවුහු ඒ සඳහා දන්නා සියලුම වැඩ දැමූහ.
අනෙක් කාමරවල සිටින අයගෙන් මේ සඳහා උදව්වක් ගැනීමට ඔවුන් නොපෙළඹුණේ තමන් ගොඩයන් යයි ඔවුන් සිතාවී යන්න සිත් තුළ හොල්මන් කළ බැවිනි. හෝටල් සේවකයකුගෙන් ද මේ සඳහා උදව්වක් ගැනීමට නොහැකිවූයේ ඒ සඳහා මේ වේලාව නොවේ යයි සිතූ නිසාය.
ඒ නිසාම ඔවුන් දෙදෙනා කාමරයේ ඒසී යන්ත්‍රය ලොකු තුවායකින් වසා දැමුවේය. එයද සාර්ථක ක්‍රමයක් නොවූයෙන් දෙදෙනා තීරණය කළේ ඇඳන් යට නිදා ගැනීමය. මෙට්ට දෙක ඇඳන් යට දමාගෙන බෙඩ් ෂීට් පොරවාගෙන ඔවුන් දෙදෙනා රැය පහන් කළේ මහත් ආයාසයෙනි.
තමන්ගේ හිතවත් නේවාසිකයකුට ඔවුන් මේ බව කීවේ කාමරයේ ඒසී යන්ත්‍රය ක්‍රියාවිරහිත කරවා ගන්නේ කෙසේදැයි දැන ගැනීමටය.
මචං උඹලා කාමරයේ දොර අරින්න ගත්ත කාඩ් එකෙන් තමයි ඒසී එක ක්‍රියාත්මක කරන්නත් නවත්වන්නත් පුළුවන් යයි ඔහු කීවේය. දෙයියෝ සාක්කි අපි ඒක දැනගෙන හිටියේ නැහැනේ බං යයි ඔවුන් දෙදෙනා කීවේ මේ ගැන කාටවත්ම කටේ කෙල බිම හෙලන්න එපා යයි ඔහුගෙන් ඉල්ලමිනි. කටේ කෙළ බිම නොහෙලා සිය සගයින් දෙදෙනා පෙරදා රාත්‍රියේ ගත කළ අයුරු අනෙක් අයට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාගේම රෙදි ගලවමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාමරේ සීතල වැඩිවී ඒසී එකට රෙදි පොරවා ඇඳ යට නිදාගෙන
sampath Sunday, 26 December 2021 10:57 PM
ඔය තරු හෝටල්වල උත්සව වලට ගියාම කණ පැලෙන්න වායුසමීකරණය ක්‍රියාත්මක කරනවා. ඒවායේ ඉන්න බ්ලැන්කට් එකක් ඕනෑ. ප්‍රධාන ඒසී එක නිසා මේවා පාලනය කරන්න දුෂ්කරයි... සේවකයෙකුගේ සහායක් නැතිව.