(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි.
කොරෝනා ව්‍යසනය මධ්‍යයේ වුවද ඇය සිය උපන් දිනය චාමයට සමරන්න කටයුතු කළේ එය තිස්වැනි උපන් දිනය නිසාය. සිය උපන් දින කේක් ගෙඩිය ඇය සිය සහෝදර සේවකයන් සමග කපන්න තීරණය කළේ ඒ වනවිට නිවෙසේ අයට වඩා කාර්යාලයේ අයට ළෙන්ගතුව සිටි නිසාවෙනි. එහි සිටි සියල්ලෝම ඇයට සහෝදරයෝය. සහෝදරියෝය.
සුබ පැතුම් මධ්‍යයේ කාර්යාලයේදී කැපුණු ඒ කේක් ගෙඩියේ කෑලි සිය සහෝදර සේවක සේවිකාවන්ට ඇය කැවුවේ සහෝදරත්වයෙනි. ඒ සමගම සහෝදර සේවක සේවිකාවන් ඇයට සුබ පැතුවේ උණුසුම් හාදු වැස්සකිනි. තම ජංගම දුරකථනවලින් ඡායාරූප ගැනීම මෙන්ම වීඩියෝ කිරීමද මෙහිදී අතොරක් නැතිව සිදුවූයේ එය සාමාන්‍ය දෙයක් වූ නිසාය.
ඒ උපන් දින සැමරුම මෙන්ම දවසේ රාජකාරිද නිමවූයේය. ඔහු නිවෙසට ගියේය. බිරිය නිවෙසේ නොසිටියාය. ඇය සිය නිවෙස බලා ගොසිනි. ඒ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ කාර්යාලයේ සේවිකාව ඔහුට කේක් කවන අයුරු හා ඔහු ඇයට හාදුවක් දෙන අයුරු ඡායාරූප දෙකම ඇයගේ දුරකතනයට වට්ස්ඇප් මගින් ලැබීමත් නිසාය. එයින් උරණව සිය සැමියාටද නොදන්වා ඔහුගේ මෑණියන්ටද මේ වගේ අශීලාචාර පුතකු හැදුවාට දෙස් දෙවොල් තියා ඇය සිය නිවස බලා ගොස් තිබුණි.
සිය බිරියගේ මොළයේ තරම දන්නා සිය සහෝදර සේවක, සේවිකාවන් විනෝදාස්වාදයක් ලබා ගැනීමට මේ කළ දෙයින් දැන් තමා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව දැනගත් ඔහු බිරිය ගෙන්වා ගැනීමට අපමණ මහන්සියක් ගත්තේය. එය පල දැරුවේ කාලයක් ගතවී ගොසිනි. එක එක්කෙනාගේ පැහැදිලි කිරීම් මධ්‍යයේය. මේ සේවිකාව තවත් සහෝදර සේවකයන්ට කේක් කවන අයුරු හා ඔවුන් ඇයට හාදු දී සුබ පතන අයුරු ඡායාරූප පෙන්වීම එයට හොඳම නිදසුනක් වුණාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාර්යාල උපන්දින හාදුවෙන් බිරියට සැමියා එපාවෙලා