X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


කැදැල්ල හැරගිය කිරිල්ලිට කුරුල්ලාගෙන් යස පාඩමක්

(උණවටුන ඞී.ජී. සුගතපාල)
ඇය තිස් හැවිරිදි දෙදරු මවකි. සැමියා කුලී වැඩ කරමින් තම දරු පවුල පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දැරුවේය.  ඔහු තම බිරිදට කොතරම් ආදරේද කිවහොත් බිරිඳගේ නමින් ගිණුමක් ආරම්භ කොට හැකි සෑම අවස්ථාවකම කීයක් හෝ ඉතිරි කිරීමටද පියවර ගත්තේය.


කාලය ගෙවී ගියේය. අහම්බෙන් ඇයට හමුවූ පුද්ගලයෙක් මේ සොඳුරු කැදැල්ල කනපිට හැරෙව්වේය. ඔහු එම ගමේ සිට කිලෝමීටර් විසි පහක් තිහක් තරම් දුරගමනක පදිංචි විවාහකයෙකි.


මෙයට මාස දෙකකට පමණ පෙර ඇය තම කැදැල්ල හැරදා  ඔහුගේ කැදැල්ල වෙත ගියාය. ඒ ඔහුගේ යතුරුපැදියේ එල්ලී ගෙනය. දැඩිලෙස කනගාටුවට පත් සැමියා තමාගේ සහ දරු දෙදෙනාගේද මතු ආරක්‍ෂාව පතා ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කිරීමට අමතක කළේ නැත.
ඇය තමාගේ කණකර බඩු සහ ජංගම දුරකථනය පමණක් ගෙන ගොස් තිබූ අතර  ඇයගේ නමට තිබූ ඉඩමේ ඔප්පුව ගෙනගොස් නොතිබීම ඔහුට මහත් සැනසිල්ලක් විය.


අවුරුද්ද පසුවී දින තුන හතරකට පසු ඇය යළිත් ගෙදර ආවාය. ඇයගේ පැමිණීම දරුවන්ට සතුටක් වුවද ඔහුට සතුටක් නොවීය. ඇය නිවසින්   යනවිට ගෙනගොස් තිබූ  කණකර කිසිවක්ද නොවීය. ඇයගේ පැමිණීම ගැන සැක සිතූ ඔහු ඒ බව නොහැෙඟන පරිදි සිතීමට වගබලා ගත්තේය. වහාම ඔහුට ඉඩමේ ඔප්පුව සහ බැංකු පොත සඟවා  තැබුවේය.


ඇය යළිත් පැමිණියේ හොඳට නොවන බව සිතාගත් ඔහු පසුදිනම ඇය සමග නොතාරිස් වරයෙකු ළඟට ගොස් ඔප්පුව තමාගේ නමට ලියා ගත්තේය. ඊළඟට ගියේ බැංකුවටය.  ඇයගේ ගිණුම වසා එහි තිබූ මුදල් සියල්ලම ඔහු අතට ගත්තේය. ඉන්පසු යතුරුපැදියේ නැගී නිවසට යාමට බැංකුවෙන් පිටතට පැමිණියේය.


යතුරුපැදිය ප‍්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග වේගයෙන් පැමිණි යතුරුපැදියක් එය හරස් කොට නතර කළේය. ඇය  වහාම එම  යතුරුපැදියට නැගී වේගයෙන්  යළිත් පියඹා ගියාය.


ගෑණියේ උඹට මාව රවටන්න බැරිවුණා. උඹ ආවෙ බැංකු පොතයි ඔප්පුවයි ගෙනියන්නනේ දැන් ඉතින් ඔහොම පලයන්. ආයිත්නම් මා රවටන්න උඹට බැහැ කියු ඔහු ඔවුන් ගිය දේ මඳ වේලාවක් බලා සිට ගෙදර ගියේය.



අදහස් (0)

කැදැල්ල හැරගිය කිරිල්ලිට කුරුල්ලාගෙන් යස පාඩමක්

යසිරු Tuesday, 28 April 2015 03:45 AM

ගාමිණි මෙතන මොකක් හරි අවුලක් තිබෙනවා. මම කලින් චාන්දනිගේ ප්‍රතිචාර කියවල තිබෙනවා. එහෙම උඩින් පල්ලෙන් කියවල් ඔහේ ප්‍රතිචාර ලියන කෙනෙක් නෙවෙයි එයා. අනෙක් මට මීට කලින් පුවතක ලියපු දෙයකින් වැටහුනේ ඒ මහත්මිය බැංකුවක නැති නම් මුල්‍ය අංශයේ රැකියාවක නියුතු කෙනෙක් වගේ. බැංකුවක් සම්බන්ධ පුවතකට ඔහොම නිකම් භාගෙට කියවලා ප්‍රතිචාරයක් දමාවි කියල හිතන්න බැහැ. (බ)

:       0       0

නෙලුම් Sunday, 26 April 2015 01:10 PM

සඳුන්, සෑම්, මෙතන ලියවිලා තිබෙන හැටියෙන් තේරෙනවා ඔහොම මුදල් දේපල කටයුතු දෙකක්ම තරහ වෙලා ගෙදරින් ගිය නෝනා එක්ක හිතපු සැනින් කරගන්න බැහැ කියලා. (බ).

:       0       0

පිටබැද්දර ජයා Sunday, 26 April 2015 01:41 PM

ගැනිව ඕනවට වඩා විශ්වාස කළ මෝඩ මිනිහට මඩු වලිගෙන් තලන්න ඕන , තව දිගෙන් වෙන්නේ මහා විනාසයක් නේද ? දරුවොත් එක්ක මහපාරට බහින්න වෙනවා , පස්සේ හරි ටිකිරි මොලේ පැදුනාට දෙවියන්ට ඉස්තුති වෙන්නෝන !(බ)

:       0       0

සරත් Sunday, 26 April 2015 03:40 PM

හැමෝම කතාවෙන්නේ අර දේපල බෙදාගත් විදිහ විතරනේ. තනිවූ දු දරුවන් ගැන අැයි මේ අමතක වෙලා. (බ)

:       0       0

සමන්ති Monday, 27 April 2015 12:52 AM

පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ (අ)

:       0       0

චාමික Monday, 27 April 2015 04:44 AM

මේ වගේ පිරිමි අයත් ඉන්නවා, හැමෝටම හොද පාඩමක් මේක, මෝඩ ගැනියෙක් ..(බ)

:       0       0

දුමින්ද Monday, 27 April 2015 05:38 AM

ආදර ගනු-දෙනු (ස)

:       0       0

සෙනෙවි Monday, 27 April 2015 05:43 AM

මේ කතාව හුදෙක් විනෝදය සැමයීමට උණවටුනේ ඞී.ජී. සුගතපාල මහතා ගොතපු එකක් බව පේන නිසා අපි මේක ගැන වාද විවාද කරන එකේ තේරුමක් නෑ කියල මට හිතෙන්නෙ (බ)

:       0       0

දිලුපා Monday, 27 April 2015 05:50 AM

නෙළුම්ට හරියට හිත රිදිලා වගේ පව් (බ)

:       0       0

ජිලෝ Monday, 27 April 2015 09:05 AM

දිලිපා ඔයා බැරි වෙලාවත් අර මිට කලකට පෙර මෙතන ලියපු කවුදෝ බවලතෙක් එක්ක කෙහෙවලු අල්ලා ගත්තු කෙනා නෙවෙයි නේද ? (බ)

:       0       0

ගාමිණී Tuesday, 28 April 2015 12:14 AM

නෙලුම්, චාන්දනී, විස්තරය හරියට කියවන්න. ඔහු නොතාරිස් කන්තෝරුවට සහ බැංකුවට ගිහින් තියෙන්නේ මෙම කාන්තාව සමඟයි. කොහොමටත් ඇය නමට තිබෙන ඉඩමේ ඔප්පුව ඔහු නමට හැරවීම කළහැක්කේ එයාට පමණනේ. ඔහු හොඳ ඥානාන්විත පුද්ගලයෙක්. ඔහුට කිසිදා වරදින්නේ නැහැ. (නි)

:       0       0

ජයාත් Tuesday, 28 April 2015 02:21 AM

පහන්, ඔයාගේ අදහස් අපි ආශාවෙන් කියවනවා. නමුත් මෙතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෑ. ඔයා කියපු ගීතයේ අරුත මේ පුවතට ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ අම්මාගේ අණට ගිහින් අකීකරුවෙලා ආපසු එන දියණියක් ගැන. මේකට හරියට ගැළපෙනවා සනත්ගේ "මගේ කැදැල්ලෙන් පියා සලාගෙන පලාගියේ ඇයි කිරිල්ලියේ " කියන ගීතය (නි)

:       0       0

ජයාත් Tuesday, 28 April 2015 02:23 AM

ඔව් සෙනෙවි, මේ වගේ " පුවත් " පුවතක් විදියට රසවිඳින්න පුළුවන් හරියට අවුරුදු ආස්මියක් වගේ (නි)

:       0       0

සම්පත් Tuesday, 28 April 2015 02:42 AM

හොඳ සැමියෙක්. එයාට ඇල්ලූ අත්තත් පයගැසූ අත්තත් දෙකම නැතිවෙන්න තව මාස දෙක තුනයි යන්නේ. ආයේ බාරගන්න එපා. අනාචාර චෝදනාවක් කියලා නඩුවක් පවරන්න (නි)

:       0       0

චාමර Tuesday, 28 April 2015 02:48 AM

හොඳ පාඩම! (නි)

:       0       0

සඳුන් Sunday, 26 April 2015 12:43 PM

නෙලුම් සහ චාන්දනී ඔබ දෙපොළ නැවත ප්‍රවෘත්තිය කියවිය යුතුයි කියල මම යෝජනා කරනවා.(බ)

:       0       0

ශාමා Tuesday, 28 April 2015 03:53 AM

මං කලින් හිතන් හිටියෙ දෙයියෝ සාක්කි වල බොරු කියනවද දන්නෙ නෑ කියල.වෙන සිද්ධි අනුව.මේ කතාව ඇත්තක්.මේක අපේ ගමට අල්ලපු ගමේ වෙච්ච සිද්දියක්. (බ)

:       0       0

සමන්ත Tuesday, 28 April 2015 04:39 AM

අරුම පුදුම දේවල් සිදු වෙන පැත්තකනේ ශ්‍යාමා ඉන්නේ (දිල්)

:       0       0

ඉෂානි Tuesday, 28 April 2015 04:57 AM

මේකටම හරියන සිංදුවක් තමා ‘ම‍ගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ම‍ෙග පෙම්බරී සමග හාදව දුන්න ගින්දරක්‘ (බ)

:       0       0

දිල්හානි Tuesday, 28 April 2015 08:23 AM

නැහැ නැහැ. මේකටම හරියන සිංදුව තමා “ එහෙම කලොත් ඹබ කියාවි මෝඩ ගැණි මං“ සිංදුව. (ම)

:       0       0

සේකර Tuesday, 28 April 2015 08:27 AM

මේ ඉඩම අයිති පිරිමියට වෙන්න ඇති. ආදරේට තෑගි ඔප්පුවකින් බිරිදගෙ නමට ලියන්න ඇති. ඒ නිසා නැවත කොහොම හරි කරලා ලියව ගන්න ඇති. ඒක ඔහුගේ දක්ෂ කම. බැංකු පොතේ සල්ලිත් දැම්මේ මේ මනුස්සයම නිසා ඒකත් කොහොම හරි ගන්න ඇති බිරිදගෙ කැමැත්ත ඇතුවම. හොද වැඩේ මේ වගේ අයට (බ)

:       0       0

නසීර් Tuesday, 28 April 2015 08:32 AM

අපේ ගමේ ගැහැනු කෙනෙක් හිටියා . එයාගෙ අනියම් සම්බන්ධයක් ස්වාමියට අතටම අහුවුනා. රන්ඩු වෙලා අම්මලාගෙ ගෙදර ගිහින් මෙන්න මේ කෙනා ඊලග සතියෙම ගිහින් නඩත්තු නඩුවක් දාලා සැමියට හොර ගෑණියෙක් ඉන්නවා. එයාව ගෙදරින එලෙව්වයි කියලා. දැන් නඩු සැහෙන කාලෙක ඉදලා. අනේ පව් අර මනුස්සයා. (බ)

:       0       0

කරුණාදාස Tuesday, 28 April 2015 08:33 AM

“අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසි“ (බ)

:       0       0

කෙවින් Tuesday, 28 April 2015 08:34 AM

හුඟක් කතා වල ඇත්ත නැත්ත හෙව්වොත් පිරිමි අය හරි. නමුත් අපේ සමාජයේ පුරුදු වෙලා තියෙනනේ හැම වැරැද්දම පිරිමියට විතරක් පටවලා ගැහැණු සුද්ධ කරන්න. (බ)

:       0       0

කරුණාරත්න Tuesday, 28 April 2015 08:39 AM

අනේ සම්පත්, ඔය වගේ අම්මලා පොල්පිත්තෙන් කපා ගන්න පුවවන්. ළමයි දාලා බයිසිකලේ නැගලා වෙන මිනිහෙක් එක්ක ගිය මරු අම්මා. ළමයි වදපු පමණින් හැමෝම අම්මලා වෙන්නෙ නැහැ සම්පත්. (බ)

:       0       0

මුදියන්සේ Tuesday, 28 April 2015 03:19 PM

අපේ පහන් කොලුවට නම් ඔය වගේ අත් දැකීම් ගොඩක් තියෙන්න ඇති ලංකාවේ රාජකාරි කරන විට (බ)

:       0       0

ජයලත් Tuesday, 28 April 2015 03:53 PM

ඉෂානි ඔයා හිතාගෙන ඉන්නේ ඔය කියපු අර එක "සින්දුවක් " කියලද ?(බ)

:       0       0

සංජීව Tuesday, 28 April 2015 05:39 PM

මේ මෝඩ මිනිස්සු කතාව කියවලා නැතුව නීති කතා කරනවා. පැහැදිලිවම තියෙනවා ඔහු එම කාන්තාව සමඟ නොතාරිස් සහ බැංකුවට ගියා කියලා (නි)

:       0       0

නොරිස් Wednesday, 29 April 2015 03:54 AM

ඔහු පසුදිනම ඇය සමග නොතාරිස් වරයෙකු ළඟට ගොස් ඔප්පුව තමාගේ නමට ලියා ගත්තේය. ඊළඟට ගියේ බැංකුවටය. ඇයගේ ගිණුම වසා එහි තිබූ මුදල් සියල්ලම ඔහු අතට ගත්තේය. ඉන්පසු යතුරුපැදියේ නැගී නිවසට යාමට බැංකුවෙන් පිටතට පැමිණියේය. යතුරුපැදිය ප‍්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග වේගයෙන් පැමිණි යතුරුපැදියක් එය හරස් කොට නතර කළේය. ඇය වහාම එම යතුරුපැදියට නැගී වේගයෙන් යළිත් පියඹා ගියාය. (බ)

:       0       0

සම්පත් Saturday, 25 April 2015 12:01 PM

ගෑනි නැති උනාට ඔහුට තව ගෑනියෙක් ගන්න පුළුවන්. එත් අර අහිංසක දරුවන්ට තමන්ගේ අම්මා වගේ ආදරේ කරන කෙනෙක් ගන්න බැහැ නේද? (ස)

:       0       0

වසන්ත Saturday, 25 April 2015 01:46 AM

සරත්ගේ අදහස ඉටුවේවා! (නි)

:       0       0

සෑම් Saturday, 25 April 2015 02:25 AM

මා දන්නා ඔස්ට්‍රේලියානුවෙකුගේ බිරිය වෙනත් මිනිහෙක් සමග සම්බන්ධයක් ඇතිකර ගත්තා. ඇය දරු දෙදෙනා සමග ස්වාමියාගෙන් දික්කසාද වීමට ඉල්ලුවා ඔහුට වෙන විකල්පයක් තිබුනේ නැහැ මුදලින් ඩොලර් ලක්ෂ තුනක්, (මෙය සිදුවූ 1990 දශකයේ විශාල මුදලක් ) ඇතුළු වෙනත් දේවල් සහ මසකට ඩොලර් දහසකට වැඩි නඩත්තු ගෙවීම් සහිතව ඇය දරු දෙදෙනාත් සමග අලුත් පෙම්වතා සමග ගියා. ඇයගේ මුදල් සියල්ලම වියදම් කර ඇයට තවත් දරුවෙකුත් ලබා දී ඒ මිනිහා මාරු උනා. රස්සාවක්, ආදායමක් නැති කෙනෙක් නිසා ඔහුට නඩත්තු ගෙවන්න උනෙත් නැහැ. ඇයගේ පළමු ස්වාමියා ඒ තුන්වෙනි දරුවාටත් තමන්ගේ දරුවන්ට වගේම සමානව සැලකුවා . මෙතරම් හොඳ මිනිහෙක්ව දාලා ගිහින් බොරුකාරයෙකුට අහු උන ගෑණු කෙනා දැන් තනියම කාමරයක් කුලියට අරන් ජීවත් වෙනවා. (බ)

:       0       0

පහන් Saturday, 25 April 2015 03:28 AM

විදුලිය එළිය දැක ගිනිහුල දියේ හොවා... මගවරදීලා දිව්වේ මංමුලා වෙලා... පැනගිය මුවන් ළඟ හැලුනයි නෙලූ පලා(ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ ගීතයක කොටසක් ) (නි)

:       0       0

සමදරා ආරියදාස Saturday, 25 April 2015 03:29 AM

මෝඩ ගැහැණියක් (නි)

:       0       0

රූපවතී Saturday, 25 April 2015 03:39 AM

වසන්තගේ ආශිර්වාදයට සෙතක්ම වේවා...! (නි)

:       0       0

පහන් Saturday, 25 April 2015 04:18 AM

එක මනුස්සයෙක්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක හොරකම් කරලලු.ඒත් ඒ මනුස්සයා ඒක කැන්සල් කළේ නැතිලු.මොකද දන්නවද හොරා ඒකෙන් වියදම් කරන්නේ බිරිදට වඩා අඩුවෙන්ලු (නි)

:       0       0

පහන් Saturday, 25 April 2015 04:21 AM

යාලුවෝ දෙන්නෙක් කතා වෙනවලු. "'මගේ බිරිද ඒන්ජල් කෙනෙක් '' එක්කෙනෙක් කිව්වලු .අනෙකා පිළිතුරු දුන්නලු ,තමුසේ හරිම වාසනාවන්තයි මගේ වයිෆ් තාම ජීවතුන් අතර කියලා. (නි)

:       0       0

තිලක් Saturday, 25 April 2015 04:51 AM

සරත්ගේ සහ වසන්තගේ අදහස් ඉ‍ටුවේවා! (නි)

:       0       0

ශශීමාල් Saturday, 25 April 2015 05:12 AM

ඔයා හරි සරත් (නි)

:       0       0

ශාන සෞදි Saturday, 25 April 2015 06:05 AM

හොඳ ස්වාමි පුරුෂයෙක් නැතිකරගත් මෝඩ බිරිදක්. දරු දෙදෙනාටත් පියාටත් ලස්සන හෙට දවසක් උදාවේවා! යලි කිසි දිනෙක ඇයව මොනම හේත්වක් නිසාවත් බාර නොගැනීමට ඔහු වග බලා ගත යුතුයි. (ස)

:       0       0

රොෂාන් Saturday, 25 April 2015 08:06 AM

වසන්තගේ අදහස ඉටු වේවා (බ)

:       0       0

නෙලුම් Saturday, 25 April 2015 09:22 AM

මේ කතාවේ ඔක්කොම ඇත්තක්ද කියල සැකයි. සාමාන්‍යයෙන් තනි පුද්ගල බැංකු ගිණුමක් වහන්න පුළුවන් ගිණුමේ අයිතිකරුට විතරයි. මුදල් තැන්පත් කළා කියල තැන්පත් කරුවන්ට (ගිණුම් අයිතිකරු නොවේ නම් ) ඒ මුදල් බැංකුවකින් ආපහු දෙන්නේ නැහැ . නමුත් බද්ධ ගිණුමක් නම් එක් කෙනෙකුට තනි නියෝගයකින් මුදල් ගන්න පුළුවන් මුලින්ම ඒ විදියට ගිණුම අරඹලා තිබේනම්. නමුත් කතාවේ තියෙන්නේ තනි ගිණුමක් බිරිඳගේ නමට . ඒ නිසා බැංකු පොතේ සල්ලි ගත්ත හැටි නම් බොරුවක් කියල මට හිතෙන්නේ. (බ)

:       0       0

චාන්දනී Saturday, 25 April 2015 10:07 AM

බැංකුවක ඒක පුද්ගල ගිණුමකින්( බාල වයස්කාර නොවන ) අදාළ ගිණුම් හිමියා ජීවත්ව සිටියදී වෙනත් කෙනෙකුට සල්ලි ආපසු ගන්නවත් ගිණුම වසා දාන්න වත් බැහැ.බැංකු පොත තමන් සන්තකයට ගත්ත කියල එහෙම කරන්න බැහැ. බැංකු නීතියට අනුව. ඔය කියන බැංකුව කොයි එකද කියල දැන ගන්න වටිනවා. එතන සල්ලි තිබෙන ඔක්කොම අමාරුවේ මේ පුවතේ හැටියට ඇත්තට එහෙම වුණා නම්. (ස)

:       0       0

නිශාන්ත Saturday, 25 April 2015 10:22 AM

මට නම් හිතෙන්නේ මෙතැන ඊට වැඩි දෙයක් වෙලා තියෙනවා. බිරිඳ අනියම් සැමියා එක්ක ගියාට පස්සේ තේරුණා ඔහු හොඳ කෙනෙක් නොවන විත්තිය .ඒ නිසා සැමියාට ඕන විදිහට වැඩේ කරලා දීල ආයේ ගිය එකා පස්සෙම යන්න ගීයා. (ස)

:       0       0

සරත් Friday, 24 April 2015 10:29 PM

හොඳ ස්වාමි පුරුෂයෙක් නැතිකරගත් මෝඩ බිරිදක්. දරු දෙදෙනාටත් පියාටත් ලස්සන හෙට දවසක් උදාවේවා! (නි)

:       0       0

චාන්දනී Saturday, 25 April 2015 12:18 PM

බැංකුවෙන් සල්ලි ගත්ත හැටි නම් බොරුවක් බව මගේ අදහසයි. ඒක පුද්ගල ගිණුමකින්( ගිණුම් හිමියා ජීවතුන් අතර ඉන්දෙද්දී ) ඔහොම හිතුමතේට වෙනත් කෙනෙකුට සල්ලි ගන්නවත් ගිණුම වසා දමන්නවත් බැහැ. බැංකු නීතිය උල්ලංගනය කල ඔය බැංකුව මොකද්ද කියල අපිටත් දැන ගන්න ආසයි. (ස)

:       0       0

නෙලුම් Saturday, 25 April 2015 12:21 PM

මට පේන්නේ මේක ගොතපු කතාවක් වගේ. විශේෂයෙන් අර බැංකු ගිනුමින් සල්ලි ගත්තු හැටි . තනි ගිණුමකින් වෙනත් කෙනෙකුට එහෙම සල්ලි ගන්න ඉල්ලපු ගමන් බැංකු ඉඩ දෙනවද ? (ස)

:       0       0

සිතුම් මෙල්බන් Saturday, 25 April 2015 12:25 PM

ඇය කළ දෙය හරියි කියනවා නොවෙයි. නමුත් ඇයට අයත් ඉඩම බලෙන් ලියවා ගත්තා නම් නීතියේ පැත්තෙන් බැලුවොත් සැමියාත් වැරැද්දක් කර තියෙනවා. (ස)

:       0       0

ප්‍රබාත් Saturday, 25 April 2015 02:59 PM

ඔය තියෙන්නෙ ඇයත් සමග නොතාරිස් කෙනෙක් ලඟට ගිහින් ඊළඟට බැංකුවට ගියා කියල.ඉතින් සල්ලි අරන් ගිණුම වහල තියෙන්නෙ එයාමනේ. (ස) .

:       0       0

ලංකාසිරි Saturday, 25 April 2015 05:07 PM

හිත හොඳ ගැහැණියක්. කැමැත්තෙන්ම සල්ලියි ඔප්පුවයි දෙකම දීලා. දාලා ගියාට දරුවන් මතක්වෙලා බලලා යන්න එන්න ඇති. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 25 April 2015 05:23 PM

රස ආහාර කවලා , රන් කුඩුවේ දැම්මත් , කිරිල්ලි වෙලාව ආවහම පැනලා යනවා. ඒ වෙනත් රස ආහාර පලතුරු රස බලන්නට. එයයි ලෝක ස්වභාවය. නුවණැති මිනිසෙක් මොහු (නි)

:       0       0

රත්න Saturday, 25 April 2015 06:45 PM

ඉඩමේ ඔප්පුව හරවාගත් විදියයි, බැංකුවෙන් සල්ලි ගත් විදියයි මට නම් සැකසහිතයි (නි)

:       0       0

ජිලෝ Saturday, 25 April 2015 10:52 PM

කොහොම වුණත් බැංකු පොතට සහ ඔප්පුවට ඇහැ ගහගෙන ආපසු ගෙදර ආ නෝනා මෙච්චර ලේසියෙන් ඒ ඔක්කොම මහත්තයාට දේවිද ? (නි)

:       0       0

ධර්මතිලක Saturday, 25 April 2015 10:56 PM

අන්න නියමයි (නි)

:       0       0

ධනුක Sunday, 26 April 2015 01:49 AM

බලහත්කාරයෙන් ගිණුම වහන්න නෝනාව බැංකුවට එක්කගෙන ගියා නම් බැංකු නිලධාරීන්ට ඕක නිකමට හරි තේරෙනවා. අනෙක එහෙම සන්තකේම පවරාදෙන්න ඔය බවලතිය ලේසියෙන් කැමතිවෙයිද? (නි)

:       0       0

සලීත් Sunday, 26 April 2015 04:26 AM

අන්න ඉවසීමත් තාත්තා කෙනෙක්. ඔබටයි දරුවන් දෙදෙනාටයි අල්ලහ් දෙවියන්ගේ පිහිටයි (බ)

:       0       0

සෑම් Sunday, 26 April 2015 05:46 AM

නෙලුම්, චාන්දනී ,ඔය දෙන්නම මේ පුවත හරියට කියවලා නැහැ. (ර)

:       0       0

මාකෙවිට Sunday, 26 April 2015 08:47 AM

ආනන්ද දොඩම්ගොඩ මහත්මා ඔබගේ කීම මසුරන් වටිනවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site