සිකුරාදා උදේ 8.25ට මීගමුව බලා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය මරදානට ළඟා විය.
“හතරවන වේදිකාවට පැමිණි ශීඝ්‍රගාමි දුම්රිය මීගමුව බලා පිටත්වේ. දුම්රිය අද දින කැලණිය දුම්රිය ස්ථානයේ ද නවත්වනවා ඇත” මරදාන දුම්රිය ස්ථානයෙන් එසේ ප්‍රචාරය විය. වෙනදා කැලණියේ නොනවත්වන දුම්රිය අද එහි නවත්වන බැවින් කැලණියෙන් බසින මගීහු ද දුම්රියට ගොඩවූහ. දුම්රිය ධාවනය වන්නට විය.
පළමුව දෙමටගොඩ දුම්රිය ස්ථානයේ නැවැත් වූ දුම්රිය නැවත වේගයෙන් ගමන් කරන්නට විය. කැලණිය දුම්රිය පොළ කිට්ටු වන විට කැලණියෙන් බසින මගීහු දොර ළඟට කිට්ටු වූහ. අවාසනාවකි. දුම්රිය කැලණියේ නොනවත්වමින් ඇදී යන්නට විය.
මගීහු අන්දුන් කුන්දුන් වූහ. දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ නැවැත්වීය. දෙස් දෙවොල් තබමින් බැසගත් මගීහු දුම්රියේ අවසාන මැදිරියේ සිටි නියාමකවරයාට කතාකොට “බලන්නකෝ අද කෝච්චිය කැලණියේ නවත්වනවා කියලා එනවුන්ස් කළ නිසයි අපි නැග්ගේ. ඒ වුණාට නැවැත්තුවේ නැහැනේ” යැයි පැවසූහ.
“මරදානෙත් එහෙම එනවුන්ස් කළාද? මට නම් ඇහුණේ නැහැ” දුම්රිය නියාමකවරයා ඇඟටපතට නොදැනී පැවැසීය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැලණියේ බහින මගීන් රාගමට අරන් ගිහින්
sampath Monday, 25 February 2019 10:55 AM
ඉතාමත් අකාර්යක්ෂම සේවාවක් තමයි දුම්රිය කියන්නේ.. මේවා පුද්ගලීකරණය කිරීම හැර කිසිම විකල්පයක් නැහැ.. ලංගම ඒ කලේ ඔය වගේ එ්කාධිකාරයක් තිබුනේ... මම කුඩා කාලේ බෙල් එක දෙපාරක් ගැහුවා කියලා හෝල්ට් දෙකක් එහෙට අරන් ගිහින් බැස්සුවා. මොකද ඒ කලේ පුද්ගලික බස් නෑ දුම්රිය අනිවාර්යයෙන් පුද්ගලික කළ යුතුයි. අඩුම පුද්ගලික දුම්රියවලට දුවන්න ට්‍රක් එක කුලියටවත් දිය යුතුයි.