X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


කිරට ගෙන ගිය එළදෙන මසට දීලා

(තිහගොඩ - උපසේන ලියනගම)

දකුණු පළාතේ උප නගරයක් වූ පොලිස් ස්ථානයකට කාන්තාවන් දෙදෙනකු කැඳවා තිබුණේ එළදෙනක හා සම්බන්ධ සුළු පැමිණිල්ලකටය. පැමිණි දෙදෙනාම ඥාතීහු වූහ.

පැමිණිල්ල විභාගයට ගත්විට පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේදී පැමිණිලි කළ කාන්තාව “ මෙයාගෙ පොඩි එකාට පිටි කිරි දෙන්න එපා කියල දොස්තර මහත්තය කිව්ව කියල මගේ ගැබ්බර එළදෙන ඉල්ලගෙන ගියා. මාස පහකට පස්සේ ගියාම එළදෙන මස් කඬේට දක්කලා” කීමෙන් පරීක්ෂකවරයා විමතියට පත්විය. “කිරට ගෙනිහින් මසට දීලා” ඔහු කීවේ සිනාසෙමිනි. “ එතකොට වහු පැටියට මොකද කළේ?” ඔහු විත්තිකාරියගෙන් ඇසීය. “මොන පැටියෙක්ද සර් ගැබ්බර එළදෙනක් කියල අපිත් රැවටුණා. කප්පරක් තණකොළ කැව්ව විතරයි. පැටියෙක් ලැබුණේ නෑ. හරක වික්කේ නම් මම නෙමෙයි. ගෙදර මනුස්සයට තරහ ගිහිං” ඇය කීවේ කෝපයෙනි. කෙසේ වෙතත් එළදෙන විකුණන ලද මුදල පැමිණිලිකාරියට දීමට එකඟ වීමෙන් ගැටුම සමථයට පත්වුණාලු.



අදහස් (0)

කිරට ගෙන ගිය එළදෙන මසට දීලා

දිනේෂ් Thursday, 09 June 2016 11:04 PM

පවුකාරයෝ. කිරට ගෙනිච්ච අම්මාවත් මස් කඩේකට දීලා. (නි)

:       0       0

යසන්ත Thursday, 09 June 2016 11:33 PM

මිනිස්සු පිරිහිලා තියෙන තරම! (නි)

:       0       0

තිළිණි Friday, 10 June 2016 12:52 AM

පුදුම කාන්තාවක්නේ. කිරි නැහැ කියලා එළදෙන මසට දීලා. අනික තමන්ගෙත් නෙමෙයි සතා. මේ වගේ අම්මණ්ඩිලාටනේ “අම්මා“ කියලා කතා කරන්නේ (නි)

:       0       0

ගඟන Friday, 10 June 2016 12:53 AM

පුදුම අම්මෙක්. එයාගෙ දරුවට කිරි දෙන්න එළදෙන පැටියෙක් වැදුවෙ නැහැ කියලා ඒ සතාව මසට විකුණලා. හිරේ දාන්නයි තිබුනේ. (නි)

:       0       0

නිමාලි Friday, 10 June 2016 02:39 AM

මෙහෙමත් ගැහැණු! මේ අය මොකට අම්මලා කළාද දෙවියනි. තමන්ගෙ දරවා ගැන විතරයි දුක. මේ වගේ දරුණු ගැහැණු උල තියන්න ඕනෑ. රටේම වැහිවැහැලා ඉන්නෙ මේ වගේ දරුණු හිතක් පපුවක් නැති අම්මණ්ඩිලා තමයි. (නි)

:       0       0

කිත්සිරි Friday, 10 June 2016 03:05 AM

කර්මය, කර්ම ඵල නොදන්නා අවිද්‍යාවෙන් වැසුනු මිනිසුන්, තමන් ලද මිනිස් භවය කොපමණ වටිනවාද නොදැන පවු කර, කල්ප ගණන් අපා දුක් විඳින්න හේතු හදාගන්නවා. ඔය මසට විකිණුනු එළදෙන මීට පෙර ඔය කාන්තාව මෙන් අකුසල් කර ඇතිබව නිසැකයි. (නි)

:       0       0

පද්මිණි Friday, 10 June 2016 04:23 AM

දකුණු පළාතේ වුණු සිද්ධියක්නේ. අරුමයක්යැ.(අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 June 2016 08:49 AM

කිරි අම්ම කෙනෙක් තවත් කිරි අම්ම කෙනෙක් මරණයට දක්කයි , අවාසනාවට මේ ගැහැණිය දකුණේ වුණානේ , දකුණේ මොන තරම් කරුණාවන්ත අම්මලාද ඉන්නේ ? (බ)

:       0       0

අශේලි Friday, 10 June 2016 02:38 PM

මිනිසුන් මොනතරම් නම් පිරිහිලාද? (නි)

:       0       0

රොෂාන් Friday, 10 June 2016 07:58 PM

පිටබැද්දර ජයා, ඔබ දකුණේ මිනිස්සු ගැන අහලාවත් නැද්ද? අපේ මුතුන්මිත්තන් "බෙන්තර ගඟෙන් මෙහාට බළල් පැටියෙක්වත් ගෙනෙන්න එපා" කියන්නේ කට කහනවටද? ඔය දකුණේ මිනිස්සු ගිය තැන විනාශයි. (නි)

:       0       0

ප්‍රීති Friday, 10 June 2016 08:55 PM

ඔය දකුණේ මිනිස්සු කටින් නම් මහා පින්වන්තයෝ. එ්ත්, කරන තරමක් කරන්නේ මහා කැත වැඩ. (නි)

:       0       0

විකුම් රංගන Friday, 10 June 2016 09:10 PM

දකුණේ ගැහැණු විතරක් නෙමෙයි, පිරිමිත් ඔහොම තමයි. මුදල් ලැබෙනවා නම් ඕනෑ දෙයක් (නි)

:       0       0

තරුෂි Saturday, 11 June 2016 03:14 PM

නිමාලි හරියට මෙතන කතා කරන්නේ ලංකාවේ කෙනෙක් නෙමේ වගේනේ. අනුන්ගේ වැරදි මහා ලොකුවට දැක්කට ඔය කරන්නෙත් ඕකම තමයි. ලියලා තියන විදිහෙන් හිතාගන්න පුළුවන් ඔයාගේ තරම. අපේ ගොඩක් අයට "අනුන්ගේ ඇහේ තිගෙන රොඩ්ඩ හොඳට පේනවා තමුන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන ". අනේ, අපි නොදන්නා උපාසක අම්මණ්ඩිලා? (නි)

:       0       0

ගමගේ Sunday, 12 June 2016 05:48 AM

ප්‍රීති,විකුම්,රොෂාන්, ඔයා කරපු මොකක් හරි ගොන් මෝඩ වැඩකට හොඳ කනේ පාරක් හම්බවෙලා වගෙයි. ඒ දකුණේ කෙනෙකුගෙන්. වැරද්දක් කළොත් ඒක වැරද්දක් විදියට දකින්න පුරුදුවෙන්න. උතුරද දකුණද කියල බලන්න එපා. අපේ රට දියුණු කරන්න බැරි එකතැන පලවෙන්නේ ඔයාල වගේ අය නිසයි. (බ)

:       0       0

රොෂාන් Sunday, 12 June 2016 02:23 PM

ගමගේ වැරැද්ද කරලා තියෙන්නේ උතුරේද දකුණේද කියලා පිළිගන්න බැරි ඔබටද? මටද? කර්මය කවදා හෝ පසුපස එනවා කියලා දැන්වත් අවබෝධ කර ගන්න හරිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site