කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා කැමැත්ත නිසාම සිදුකළ ක‍්‍රියාවක් නිසා තුවාල සිදුවී මාසයක්ම ගෙදර නවතින්නට හෝටල් සේවකයකුට වූ අකරතැබ්බයක් වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ජනප‍්‍රිය හෝටලයකට ඉතා දුරබැහැර ප‍්‍රදේශයකින් පැමිණ එම හෝටලයේම නැවතී සේවය කරන සේවකයකු තමන්ට නිවාඩු වේලාවට නිතරම අවට කැලෑරොදවල හා හෝටල් උද්‍යානයට පැමිණෙන සතුන් ගැන සොයා බලමින් සිටීම පුරුද්දක් ලෙස කරමින් සිට ඇත.
එක් දිනක් කිරල ජෝඩුවක් අවට භූමියේ ගැවසෙමින් සිටි නිසා මේ හෝටල් සේවකයා ඒ ගැන සොයා බැලීමේදී දැක ඇත්තේ කිරල බිත්තර රකිමින් සිටින කිරල ජෝඩුවකි. අවට පරිසරයේ මෙම බිත්තර කා දැමීමට වෙන සතුන් පැමිණෙතැයි බියෙන් මෙම සේවකයා කර ඇත්තේ කිරල බිත්තර තිබූ තැනින් ගෙන ආරක්ෂිත තැනකට ගොස් තැබීමයි. එමෙන්ම අව්වෙන් වැස්සෙන් බේරීමට එම බිත්තර උඩින් කුඩයක්ද තබා ඇත.
සේවකයාගේ මෙම ක‍්‍රියාව දැනගත් හෝටල් කළමනාකරු එසේ නොකරන ලෙස අවවාද දී ඇතත් එය නොසලකපු සේවකයා දිනක් ඉහත බිත්තර බැලීමට යාමේදී කිරල ජෝඩුව මෙම සේවකයා පසුපස පන්නමින් ඔළුවට හා මුහුණට කොටා දැඩි තුවාල කර ඇති අතර කිරල ප‍්‍රහාරයෙන් බේරීමට යාමේදී අසල තිබූ වළකට වැටී පාදයකට ද හානිවී මාසයක්ම නිවසේ සිට ප‍්‍රතිකාර ගන්නට සිදුවී ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කිරල බිත්තර පරෙස්සම් කරන්න ගිහින් වළේ වැටිලා
දුමින්ද Wednesday, 29 April 2015 05:04 AM
පරසරයට කරන ලොකුම ආදරය වෙනස් නොකිරීමය (බ)
රෙජි-සිඩ්නි Wednesday, 29 April 2015 05:18 AM
සේවකයා හොඳ වැඩක් කළත් කිරල ජෝඩුව හිතන්න ඇති මේ මිනිහ මොකටද අපේ බිත්තර ගිහින් වෙන තැනක තිබ්බේ කියල. හොඳට හොයල බලල වැඩ කරන්නේ කියන්නේ ඕකට තමා. (බ)
ලසිත් Wednesday, 29 April 2015 12:33 PM
කල හොඳ පස්සෙන් ඇවිල්ලා! (ම)
සරත් Wednesday, 29 April 2015 10:48 PM
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි......." (නි)
දිමුත් Thursday, 30 April 2015 05:46 AM
"ඉල්ලං කෑම" (බ)
පද්මා Thursday, 30 April 2015 10:51 AM
කිරල ජෝඩුව නියම දඬුවමක් දීලා තියෙන්නේ (නි)
ජනහිත Thursday, 30 April 2015 10:22 PM
කවුරු කවුරුත් දැනගන්න එක හොඳයි අනුන්ගේ බිත්තර පරිස්සම් කරන්න නොගිහින් ඉන්න.එතකොට දෙගොල්ලන්ටම කරදරයක් නැහැනේ. තමන්ගේ බිත්තර තමුන් පරිස්සම් කරගන්න ඕනෑ (නි).
පිටබැද්දර ජයා Friday, 01 May 2015 01:33 AM
ඉස්සර කාලේ කැලේ හිටපු වඳුරෙකුටත් ඔහොම දෙයක් වුණා කියලා අහලා තියෙනවා. ඒක නිසා වඩා හොඳයි තමන්ගේ පාඩුවේ ඉන්න එක! (නි)
ප්‍රමිත Friday, 01 May 2015 05:09 AM
පරිසරයට ආදරය කළාට කමක් නැහැ. ඒ අහිංසක සත්තුන්ට කරදර කරන්න යන්ඩ හොද නෑ. බිත්තර දාන්ඩ පුලුවන්නම් ඒවා බලා ගන්න්නත් ඒ සත්තුන්ට පුළුවන් වෙන්ඩ ඕනි. (බ)