යමකුට හරිමඟ කියාදිමේ වගකීම පැවරී ඇත්තේ ගුරුවරයාටය. එසේ වුවද අබුද්දස්ස කාලේ ගුරුවරුන්ටත් දැන මුතුකම් කියාදීමට සිදුව තිබේ. වයඹ ගමකින් වාර්තාවන කිරිගොවියකු විදුහල්පතිවරයකුට හරිමඟ කියාදුන් පුවත සැකෙවින් මෙසේය. මේ දිනවල පාසල් දරුවන් ගේ කායික හා මානසික පෝෂණය වර්ධනය කිරීමට දියරකිරි වේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙලක් ඇරඹී ඇත. දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය සාර්ථක කිරීමටත් මේ වැඩපිළිවෙල වැදගත් වෙයි. අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලැබී ඇති නිසාදෝ විදුහල්පතිවරු කිරිගොවීන් කරා ගොස් කිරිමිලට ගැනීමට සොයා බලති. එක්තරා විදුහල්පතිවරයෙක් ප්‍රදේශයේ තරුණ කිරිගොවියකු මුණ ගැසීමට ගියේය. ස්කෝල ළමයින්ට කිරි දෙන්ට යනවනෙ. ඒක හරි හොඳයිනෙ. මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ. කිරිගොවියා ඇසීය. මලේ කිරි ලීටරේට රුපියල් පනහක් විතර ගෙවන්න පුළුවන් අපේ පාසලට කිරි ලීටර් හැටක් විතර ඕනෑ. පුළුවන්ද ඒ කිරිටික දෙන්න. අපෝ දෙන්නම් කෝ කිරි ගොවියා කිවේය. කිරි ලීටර් හැටක් වුණාට හැටම එපා ලීටර් පනහක් දෙන්නකො. මං ඒක හැට කරගන්නම්. ලීටරේට රුපියල් පනහ ගානේ ගෙවනවනේ. ඒක අපි දෙන්නා ලීටර් පහ ගානේ බෙදාගෙන දවසට රුපියල් දෙසිය පනහ ගානේ බෙදාගමු. විදුහල්පතිවරයා කීවේය. ”දෙයියෝ සාක්කි” කියා නළලේ අත ගසාගත් ගොවි මහතා ”අනේ! පි‍්‍රන්සිපල් උන්නැහේ මට නම් බෑ ඒ පාප කර්මෙට කර ගහන්ට දරුවන්ට දෙන දේත් ගසාකාලා හම්බකරනවට වඩා හොඳයි වහකාල මැරෙනවා. ඔහේ ඔය බලූ වැඬේට වෙන කවුරුවත් අල්ල ගන්නවා. ඔයවගේ සල්ලි පෙරේතයෝ තවත් ඇති. මං හිතාන හිටියේ මගේ ගානේ කිරි ලීටර් දෙකක් ගුරු මණ්ඩලයටත් දෙන්න. මට දෙන්න කිරි නෑ. කිරිගොවියා මූණටම කීවාලූ”.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කිරි වීදුරුවේ මාටියා පාර ගොවියා පිළිකුලෙන් අතහරී
සෑම් Tuesday, 28 August 2012 08:29 AM
ලන්කාවෙ කොහෙද කිරි ගොවියන් ඉන්නේ? ලංකාවෙ ගොවියා කියන වචනෙට හරක් බලන අයයි , මස් වෙළදාම් කරන අයයි ඇතුලු කිරීම හොද නැහැ. ඒ කියන්නෙ ඒ ගොල්ලන්ට සළකන්න එපා කියන එක නොවේ. ලංකාවෙ ගොවියා කියන වචනෙ තියෙන අවිහිංසාව රැකගන්න. (නි)
හේරත් Monday, 27 August 2012 05:50 PM
අයියෝ! ලොකු සර්. (නි)
සුභා Monday, 27 August 2012 06:24 PM
මොනවාද මේ වැඩ
ප්‍රියන්ත Monday, 27 August 2012 06:51 PM
තරුණ කාලෙ හැමෝම වගේ අවංකයි. දුසිරිත් පුරුදු වෙලා ඇට්ටර වෙන්නෙ මැදි වයසට යද්දි බව සමාජයේ වෙන දේවල් වලින් පේනවා. විවාහ වුනාට පස්සෙ අඹු දරුවන්ට කන්ඩ බොන්න දීලා යහපත් විදියට ඉන්න තරම් පඩියක් දෙන රැකියා නැතිකමත් මේකට බලපානවා. වැදගත්කම හොඳයි. ඒත් සල්ලි වලට දෙන තැන වැදගත්කමට ලැබෙන්නෙ නැහැ. (නි)
අකිල දුලාජ් Monday, 27 August 2012 09:09 PM
සිසිර ඔයා හරි මේවා මහා නරක වැඩ. බලාගෙන යනකොට කකුල් හතරෙ අය හොඳයි (අ)
සේනක Monday, 27 August 2012 09:16 PM
අද රටේ අන්තිම කැත වැඩ කරන්නෙ ගුරු හොරු (අ)
සමන් Monday, 27 August 2012 09:39 PM
මොකද්ද අනේ ඒ කතාව
රොෂාන් Monday, 27 August 2012 10:15 PM
ගොවි මහතාණෙනි, ඔබට ජය වේවා! (නි)
චන්දන Monday, 27 August 2012 11:18 PM
අයියෝ සල්ලි
ප්‍රවීන් - මැනිලා Monday, 27 August 2012 11:29 PM
කිරි අප්පට පිනා පැනපි කිවුවලු. (නි)
දිලිප් Monday, 27 August 2012 04:13 PM
හොද මනුස්සයෙක්. ජය වේවා! මමත් ඔහොම තමයි, කියලා දානවා මූණටම. පවු පොඩි ළමයි. අනෙක් පාසල් වලත් මෙහෙමද කියලා හොයලා බැලුවොත් නේද හොද? (නි)
සුනේත්‍රා Tuesday, 28 August 2012 11:16 AM
මෙය මේ රටේ සිදුවන ඉතාම සාමාන්‍ය සිද්දියකි. ඉහලට යනවිට ප්‍රමාණය වෙනස්වීම පමණක් සිදුවේ. කිරි වීදුරුව, බව්සරය, කන්ටේනර් , නැව් දක්වා ආදී ලෙස පරාසයක් පවතී.(ස)
නාලක Tuesday, 28 August 2012 01:22 PM
මේ කතාව මෙහෙම හොඳ ආදර්ශමත් එකක් වුණාට මේ ගුරුවරයා විතරක් වැරදිකාරයා කරලා අනික් ඔක්කොම සුදනෝ වෙන්න හදනවා. ඒක වැරදියි. (නි)
ලක්මාල් Tuesday, 28 August 2012 04:23 PM
සැබැම මිනිසෙක්. නියම ලාංකිකයෙක්ත. මෙන්න ආචාරය.(වි)
නලින් Tuesday, 28 August 2012 05:36 PM
අයියෝ සල්ලි කියුවලු
සිතාරා Tuesday, 28 August 2012 09:45 PM
අයියෝ සල්ලි ! සර්ව හරක් පට්ටියට දාන්න තිබුණේ. (නි)
කුෂාන් චාමර Wednesday, 29 August 2012 06:26 AM
මඩ සෝදාගත් කළ රජකමටත් සුදුසුයි කියන්නේ මේවගේ ගොවියන්ට. (ත)
චන්ද්‍ර Wednesday, 29 August 2012 01:58 PM
සුනේත්‍රා..ඔයා හරියටම .. හරි..(ස)
දර්ශන Thursday, 30 August 2012 08:50 AM
මේ වගේ ගුරු තක්කඩියන්ට පාඩමක් කියා දුන් අපේ ගොවි මාමාට අපේ උපහාරය! (නි)
නිරෝෂන් Saturday, 01 September 2012 05:48 PM
හැමෝම මේ ගොවියා වගේ කෙලින් වැඩකරනවානම්... අල්ලස දූෂණය ඉවරකරනඑක ලොකු දෙයක් නෙමෙයි..!! අපේ ආචාරය ගොවි රාජාට...!!(නු)
හේමන්ත Monday, 27 August 2012 01:33 PM
ගොවියෝ ඔහොම තමයි
දයා, සෞදියේ සිට Monday, 27 August 2012 10:15 AM
අන්න...! නියම මිනිස්සු මෙම ගුරුවරු වගේ අයත් එක්ක කොහොමද රටක් ජාතියක් හදන්නේ...(ස)
රාමනායක Monday, 27 August 2012 10:16 AM
ඔබනම් ශ්‍රේෂ්ඨ ගොවියෙක්, මෙහෙමත් ගුරු හොරු..මෙයාලටත් හරියනවද ඇත්තටම (ස)
රාජා Monday, 27 August 2012 11:06 AM
ඇත්තටම මෙහෙම අවංක කෙනෙක්ගැන අහන්න ලැබීමත් සතුටක්. ඔබට තව වැඩි වැඩියෙන් කිරි ඉතිරේවා!!! (ස)
කාලිංග Monday, 27 August 2012 11:05 AM
කිරි විදුරුවටත් මාටියා ගහනවා
ධම්මික Monday, 27 August 2012 11:10 AM
රු .250 ටත් නැමෙනවා..අනේ මෙහෙමත් මිනිස්සු..(ස)
උදයංග Monday, 27 August 2012 11:54 AM
විදුහල්පතිවරු ඉගෙන ගත්තට මනුස්සකම් දන්නෑ, ලැජ්ජාවේ පණයනවා..(ස)
ප්‍රනීත් Monday, 27 August 2012 12:20 PM
කාලෙකට පස්සේ අහන්න ලැබුණු සතුටු හිතෙන කතාවක්. මේ කිරි ගොවියා වගේ අයට ධර්මයේ පිහිට තියනවා. (ස)
දිලිප් Monday, 27 August 2012 01:29 PM
මේ වගේ අවංක කෙනෙක් මේ රටේ ඉන්නවා කියන එකත් අහන්න සතුටුයි. (නි)
සමන්ත Monday, 27 August 2012 01:32 PM
මේ විදුහල්පති වෙනුවෙන් ගත් තීරණය පලකරන්න...(ස)
සුකුමාර Monday, 27 August 2012 09:34 AM
අවංක හිතක් ඇති අහිංසක ගොවීන්...ඔබ වැනි අයයි රටට අවශ්‍ය වන්නේ..(ස)
අමිල කටුනායක Monday, 27 August 2012 01:33 PM
ගොවි රජෙකුයි ගුරු හොරෙකුයි...(ස)
ප්‍රියන්ත Monday, 27 August 2012 01:48 PM
'කිරි' අප්පට බල්ලො පෑනපි කිව්වලු (ස)
ප්‍රවීන් Monday, 27 August 2012 01:51 PM
නියමයි
සජී Monday, 27 August 2012 02:16 PM
මේ වගේ ධාර්මිකව හරිහම්බකරන අයට තව තවත් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..(ස)
අන්ජන Monday, 27 August 2012 02:48 PM
250 x 22 = 5500/- මාසෙකට 5500/-ක් උපයන්න හදලා තියෙන්නේ..(ස)
ලලිත් - කටාර් Monday, 27 August 2012 03:13 PM
මේ විදුහල්පතිතුමාගේ නමත්, පාසලත් සදහන් කරන්න. (නි)
දයාරත්න Monday, 27 August 2012 03:15 PM
මොනවාද මේ වැඩ
සිසිර Monday, 27 August 2012 03:38 PM
විදුහල්පති මව් කිරි බීලා නැතුව ඇති. ඒකයි මනුස්සකම නැත්තේ...(ස)