X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


කූඩු කර මුදාහල මීයා කෑම රහ වැටී ආපහු ඇවිල්ලා

නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. සැමියා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් ආපසු පැමිණෙන විට සැමියා සහ බිරිය මී කූඩුවක් ගෙන ආහ. 


පසුදින බලනවිට කූඩුවේ සිරවී අහිංසකව බලා සිටින මීයකු දැකගත හැකිවිය. උදේ මීයාව රැගෙන යා නොහැකි නිසා රාත‍්‍රියට ඈතට ගොස් මුදා හැරීමට ඔවුහූ තීරණය කළහ. ”දැන් අපි හවසට එනකන්ම මූ බඩගින්නේ. මම මූට මොනාහරි කන්න දාන්නම්.” සැමියා පැවසීය. චීස් කැබැල්ලක් හා වතුර කෝප්පයක් මී කූඩුව තුළට දැමූ සැමියා, බිරිය සමඟ පිටත්විය. රාත‍්‍රියේදී මීයා රැගෙන ගොස් මුදා හරින ලද අතර පසුදින පෙරදා මීයාට සමාන මීයෙක් මී කූඩුවේ දැක ගැනීමට ලැබිණි. ඔවුන් අනුමාන කළේ ඇල්ලූ මීයා නැවත පැමිණ ඇති බවය. 


සැමියා සුදු තීන්තවලින් මීයාගේ පිටේ ඉරක් ඇඳ එදින ද චීස් කැබැල්ලක් සහ වතුර තැබීය. ඔවුන් රාත‍්‍රියේදී මීයාව කැලයෙන් වටවූ පෙදෙසකට මුදාහලහ. පසු දින ද කූඩුවේ මීයෙක් දක්නට ලැබිණි. සුදුපාට ඉරක් උගේ පිටේ තිබිණි. හසුවී ඇත්තේ පැරණි මීයාම බව පැහැදිලි විය. ”ඔයා කන්න දීලා ඌට රහ වැටිලා. ඒකයි ආයේ එන්නේ.” බිරිය කීවාය. ”මීයාට මොනාද අපි කරන්නේ.” සැමියා සහ බිරිය ගැටලූවකට මුහුණපා සිටින බව රාගම ප‍්‍රදේශයෙන් වාර්තාවේ.


ක‍්‍රිස්ටෝපර් සීපියන්, 
අනුරාධපුරය.



අදහස් (0)

කූඩු කර මුදාහල මීයා කෑම රහ වැටී ආපහු ඇවිල්ලා

සුබාෂ් වික්‍රමසිංහ Wednesday, 08 July 2015 06:38 AM

මහ පුදුම පිනක් තියෙන මීයෙක්නේ... මට චීස්ස් කැල්ලක් කාපු කාලයක් මතක නෑ. (ර)

:       0       0

නෙවිල් Monday, 13 July 2015 02:04 AM

මීයෝ කරන පාඩු දැක්කහම මරලත් මදි කියලා හිතෙනවා (නි)

:       0       0

පතිරණ Sunday, 12 July 2015 01:34 PM

මී වදයකි ජීවිතේ! (නි)

:       0       0

සෆී Saturday, 11 July 2015 07:25 PM

මීයට චීස්... අපිට?? ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වය. මේ පාර ඡන්දෙට පස්සෙවත් අපිටත් චීස් කන්න හැකි වෙයිද?? (නි)

:       0       0

දසිත් Wednesday, 08 July 2015 02:51 PM

රාගම ඉන්නේ කොහොමත් සතුන්ට ආදරය කරුණාව දක්වන අය තමා (නි)

:       0       0

නිරංජන් Wednesday, 08 July 2015 12:36 PM

කෑම රහ නම් ඉතින් දාලා යන්නේ නැහැනේ! (නි)

:       0       0

පියලාල් Wednesday, 08 July 2015 11:22 AM

මීයා මියගිය නෑයෙක්ද කොහෙද.(හේ)

:       0       0

සෙලන්සියස් Wednesday, 08 July 2015 10:40 AM

අය්යෝ මේ ප්‍රශ්නෙට විසදුම ඔතනම තියෙනවා නේ. මී කුඩු තියල මීයන්ව අල්ලලා කූඩුවෙන් පිටවෙන්න නොදී කන්න බොන්න දිදී මැරෙනකම් තියාගන්න. උන්ට ආයිත් පැටවූ බෝකරන්නත් අවස්ථාව නැහැ. ගෙදර තියෙන දේවල් කාල දාන්නත් බැහැ. (බ)

:       0       0

දිනේෂා Wednesday, 08 July 2015 10:38 AM

කාරුණික සිත් ඇති යුවලක්. මේ වගේ කාරුණික ක්‍රියා අහන්නත් සතුටුයි. (ර)

:       0       0

සෑම් Wednesday, 08 July 2015 10:27 AM

මීට කලකට පෙර මා සේවය කල ආයතනයේ කෑම කාමරයේ මී බෙටි තිබීම නිසා කවුරු හෝ කුඩා මී කතුරක් ගෙනවිත් චීස් කැබැල්ලක් දිනපතාම හවසට ඒකට සවි කරලා ගියත් කිසිදිනක මීයාව අසු උනේ නැහැ. අපිත් සමග සේවය කරන ටිකක් වයසක කෙනෙක් මෙහෙම මීයෝ අල්ලන්න බැහැ. ඔන්න බලාපල්ලා මම කරන වැඩේ කියලා කොළ කැබැල්ලක "MICE PLEASE NOTE , CHEESE THIS WAY " කියලා ලියලා ඊ තලයකිනුත් ඒ පැත්ත පෙන්නුම් කළා. මම එදින හදිසි වැඩක් නිසා රෑ වෙනකම් වැඩ කළා කෝපි කෝප්පයක් හදාගන්න කෑම කාමරයට ගියාම මෙන්න මීයෙක් අහුවෙලා ඉන්නවා (නදී)

:       0       0

චතු Wednesday, 08 July 2015 10:15 AM

බලන්නකෝ ලංකාවේ මිනිස්සුන්ට තියන සල්ලි. මියන්ට චීස් දෙනවා (නදී)

:       0       0

සපුමල් Wednesday, 08 July 2015 08:53 AM

දැන් හුරතලේට ඇති කරානම් හරි.(හේ)

:       0       0

සුබාෂ් වික්‍රමසිංහ - ඩුබායි Wednesday, 08 July 2015 07:31 AM

අනේ මටත් මීයෙක් වෙන්න තිබ්බා නම්. නෝනා අතින් චීස් කෑල්ලක් කන්න තිබුනා. අපිට කොහෙන්ද ඒ වගේ පිනක්? (නදී)

:       0       0

තෙපානිස් Wednesday, 08 July 2015 06:50 AM

අපි පාන් කියා ගන්න බැරුව ඉන්න කොට මීයන්ට චීස් වලින් සංග්‍රහ කරන අයත් ලංකාවේ සිටීද? (ර)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 08 July 2015 01:38 AM

අහන්නත් සතුටුයි. කරුණාවන්ත යාළුවෙක් (නි)

:       0       0

සරත් පර්ත් Wednesday, 08 July 2015 06:31 AM

අපේ පාර්ලිමේන්තුවත් මී කුඩුවක් වගේ කෑම රහ වැටිලා ආපසු එන්නම්යි බලන්නේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 July 2015 06:01 AM

අපේ ගෙදරත් ඔට වගේම වැඩක් වුනා හැබැයි නෝනා තමයි වරද කළේ , එ්ත් මීයෙකුට කන්න දීල උගේ වැඩේ කෑම හොයාගෙන එනවා නෝනා මුලදිනම් ටිකක් බැන්න කන් කෙඳිරි ගැව දැන් වගේ වගක් නැහැ, මීයාත් කාල පින් දීල යනවා (බ)

:       0       0

සුසන්ත වරුෂවිතාන Wednesday, 08 July 2015 05:24 AM

නෝනා මීයන්ට ආසයි වගේ (නදී)

:       0       0

ගමගේ Wednesday, 08 July 2015 04:39 AM

මේ දවස්වල ගිලෙන නැවක ඉන්න මීයෙක් වගේ. (බ)

:       0       0

සංජය Wednesday, 08 July 2015 04:39 AM

පොහොසත් පවුලක් වගේ, නැත්නම් කොහෙන්ද චීස් (බ)

:       0       0

චින්තක Wednesday, 08 July 2015 04:25 AM

පින්වන්ත ජෝඩුවක් .මී කරදරෙන් ඉක්මනින්ම මිදේවා (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 08 July 2015 03:29 AM

දැන් ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි. ගෙදරට පුස් පැටියෙක් ගෙනෙන එකයි.. (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 08 July 2015 03:27 AM

නුඹලා දෙන්නා වචනයේ නියම අර්ථයෙන්ම මිනිසුන් (නදී)

:       0       0

ආනන්ද Wednesday, 08 July 2015 03:17 AM

කෑමට රසවැටුණු මීයෝ තව කොච්චර නම් ඉන්නවාද? (නි)

:       0       0

නිළමේ Wednesday, 08 July 2015 03:15 AM

වැඩි අනුකම්පාව භූමිකම්පාව වෙලා වගෙයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 July 2015 03:12 AM

අපේ රටේ දේශපාලකයන් වගේ (නි)

:       0       0

බෝපගේ-සිඩිනි Wednesday, 08 July 2015 03:08 AM

ඔබ වැනි කරුණාවන්ත මිනිසුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. අසරණ සතාව මරල දාන්නේ නැතිව මෙහෙම හරි උෟ වෙනුවෙන් කරදර වෙන එක ඔබ දෙදෙනාගේ මිනිසත් බව පෙන්වයි (නදී)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 08 July 2015 01:38 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site