උසස් පෙළ අමතර පන්තියකට සහභාගිවීමට ගිය සිසුවියක් කහ ඉර මාරුවෙද්දී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇයට මංගල සීනු හැඬ වෙන්නට ගිය පුවතක් උතුරු මැද පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වෙයි.
මෙවර උසස් පෙළ විභාගයට සුදානම් වන සිසුවියක් තම මිතුරියන් පිරිසක් ද සමගින් අමතර පන්තියකට සහභාගිවීම සඳහා නගරයේ කහ ඉරක් මතින් පාර මාරුවෙද්දී යතුරු පැදියක පැමිණි තරුණයෙක් ඈත තියාම සිසුවියන් දුටුවේය. ඔහු‘වැඩ’ පෙන්නන්න සිතා වේගයෙන් කහ ඉර අසලටම පැමිණ යතුරුපැදියේ තිරිංග තද කළත් නිසායාකරව එය ක්‍රියාත්මක නොවීම නිසා යතුරුපැදිය කැරකී සිසුවියකගේ ඇඟේ හැපීමෙන් ඇය බිම ඇද වැටී කකුලකට සුළු තුවාල සිදුවිය.
අවට සිටි වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් අසල වූ වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් සිසුවියට ප්‍රතිකාර ලබාදීමට තරුණයාට සිදු වුවත් වෛද්‍යවරයා ඉදිරියේ දෙදෙනාම තම අනන්‍යතාව ප්‍රකාශ කිරීම නිසා තරුණයාට සිසුවියගේ තොරතුරු දැනගැනීමට හැකිවිය.
නිවසට ගිය තරුණයා තම මවට හා පියාට සිද්ධිය පැවසීමෙන් පසු තම පුතුට ඉදිරියේදි යම් කරදරයක් ඇතිවේදෝ සිතා බියට පත් ඔවුහු සිසුවියගේ නිවසට ගොස් ඇයගේ මවුපියන් මුණගැසීමට තීරණය කළහ. අනතුර එතරම් බරපතළ නොවන බවත් ඒ පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඇයගේ පියා ඔවුන්ට දැන්වූවත් සිසුවිය පිළිබඳව ඉතා උනන්දුවෙන් කතාබහ කළ ඔවුන් තමන්ට ඉන්නේ එකම පුතු බවත් පවුලේද ගැටලු නැති නිසා අවශ්‍යනම් සිසුවියගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කළ හැකි බවත් පවසා එහෙනම් අපි නැවතත් එන්නම් යැයි කියා නිවසින් එළියට බැස්සාහ.
“නෑ...නෑ...අපි ඒවා බලාගන්නම්. ආයෙ මෙහේ නාවාට කමක් නැතැයි සිසුවියගේ පියා පැවසීම නිසා ඒ බලාපොරොත්තුව ද මග හැරී ඔවුන්ට නිවසට පැමිණීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෙල්ලන්ට වැඩ පෙන්නන්න ගිය කොල්ලා පෙළවහටත් ඇහැගහලා