(බළපිටියේ එස්. ඒ. වයි. ද සිල්වා)
දිනය ඉකුත් 20 වැනි සඳුදාය. කොග්ගල ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකි. හැටන් සිට ගාල්ල බලා ධාවනය වන බස් රථය අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ළඟා වන විට පෙරවරු නවයයි පහළොවත් විස්සත් අතර පමණ විය.
අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේදී මගීන්ගෙන් බස් රථය පිරී සිටියදීත් විනාඩි දහයකටත් වඩා වැඩි කාලයක් නතර කර ගෙන සිටියේය.
මේ බස් එක යන්නෙ නැද්ද? දැන් විනාඩි කීයක් නතර කරගෙන සිටියද? අපිත් හදිසි වැඩ වලටයි යන්නේ. ඉක්මනට යන්න.
බස් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටි මැදිවියේ පසු වූ මගියකු කොන්දොස්තරවරයාගෙන් ඉල්ලා සිටියේය.
වඩා උස් නොවූ සිහින් සිරුරකින් හෙබි තරුණ කොන්දොස්තරවරයාට යකා නැග්ගේය.
‘මොකක්ද තමුසේ ඒ ඇහුවේ. මේක මගේ බස් එක. මට ඕන විදියට, මට ඕන වෙලාවට බස් එක ගෙනියන්නේ. මම කෑ ගහල කිසිම කෙනෙක් බලෙන් නග්ග ගත්තෙ නැහැ. බලෙන් නග්ග ගන්නෙත් නැහැ. හදිසි කෙනෙකුට වෙන ඕනම බස් එකක යන්න පු`ඵවන්.’
වපර ඇසකින් බැලූ කොන්දොස්තරවරයා ගෝරනාඩු කළේ පාතාලයේ චණ්ඩියකු ලෙසිනි.
කිසිවක් කර කියා ගත නොහැකි වූ මගියා නිහඬව සිටියේය.
තමාට ඕන විදියට ධාවනය කරන්න පෞද්ගලික බස් රථයක හිමිකරුවකුටවත් කීමට අයිතියක් නැත. එහෙත් කොග්ගල ඩිපෝවේ මේ කොන්දොස්තරවරයාට බස් රථයක් අයිති වුණේ කොහොමදැයි මගීහු ප්‍රශ්න කරති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොග්ගල ඩිපෝවේ කොන්දොස්තරයකුට අයිති බස්රියක්
අක්කුණ්ඩා Wednesday, 22 May 2019 06:19 AM
පොදු දේපළක් කොහොමද පුද්ගලික දේපළක් නෙවෙයි.
Magiya Thursday, 23 May 2019 10:38 AM
කොන්ද පන තියන එකෙක් හිටියේ නැද්ද ඔය බස් එකේ?