(මීගහතැන්න-ප්‍රේමතිලක පෙරමුණ)
පස්දුන් කෝරළේ ගාලු දිස්ත්‍රික්ක මායිමට ආසන්න ගමක සිදු වීමකි. එක්තරා නිවසක දියණියකගේ කොටහළු මඟුල් උත්සවයකි. පවුලේ එකම දියණිය බැවින් උත්සවය ජයටම ගන්න ගෙහිමියා සියලු කටයුතු සූදානම් කර තිබුණු අතර, මත්පැන් සාදය සඳහා වයිවරන කූඩාරම් ගැසූ වෙනම ස්ථානයක් ද සූදානම් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වන ලදී.
උත්සව දිනය උදා විය. රජයේ ආයතනයක රැකියාව කළ ගෙහිමියා සේවා ස්ථානයේ බොහෝ පිරිසකට ද උත්සවය සඳහා ආරාධනා කරන ලදී
සේවය නිමා කර රාත්‍රි භෝජනය සඳහා සියලුම මිතුරෝ උත්සවයට සහභාගී වූහ. ඒ අතර නිති පතා මත්පැන් බීමට ඇබ්බැහි වී සිටි මිතුරකු ද පැමිණ හොඳ හැටි මත්පැනින් සප්පායම් වෙමින් සිටිනු දුටු සරත් නම් මිතුරා ගෙහිමියා පසෙකට කැඳවා මෙසේ කීවේය .
“මචං පාටිවලට ගියාම අරූ ‘සුනිමල්‘ අරක්කු බෝතල් උස්සනවා. ඇහැගහගෙන හිටපන් ”යැයි කීවේය
ගෙහිමියා ද “සරත් උඹත් ඒ ගැන පොඩ්ඩක් බලපං මචං” කියා කාරණය හිතට ගෙන විමසිල්ලෙන් සිටියේය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී හොඳ හැටි පදම් වී සිටී මිතුරන්ට ගෙහිමියා කෑමට ආරාධනා කළේය.
තමන්ගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටි පෙර සඳහන් කළ සුනිමල් අසල හිස් මේසයක් මත තිබූ අඩක් හිස් කළ මත්පැන් බෝතලය රැගෙන කාගේත් ඇස් වසා තම කාර්යාලීය බෑගයේ දමා ගත්තේ ඒ පිළිබඳ ඇති හසල පළපුරුද්ද උපයෝගී කර ගනිමිනි.
උත්සවය නිමා වී සියල්ලෝ සතුටින් විසිර ගියහ.
පසු දින සේවය නිමවූ විගස සුනිමල් ප්‍රමාද නොවී නිවසට ගියේ පෙර දින මිතුරාගේ ගෙදරින් ඉස්සූ භාගයේ රස බලන්නටය
යන්තම් ඇඟපත සෝදා කුස්සියට පැන කටගැස්මක් ද සාදාගත් සුනිමල් මිදුලේ සිමෙන්ති බංකුව මත වාඩි වී මත්පැන් උගුරක් කටේ හලාගන්නවාත් සමග. “ඔය දහජරාව කටේ හලාගන්න තියෙන තදියම, ගෙදර වෙන වැඩකට නම් නෑ. නාගන්නවත් ඕන කමක් නැති හැටි” යැයි බිරියගේ සුපුරුදු ආඩපාලි පටන් ගත්තා ය
කටට ගත් අරක්කු ටික.. “පූ..හ්” ගා එළියට දැමූ සුනිමල් බෝතලය සිමෙන්ති බංකුවේ ගසා විදුලි වේගයෙන් ගෙතුළට ගියේ ඉස්තෝප්පුවේ සිටි බිරිඳව ද තල්ලු කරමිනි.
රාත්‍රී ආහාරය ද නොගෙන නිදි ඇඳට වැටුණු සුනිමල් මුළු රැය පහන් කළේ ද නිදි වර්ජිතවය. පසු දා සුනිමල් කාර්යාලයේ ආපනශාලාවට කලින්ම ගියේ පෙර දින රෑ කුසගින්නේ සිටි නිසාය. ඒ අවස්ථාවේ එහි මිතුරන් කීප දෙනෙකු ද සිටි අතර එක් අයෙක් “සුනිමල් මොකද මූණ මැලවිලා... අසනීපයක්දැයි” විමසීය
“නෑ එහෙම එකක් නෑයි” පවසා සුනිමල් ආපනශාලා සේවකයා අමතමින්.. මට කහට එකක් දෙන්න යැයි පැවැසී ය.
එවිට මිතුරන් අතරේ සිටි සරත් “කහට බිව්වාමත් වෙරිවෙනවා මචං” යයි කියද්දී සුනිමල් වාඩිවී සිටි තැනින් ඉද්ද ගැසුවාක් මෙන් ඉබේම නැගිට්ටේය. මිතුරන් කොක්හඩලා සිනාසෙද්දී සුනිමල් කහට කෝප්පය ද නොබී ආපන ශාලාවෙන් එළියට පැන්නේ... තම බිරිඳ ගැන වැරදි වැටහීමක් ඇතිකර ගැනීම පිළිබඳ පසුතැවෙමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොටහළුවෙන් ඉස්සූ බාගෙ සූර් නැතුව යකා නැගලා