ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ සුනිල් හා කමලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවුනත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ.
එහෙත් මේ දෙපළගේ ප්‍රේමය දිනෙන් දින දලු කොළ, රිකිලි දා වැඩිවුණා මිස අඩුවක් වුණේ නැත. මේ අතර කමලාට තම මව්පියෝ මඟුල් කපුවකු මගින් මඟුලක්ද කතාකර ගත්හ.
එහෙත් කමලා නිහඬව සිටියේ තම යටි සිතේ කැමති අරමුණු කරගෙන දැයි කිසිවකු දැන නොසිටියද මංගල දිනය පවා තීන්දු විය.
තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැති බව වටහාගත් පෙම්වතුන් යුවළ ගමෙන් පලායාමට තීරණයක් ගත්හ.
එදින වැසිබර රාත්‍රියකි. පාන්දර යාමයේ ත්‍රිරෝද රථයක් රැගෙන සුනිල් කමලාගේ නිවස අසල රැඳී සිටියේය.
කල්තියා සූදානම් කරගත් තම ඇඳුම් කැඩුම්, රන් ආභරණ ඇතුළු මිල මුදල් රැගෙන තමා සුනිල් සමග යන බවත් සොයා නොබලන ලෙසත් දන්වා මවුපියන්ට දන්වා ලිපියක් ලියා තම මේසය මත තබා නිදි යහනේ කොට්ට දෙකකට රෙද්ද පොරවා කිසිවකුට නොහැඟෙන පරිද්දෙන් ඇය අඳුරේම ත්‍රීවිලරයට ගොඩවී සුනිල් හා ගමෙන් පලා ගියාය. උදේ තම ්දියණිය අවදිවී නැති බව දුටු මව කාමරයට ගොස් බැලූවිට කොට්ට දෙකකට රෙද්ද පොරවා කෙල්ල අතුරුදන් වී ඇති බව දුටුවාය.
ඇයගේ ලිපිය කියවා බලා කරුණු කාරණා වටහාගත් දෙමහල්ලෝ ‘‘වෙච්ච දේට මක් කොරන්නදැයි’’ හිත හදාගෙන මඟුල නොකෙරෙන බව මනාලයාගේ මව්පියන්ට දැනුම් දුන්හ.
පියසේන දොඩගොඩ,
මතුගම.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොට්ට දෙකට රෙද්ද පොරවා මනාලිය අතුරුදන්