(තිහගොඩ උපසේන ලියනගම)
සිංහල අවුරුදු චාරිත්‍ර කියා දීම සඳහා කන්ද උඩරට ප්‍රදේශයේ පැවැති උත්සවයකි. සියලූ චාරිත්‍ර විධි අකුරටම කි‍්‍රයාත්මක වූ අතර කොට්ටා පොර තරගය එහි ජනපි‍්‍රයම අංගය විය.
එහි අවසාන වටයට තේරී ආ තරුණයන් දෙදෙනා කරට කර තරගය පවත්වා ගෙන යන අතර තුර එක් අයකුගේ ප්‍රහාරක කොට්ටය පටලැවී දෙදෙනාම බිම පතිත වූහ.
එහෙත් බිම සිටගෙනත් නොනැවතී එකිනෙකාට පහර දෙනු දුටු සංවිධායකයෝ ඔවුන් ගෙන් කොට්ටා දෙක උදුරා ගත්තත් පසුව අතින් පයින් පහරදීමට පටන් ගැනීම නිසා මහා කලබලයක් වූයෙන් ඔවුන් කී‍්‍රඩා භූමියෙන් ඉවත්කළහ.
කොට්ටා පොර තරගය ගුටි කෙළියක් බවට පත්වීම මෙයින් නතර වුවත් ත්‍යාග ප්රදානෝත්සවයේදී එකිනෙකා ජයගත් බව පවසමින් නැවත අරගලයකට සූදානම් වුණාලූ. තොරතුරු සෙවීමේදී අනාවරණය වූයේ මේ දෙදෙනා කලක පටන්ම සතුරන් බවට පත්වී සිටි බවක්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොට්ටා පොරයට ආ දෙදෙනා බිමට පැන අතින් පයින් ගහගෙන
සමීර Friday, 10 April 2015 04:08 AM
අලුත් අවුරුද්දේ තරහා මරහා හොඳ නැහැ.(බ)
පහන් Friday, 10 April 2015 04:54 AM
අවුරුදු උත්සව සංගීත සංදර්ශන තරහ පිරිමසා ගැනීමට නීතියෙන් ලබාදී ඇති ස්ථාන කියලා තමයි අපේ කට්ටිය හිතාන ඉන්නේ ...(ම)
සමන්තලාල් Friday, 10 April 2015 06:04 AM
සමීර, අවුරුද්දට විතරද තරහා මරහා හොඳ නැත්තේ? (නි)
ගමගේ Friday, 10 April 2015 06:45 AM
හොඳ වෙලාවට කොට්ට පොරයකදී මෙහෙම වුනේ. කඩු සටනක් වුනානම් සංවිධායකයින්ටත් මරණීය තුවාල වෙන්න තිබුන. (බ)
මිලාන් Friday, 10 April 2015 08:05 AM
අනේ අලුත් අවුරුද්දට ගිය කලක් (බ)
දුමින්ද Saturday, 11 April 2015 06:17 AM
අවුරුද්ද විකිණිලා -මුදල ඉස්මතුවෙලා (නි)
සංජීව Saturday, 11 April 2015 10:55 AM
කොට්ට පොර මොට්ට පොර විය (බ)
පුබුදු Saturday, 11 April 2015 12:36 PM
දෙන්නටම තෑගි දෙකක් දීලා දැම්මනං ඉවරයි (බ)
මුදියන්සේ Saturday, 11 April 2015 03:01 PM
අපේ පහන් කොලුවාගේ කතා පොතෙත් මීට සමාන වෙනත් කතාවක් තිබුනා මට මතකයි (නි)
ුකමාර Sunday, 12 April 2015 10:41 AM
ගමගේ කොහොමද දෙන්නා ලිස්සන ගහට නැග්ගා නම් (නදී)
විමුක්ති Sunday, 12 April 2015 02:05 PM
අවුරුද්ද එනකම් බලන් ඉදලා නේ දෙන්නාගෙ තරහා පිරිමහා ගන්න . අනේ මෙහෙමත් මිනිස්සු . (නදී)
සෙලිනා Monday, 13 April 2015 12:21 PM
මෙහෙත් ඔහොම දෙයක් වුණා. දෙපිලක් කඹ ඇද්දා. අවසන්වෙලා දෙපිලම හොඳට ගහගත්තා. (නි)
සාරා Wednesday, 15 April 2015 08:03 PM
ඒකත් එක විදිහක සෙල්ලමක් තමයි (නි)
සුනිල් Friday, 17 April 2015 06:39 AM
දෙන්නගේ මොළයේ තරම සිතාගන්න පුළුවන්. (නි)
අමිත් Monday, 20 April 2015 01:29 AM
දෙන්නටම පිදුරු මිටි දෙකක් දුන්නානම් හොඳයි නේද? (නි)