නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට (බාබර් සාප්පුවකට) ගොස් තම කොණ්ඩය කපාගත් ගම්බද ප්‍රදේශයක වයෝවෘද්ධ පුද්ගලයකු කොණ්ඩා කැපීමේ ගාස්තුව වශයෙන් පොළොස් ගෙඩි දෙකක් හා දෙහිගෙඩි කීපයක් කරණවෑමියා අත තැබීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
එය නගරයේ බාබර් සාප්පුවකි. පසුගිය දිනෙක මල්ලක්ද රැගෙන එයට ගොඩවූ වයෝවෘද්ධ පුද්ගලයකු තම කොණ්ඩය කපා දෙන්නැයි එහි සිටි කරණවෑමියාගෙන් ඉල්ලා සිටියේ එහි තිබූ අසුනක හරිබරි ගැහී වාඩි වෙමිනි.
කරණවෑමියාද සිය කාරිය මැනවින් ඉටුකළේ ඔහුගේ ආ ගිය තොරතුරු පිළිබඳව ද විමසමිනි. කෙසේ වෙතත් කොණ්ඩය කැපීමෙන් පසුව සිය අසුනින් නැගිටගත් එම පුද්ගලයා කොණ්ඩය කැපීමේ ගාස්තුව වෙනුවට මල්ලට අත දමා එළියට ගත් පොළොස් ගෙඩි දෙකක් හා දෙහි ගෙඩි කීපයක් කරනවෑමියා අත තැබුවේ ඔහු අන්ද මන්ද කරමිනි.
“අනේ පුතේ මට සල්ලි නැහැ. දැනට ඕක තියාගනින්. මම ආයෙ එන දවසක කෙහෙල් මුව දෙකක් ගෙනත් දෙන්නම්. මම මේ පොළට හැමදාම එනවා” කරන්නට අන් යමක් නැතිව දුටු කරණවෑමියාද පොළොස් ගෙඩි දෙක හා දෙහි ගෙඩි කීපය පසෙකින් තැබුවේ වයෝවෘද්ධ පුද්ගලයාට පිටව යන්නට දොර විවෘත කර දෙමිනි.
(වියලුව වාර්තාකරු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොණ්ඩය කැපුවාට අමුතු ගාස්තුවක්
අනිල් Thursday, 18 August 2016 06:00 AM
සමහරවිට නියමිත මුදලට වඩා වටිනවා ඇති .ඉස්සර කාලේ ගනු දෙනු කලේ භාණ්ඩ හුවමාරුවෙන්. මේ මනුස්සයා එක යුගයක් පන්නලා කෙලින්ම මේ යුගයට ඇවිත් වගේ.(හේ)
බණ්ඩාර - කැකිරාව Thursday, 18 August 2016 07:11 AM
කොණ්ඩ කපන්න රුපියල් 150ක් කියමුකෝ. පොළොස් ගෙඩි 2 කම රුපියල් 200ක් වටියි. දෙහි මිල ගැන ඔබ සියලු දෙනාම දන්නවා ඇති නේද. කරණවෑමියාට කිසිම පාඩුවක් නැහැ. මොකද කෘමිනාශක නොමැති හොඳ ආහාරයක් ලැබිලා (නි)
නිරුල් Thursday, 18 August 2016 07:26 AM
දෙපාරක් කොණ්ඩය කපාගන්න පුළුවන් මේ ගාස්තුවෙන් (නි)
මොහොමඩ් Thursday, 18 August 2016 07:51 AM
සල්ලි වලට වැඩිය මේවා වටිනවා (නි)
ජීවන් Thursday, 18 August 2016 10:21 AM
මාරයිනේ.(හේ)
රවන් Thursday, 18 August 2016 10:43 AM
මුදල් වලට වඩා මේවා කොච්චර අගේද? (ර)
ශ්‍රියානි Thursday, 18 August 2016 10:41 AM
අසරණ වයසක මනුස්සයෙක් නිසා නිහඩව පොලොස් දෙහි බාරගන්න ඇති. (ර)
ඩෙරිික් Thursday, 18 August 2016 02:01 PM
සිංහල මිනිසා බාර ගනී. මම නම් අසරණ මනුස්සයන්ට පොලොස් ටිකක් දීලා දානවා (බ)
ශාන්ත Thursday, 18 August 2016 03:25 PM
මගේ යාලුවෙකුට ටැක්සියේ ගාස්තුව වෙනුවෙන් අලුත් මාළු වලින් ගෙවාල තිබුනා. මේක වුනේ ලංකාවේ නොවෙයි. විනෝදයට මාළු අල්ලන ගිය කෙනාට මාළු ගොඩක් ලැබිලා ගෙදර ශීතකරණයේ ඉඩ මදි නිසා ඉතුරු මාළු දීලා තියෙන්නේ. මීටරේ ගැන වගේ කීප ගුණයක් වෙනවා ඒ මාළු ටිකට (හේ)
අතුල Thursday, 18 August 2016 07:44 PM
කරණවෑමියාට සල්ලි ගත්තට වඩා වාසියි (නි)
ගුණවර්ධන Thursday, 18 August 2016 07:38 PM
පොළොස් කියන්නේ නියම කෑමක්. හැබැයි මේක හරියට හදන්නට දැනගෙන සිටිය යුතුයි. පොළොස් ගෙඩි දෙක පාඩුවක් වන්නේ නැහැ (නි)
පද්මිනී Sunday, 21 August 2016 04:55 AM
පොලොස් ගෙඩි දෙකට ගැලපෙන්නේ හොදට පැහුණු පොල් ගෙඩි දෙකක්. හරිම වටිනා හුවමාරුවක්.(රේ)