බීඩියක් දල්වාගෙන ‘එළවළු රොටී පුච්චනවා’ යැයි පවසා වෙළෙඳසල් හිමියෙක් කොත්තු බාස්ගේ මුහුණට පිටි ගුලියකින් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ හෝටලයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයේ හෝටලයක හිමිකරුවෙක් මීට වසරකට පමණ ඉහත දී ‘කොත්තු බාස් කෙනෙක් වහාම ඕනෑ’ යනුවෙන් පුවත්පතක දැන්වීමක් පලකර ගම්පහ ප්‍රදේශයේ 40 හැවිරිදි විවාහක කොත්තු බාස් කෙනෙක් සොයාගෙන තිබුණි. මෙම කොත්තු බාස්ට තුන් වේල කෑම දී දිනකට වෙළෙඳසල් හිමියා විසින් රුපියල් 3000ක මුදලක් ද ගෙවනු ලබයි. කොත්තු බාස් දිනකට දුම්වැටි 4ක් 5ක් දල්වන බව වාර්තා වෙයි. දුම්වැටි දැල්වීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු දැනගෙන සිටියේ ද නැත.
දිනක් හෝටල් හිමිකරු සිය බිරිඳට හෝටලය රැක බලා ගන්නා ලෙස දන්වා හදිසි අවශ්‍යතාවකට කොළඹ ගියේය.
එදින කොත්තු බාස් කොත්තු සකසන අවස්ථාවේ දී බීඩියක් දල්වාගෙන සිටින අයුරු හෝටල් හිමිකරුවාගේ බිරිඳ දුටු බව සිය සැමියාට පැවසුවාය. පසුව එම අවස්ථාවේම හෝටල් හිමිකරු කොත්තු බාස් ගෙන්වා අවවාද කාට යළි කෑම හදන අවස්ථාවේ දී දුම්වැටි පාවිච්චි කළොත් රැකියාවෙන් දොට්ට දමන බවත් දුම්වැටියක් දැල්වීමට අවශ්‍ය නම් පිටුපසට ගොස් එය කරගන්නා ලෙස ද කීය. කොත්තු බාස් වරද පිළිගෙන හෝටල් හිමියාගෙන් සමාව ද අයැද යළි සේවය කරමින් සිටියේය.
දින කිහිපයකට ඉහත දී පෙරවරුවේ හෝටලයේ හිමිකාර යුවළ අසල්වැසි නිවසක අවමංගල්‍යයකට ගියේ හෝටලයේ සේවකයෙකුට රැක බලා ගන්නා ලෙස දුරකතනයෙන් දුන් දැනුම් දීමකට අනුවය. පෙරවරු 10ට පමණ හෝටල් හිමිකාර යුවළ පැමිණෙන අවස්ථාවේ දී කොත්තු බාස් බීඩියක් කටේ රඳවාගෙන එළවළු රොටී පුච්චන අයුරු යළි දැක තිබුණි.
හෝටල් හිමිකරු යළි හෝටලයට පැමිණි අයුරු කොත්තු බාස් දැක නොතිබුණු අතර සෙමින් කොත්තු බාස් අසලට ගිය හෝටල් හිමිකරු කුඩාවට කඩා තිබූ පිටි ගුලියක් ගෙන මීටර් තුනක් පමණ ඈතින් සිට කොත්තු බාස්ගේ මුහුණට එල්ල කළේය. කොත්තු බාස්ගේ කටේ තිබුණු බීඩිය ද පිටි ගුලියත් එක්ක බඩට ගියෙන් කොත්තු බාස්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.
කොත්තු බාස් සේවය අතහැර දමා යන්නට සූදානම් වුවද හෝටල් හිමිකරු යළි ඔහු රඳවාගෙන මේ වන විට සේවය කරන බව ද වාර්තා වේ.
කෑගල්ල අධිකරණ
චමින්ද වැවතැන්න
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ