X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


කොන්දොස්තර නැතිව බස්රිය ගමනාන්තයට ගිහින්

(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව කිරිමැටියාන මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයා මග දමා බස් රථය තම ගමනාන්තය වූ කිරිමැටියාන දක්වා ධාවනය වූ පුවතක් පසුගියදා වාර්තා විය.
 
වෙන්නප්පුව නගරයේ සිට කිරිමැටියාන දක්වා ධාවනය වූ වෙන්නප්පුව ඩිපෝවට අයත් ලංගම බස් රථය ලුණුවිල නගරයට ළඟා වූ පසු විනාඩි කීපයක් එම ස්ථානයේ නතර කර තැබෙන නිසා කොන්දොස්තර මහතා බස් රථයේ පිටුපසම සිට අසල කඩයකට ගොස් රීලෝඞ් එකක් දමාගෙන එන්නම් යැයි රියැදුරාට කියා බසයෙන් බැස ගොස් සිටි අතරතුර එය නොදැනුණු රියැදුරු, කොන්දොස්තරවරයා එම ස්ථානයේ දමා බස් රිය ඉදිරියට ධාවනය කර තිබේ.
 
කොන්දොස්තරවරයා රීලෝඞ් එක දමාගෙන මාර්ගයට එද්දී බස් රථය නොමැති බව දැක කලබලයට පත්වී බස් රථයේ රියැදුරාට දුරකතන ඇමතුමක් ගත්තත් එයද වැඩ නොකිරීම නිසා කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයට පත්වූ බව වාර්තා විය.
 
විනාඩි 10කින් පමණ මාර්ගයේ පැමිණි යතුරුපැදියක් නවතාගෙන එහි නැගි කොන්දොස්තරවරයා බස් රථය පිටුපසින් ගියත් බස් රථය කිරිමැටියාන නගරය දක්වා වූ කිලෝ මීටර් 4 ක පමණ දුරක් වූ ගමනාන්තයටම ගොස් තිබිණි.
 
තමන් මග දමා පැමිණීම සම්බන්ධයෙන් කොන්දොස්තරවරයා විමසීමේදී රියැදුරා පවසා ඇත්තේ තමන් සිතුවේ කොන්දොස්තරවරයා බස් රථයේ සිටින බවත් මගීන් 4ක් පමණ බස් රථයේ සිටි නිසා ඉදිරියට ගමන් ගත් බවත්ය.



අදහස් (0)

කොන්දොස්තර නැතිව බස්රිය ගමනාන්තයට ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site