X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


කොන්දොස්තර හෝටලයේ කෑම කද්දී වෙන කෙනෙක් බසයේ සල්ලි එකතු කරගෙන

තිස්සමහාරාමයට ආසන්න උප නගරයකි. පසුගිය දා පැවති උත්සව කටයුතු නිසා විශාල වශයෙන් ජනතාව නගරයට පැමිණීම හේතුවෙන් පෞද්ගලික බස් හිමියෝ ද කාර්යබහුල වූහ. ගමන් වාර කීපයක්ම ගිය මේ බස් රථය නගරයේ නවත්වා තව සුළු මොහොතකින් තිස්ස යන බව පවසා රියැදුරු සහ සහායකයා හෝටලයට ගියේ දිවා ආහාර ගැනීමටය. මොහොතකින් වාහනයට නැග ගත් පිරිස අසුන් ගනිද්දී බසයට නැගි තරුණයකු ‘‘මාරු සල්ලිවලින් රුපියල් තිහ ගානේ ගන්න’’ කියා කඩිනමින් මුදල් එකතු කරගෙන බැස ගියේ හෝටලය දෙස ද බලමිනි. බසයේ රියැදුරු සහායක තරුණයා බසයට නැග ටිකට් කැඞීමට සූදානම් වූ විට මගීන් මුදල් ගෙවූ බව කීම නිසා ඔහු අන්දමන්දව තොරතුරු විමසීමේ දී සිදු වී ඇති දේ දැන ගෙන රියැදුරු හමුවට දිව ගියේ ”හත් දෙයියනේ” කියාගෙන ලූ.



අදහස් (0)

කොන්දොස්තර හෝටලයේ කෑම කද්දී වෙන කෙනෙක් බසයේ සල්ලි එකතු කරගෙන

අමර Wednesday, 12 September 2012 12:34 PM

බස් අයිතිකාරයාට පාඩමක් උගන්වන්න හිතාගෙන මේක කොන්දොස්තර සහ රියදුරු විසින් කළ සැළසුමක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

කියානි Tuesday, 11 September 2012 05:50 PM

මේවට තමයි කියන්නේ ළගින් ගියොත් ඇහැක් නැහැ කියලා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 11 September 2012 07:59 PM

රම්‍යාට කොන්දොස්තර ගැන දුකයිද? (නි)

:       0       0

නුවන් Tuesday, 11 September 2012 09:25 PM

ටිකට් නොදෙන එකට නම් හොදයි. ඒත් මෙහෙම මිනිසුන් සිටීම ගැන දුකයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 11 September 2012 10:22 PM

ඉතුරු සල්ලි දෙන්නෙත් නැති කොන්දොස්තරලාට මෙහෙම වෙලා මදි. (නි)

:       0       0

වෙනුර Wednesday, 12 September 2012 12:56 AM

කොන්දොස්තර මහත්තයාගෙම වැඩක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

මධු Wednesday, 12 September 2012 01:26 AM

හොද වැ‍ඩේ. ප්‍රයිවට් බස් කොන්දොස්තරලාට ඔහොම වෙලා මදි. (නි)

:       0       0

සිල්වා Wednesday, 12 September 2012 05:52 AM

ඔවු ඉතිං. දකුණ නැත්නම් උතුරකුත් නැහැනේ. (නි)

:       0       0

ඉෂාර Wednesday, 12 September 2012 09:35 AM

අනේ නියම රස්සාව..මරු මරු...ඔහොම යන්.. (ස)

:       0       0

ලලිත් Tuesday, 11 September 2012 05:37 PM

හොද වැඩේ. නිල ඇදුමකුත් දීලා නේ තියෙන්නේ? (නි)

:       0       0

සේනක Wednesday, 12 September 2012 06:13 PM

දකුණ නැත්නම් රටකුත් නැත කියන එක පිළිගන්න ඕනේ. (නි)

:       0       0

සුනන්ද Thursday, 13 September 2012 05:52 AM

ඒකතමයි කියන්නේ නිල ඇදුම් අදින්න කියලා. (නි)

:       0       0

සුරංග Thursday, 13 September 2012 06:50 AM

දියුණු රටවල බස්වල මෙහෙ වගේ මගීන්ව බෙල්ලෙන් අල්ලලා බස් එකට දාන කොන්දොස්තරලා නැහැ. මගීන් බස් එකේ මැෂින් එකකට කාර්ඩ් එකක් දාලා ස්වේච්ඡාවෙන්ම ටිකට් ගන්නවා. අනිත් එක තමයි බස්වල හිටගෙන යන මිනිස්සුත් නැහැ. දියුණුයි කියන්නේ අන්න ඒ වගේ දේවල්වලට තමයි. (නි)

:       0       0

දිසානායක Thursday, 13 September 2012 10:09 AM

ඉතුරු සල්ලි දෙන්නෙත් නැති කොන්දොස්තරලාට මෙහෙම වෙලා මදි.(නු)

:       0       0

පතිරත්න Thursday, 13 September 2012 12:17 PM

එහෙනම් සුරංග, ඔයා බස් ටිකක් ගෙනල්ලා දාන්නකෝ. අපිට වාඩි වෙලා යන්න. කොහොම වුණත් වැඩේ නම් නියමයි. (නි)

:       0       0

හේමසිරි Thursday, 13 September 2012 06:26 PM

සේනක, උතුර නැත්නම් දකුණේ හැමදාම අහන්න වෙන්නේ ඔහොම දේවල් තමයි. (නි)

:       0       0

මුස්තාක් Friday, 14 September 2012 07:29 AM

කොන්තදොස්තරලා නීතියට වැඩ කරන්නෙ නැහැ. එයාලා ටිකට් දෙනවානම් මේවා වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:25 AM

දකුණ, උතුර ගගා ඉන්න. අන්න නැගෙනහිර දැන් අපිට අහිමි වේගෙන යන්නේ. (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 11 September 2012 02:28 PM

ඉදලා හිටලා මේ වගේ පොඩි පාඩුවක් උනාට කමක් නැහැ.. එයාලා මගින්ව මොනතරම් පීඩාවට ලක්නරනවාද? වර්ජනයකරන දවස්වල අපි පුළුවං තරම් දුක් වින්දා බස්වල ගිහිල්ලා..!(නු)

:       0       0

දයා-සවුදි Tuesday, 11 September 2012 10:42 AM

දකුණේ අය හැම දේකටම දක්ෂයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 11 September 2012 10:50 AM

ඔය වැඩේ නවත්වන්නේ හොඳ ගුටි පූජාවකින් පස්සේ.. (ස)

:       0       0

රාජා Tuesday, 11 September 2012 10:55 AM

ඒක තමයි කොන්දොස්තරලට නිල ඇදුමක් දෙන්නඕනෙ කියන්නෙ. (ස)

:       0       0

සංජි Tuesday, 11 September 2012 11:13 AM

කොන්දොස්තරලගේ බොරු සද්ද.... හොඳ වැඩේ..... (ස)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 01:13 PM

ඔය වගේම වැඩක් කතරගම කොළඹ බස් එකෙත් වුණා. බස් එකට 4500ක් විතර පාඩුයි. (නි)

:       0       0

සුමනා Tuesday, 11 September 2012 01:48 PM

නිල ඇදුමක් සහ ටිකට් නොදෙන ප්‍රයිවට් බස් රථ හිමියන්ට හොද පාඩමක්. (නි)

:       0       0

දසුන් Tuesday, 11 September 2012 02:19 PM

නිල ඇදුමක් සහ ටිකට් නොදෙන ප්‍රයිවට් බස් රථ හිමියන්ට හොද පාඩමක්. (ස)

:       0       0

සරත් Tuesday, 11 September 2012 02:22 PM

දැන් අපි දන්නවා දකුණේ අය හොරකමට වංචාවට ගොඩක් දක්ෂයි කියලා.. (ස)

:       0       0

විමුක්ති Tuesday, 11 September 2012 10:35 AM

අදහන්න වටින මිනිස්සු අපේ ලංකාවේ ඉන්නේ. (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 11 September 2012 02:43 PM

කොන්දොස්තරලට දීලා තියෙන නිල ඇදුම අදිනවා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

සත්‍ය Tuesday, 11 September 2012 03:01 PM

මාටියා ගහන සල්ලි වලින් කොටසක් බස් අයිතිකාරයටත් යනවද? (නි)

:       0       0

අරු Tuesday, 11 September 2012 02:58 PM

පිනට කන්න යනවාට හොද වැඩේ (නි)

:       0       0

රම්‍යා Tuesday, 11 September 2012 03:19 PM

සුමනලා වගේ අය බලාගෙන ඉන්නේ වැරදුණු කෙනාට හිනා වෙන්න. (නි)

:       0       0

විභූති Tuesday, 11 September 2012 03:26 PM

ටිකට් නොදෙන ප්‍රයිවට් බස් රථ හිමියන්ට ‍හොද පාඩමක්. (නි)

:       0       0

සජී Tuesday, 11 September 2012 04:11 PM

මේ දවස්වල දකුණේ අය ගොඩක් ප්‍රසිද්ධ වෙනවා නේද ?? (ස)

:       0       0

හේමන්ත Tuesday, 11 September 2012 04:46 PM

දකුණ කොහොමත් ඔය වගේ දේවලට ප්‍රසිද්ධනේ (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 11 September 2012 05:33 PM

ඕක මොකක්ද? ගමන් වාර දෙකක් ගියහම ගාණ කවර්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site