X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


කොන්දොස්තරගේ අයිතිය ඉල්ලා කාන්තාවෝ 3 ක් පොලිසි ඇවිත්

කාන්තාවන් තිදෙනකු අඹුකමට තබා ගත් බස් කොන්දොස්තරගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා පොලිසියට පැමිණි කතුන් තිදෙනා නිසා මහත් කළබැගෑනියක් ඇති වූ පුවතක් හතර ලියද්ද පොලිසියෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. හතරලියද්ද ප‍්‍රදේශයේ පදිංචි බස් කොන්දොර එම ප‍්‍රදේශයේම සැමියා නොමැති කතක් සමග ද ගලගෙදර ප‍්‍රදේශයේ සැමියා සිටින කාත්තාවක් හා උඩිස්පත්තුවේ දෙමළ ජාතික ගුරුවරියක සමග ද සමීප ඇසුරක් පවත්වා ඇත. පසුගියදා 16 දා එක් කාන්තාවක් ඔහුට දාව උපන් කිරිකැටියා ද තව කාන්තාවක් වස කුප්පියක් ද ගෙන පොලිසියට පැමිණ ඇත. අදාළ කොන්දොස්තර ද පොලිසියට ගෙන්වා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රසික සම්පත් මහතා  නඩුව විසඳීමට ඉදිරිපත් වූ විගස එක් කාන්තාවකගෙන් කොන්දොස්තරට කම්මුල් පහරක් ද එල්ල විය. කතුන් තිදෙනාගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ සිවු දෙනාම නිහඬ කරවූ ස්ථානාධිපතිවරයා මිනිස්කමට හා පිරිමිකමට නිගාදෙන නොමනා කටයුතු කළ කොන්දොස්තරට තරයේ අවවාද කරමින් තමා කළ හපන්කම්වලට අධිකරණයෙන්  දඬුවම් ලැබේවි යැයි පවසා ගැටලූව නිරාකරණය කර ගැනීමට සිවිල් අධිකරණයේ නඩුවක් පවරණ ලෙස උපදෙස් දී සිවුදෙනාම පොලිස් ස්ථානයෙන් පිටත් කළේය.



අදහස් (0)

කොන්දොස්තරගේ අයිතිය ඉල්ලා කාන්තාවෝ 3 ක් පොලිසි ඇවිත්

තත්සර Thursday, 20 September 2012 08:31 AM

ඔක්කොම එකම බෝට්ටුවෙ අය නේද? කවදා නම් හැදෙයිද මන්දා.. කාටවත් දොස් කිය කිය ඉන්නේ නැතිව තමන්ගේ අඩුපාඩු හදාගත්තනම් හරිනේ.. මදැයි ඔයින් ගියා..!(නු)

:       0       0

කුරුවිට Wednesday, 19 September 2012 06:20 PM

විනෝද චාරිකා බස් එකක්ද? (නි)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 19 September 2012 06:30 PM

ඉතින් මොකද පුලුවන් නිසා නේ කළේ.(නදී)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 19 September 2012 06:24 PM

ඉතිං මොකෝ? එයාට පුලුවන් නිසානේ කළේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 September 2012 06:30 PM

ඉතින් මොකෝ පුළුවන් නිසානේ කරේ . කිසිම අමාරුවක් නැතුව කම්මුලපාරකුත් කෑවා..මොන සනීපයක්ද අප්පා‍‍..(ස)

:       0       0

ලලිත් කටාර් Wednesday, 19 September 2012 06:24 PM

පුළුවං නිසානේ කළේ. පේනවානේ එක අඹුවකගෙන් කිසිම අපහසුවක් නැතිව කම්මුල් පාරකුත් කෑවෙ.. මොන සැපක්ද?(නු)

:       0       0

දිල්ශාන් Wednesday, 19 September 2012 06:42 PM

මේ අහිංසකයන්ට ඇයි නඩු දාන්නේ? (නි)

:       0       0

නදී Wednesday, 19 September 2012 06:54 PM

මේකට සම්පූර්ණයෙන්ම වදර ඔය ගැහැණු තුන්දෙනාගේ.. මම කියන්නේ ඕවා කරන්න කලින් හොයලා බලන්න තිබුණෙ නැද්ද?(නු)

:       0       0

ධනුෂ්ක Wednesday, 19 September 2012 09:51 PM

කාන්තාවො තුන්දෙනා එක්ක එක ගෙදර තියන්න තිබුණෙ රටේ තේරෙන්න..!(නු)

:       0       0

ශෙහාන් අමරසිංහ Wednesday, 19 September 2012 10:56 PM

කාන්තාවො මේ තරම් මිනිසුන්ට රැවටෙන්නේ ඇයි..? මෙච්චර දෙයක් වෙලත් මේ තුන්දෙනාම මෙයාට අයිතිය කියන්නත් ඇවිල්ලා..(නු)

:       0       0

පනාගොඩ Thursday, 20 September 2012 04:59 AM

ඔහොම හරි බේරගත්ත එක ලොකු දෙයක්. (නි)

:       0       0

සුරංජිත් Wednesday, 19 September 2012 05:48 PM

එඩිතර කාන්තාවොත් ඉන්නවානේ..!(නු)

:       0       0

සේනානායක Thursday, 20 September 2012 11:51 PM

කොනකින් හරි දොස්තරලනේ. ඒකයි මේ. (නි)

:       0       0

රණා Friday, 21 September 2012 11:45 AM

ඕක මොකද්ද සෙන්චරි ගහපු අපිට (ස)

:       0       0

ලාල් ගලබොඩ Saturday, 22 September 2012 03:33 AM

ඉතාලිවල ඉන්න ලංකාවෙ මිනිස්සුත් කරන්නේම මේ වගේ වැඩ..!(නු)

:       0       0

සනත් Saturday, 22 September 2012 04:53 AM

හැබැයි ගෑනු තුන්දෙනත් හොඳ අය නෙමෙයි ....(ස)

:       0       0

මනම්පේරි Saturday, 22 September 2012 02:49 PM

අනේ ඔවු ලාල්, ජපානයේත් ඒ වගේ තමයි. කොන්දොස්තරලාට හැමතැනම කාන්තාවන් ඉන්නවා. හැබැයි එයාලා පොලිසි යන්නේ නම් නැහැ. ඔහේ උඩ බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

පිටිගල රංජිත් මිලානෝ Saturday, 22 September 2012 06:25 PM

මේ ගැහැණු තුන්දෙනාගේ නම ගම ලිපිනය දාන්න තිබුණෙ..!(නු)

:       0       0

ලාල් ගලබඩ Sunday, 23 September 2012 03:28 PM

මනම්පේරි, කොන්දොස්තර කෙනෙක් වෙලා ජපානයට එන්න හිතෙනවා මේවා ඇහෙනකොට. (නි)

:       0       0

ලාල් ගලබඩ Monday, 24 September 2012 01:57 AM

අනේ මේ නංගිලාගේ ලිපින පළකරන්නකෝ. (නි)

:       0       0

අශෝක Monday, 24 September 2012 02:18 AM

මේ සුරූපිනියන් තිදෙනා භාරගන්න කෙනෙක් නැත්නම් ඉතාලියට එවන්න. (නි)

:       0       0

කුරේ Wednesday, 19 September 2012 01:04 PM

මට මේවට ලියන්න වචන නැහැ.(නදී)

:       0       0

සන්ජීව Wednesday, 19 September 2012 10:09 AM

දැන් මේ කොන්දොස්තරට කියන්න බැරිස " මට මතක නෑ " කියලා හරි " ඒ මම නෙමෙයි " කියලා හරි‍‍.. (ස)

:       0       0

සරත් Wednesday, 19 September 2012 10:11 AM

ඇති තුනකින් බේරුනා (දී)

:       0       0

කටුවන Wednesday, 19 September 2012 10:17 AM

පුදුම කතාවක් නේ (දී)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 19 September 2012 10:24 AM

කොහොමහරි දොස්තර වැඩේ කරානේ...ප්‍රීති ,ප්‍රීතී (ස)

:       0       0

සංජු Wednesday, 19 September 2012 10:23 AM

තම තමන්ගේ පවුල් පන්සල බලාගෙන හිටියානම් ඉවරනේ. නොගැළපෙන සම්බන්ධකම් පවත්වන්නේ. හතරදෙනාම වැරදිකාරයෝ (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 19 September 2012 10:32 AM

අශිෂඨ සාමාජීය පැතිකඩක්, පව් අර අසරණ කිරිසප්පයා.....! (ස)

:       0       0

ෆාරු Wednesday, 19 September 2012 11:26 AM

මෙයත් අර ලෝයර් වගේ වෙන්න ගිහින්ද ? (ස)

:       0       0

සරසි Wednesday, 19 September 2012 11:32 AM

කොහොමද එහෙම උනේ (දී)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 12:14 PM

ලංකාවේ හැටි ඔහොම තමයි (දී)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 12:42 PM

අයියෝ කොන්දොස්තර

:       0       0

සංජි Wednesday, 19 September 2012 09:51 AM

මෙයාලා හිතාගෙන ඉන්නේ දොස්තර කෑල්ලක් අගට තියෙන නිසා එයාලට වඩා ලොකු කෙනෙක් නෑ කියලයි..මිනිස්සුන්ට සද්දේ දාන්නේ ඒ නිසයි. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:30 PM

මේ වගේ තාත්තලා තමයි කවද හරි දරුවන්ගෙන් ගුටිකන්නේ.. (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 19 September 2012 03:12 PM

මේ මොකක්ද කාන්තාවෝ තුන්කොන් සටනක් දියත් කරලද ?.(ස)

:       0       0

දම්මික Wednesday, 19 September 2012 03:51 PM

නියමයි.... (ස)

:       0       0

රම්‍යා Wednesday, 19 September 2012 04:12 PM

මෙයත් ස්වාසිලන්තයේ කෙනෙක් වගේනේ..!(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Wednesday, 19 September 2012 04:37 PM

මතකද අර අප්‍රිකාවෙ මනුෂ්‍ය යෙක්ව තවත් කාන්තාවක් ගෙනවා කියලා අනිත් කාන්තාවන් එයාව දූෂණය කරලා මැරැවෙ.. අන්න ඒවගේ දෙයක් මෙයාටත් කරන්න තිබුණෙ..(නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 05:09 PM

මේකට 'සමකෝණී ත්‍රිකෝණයකි...." සිංදුව හරියන්නෙත් නැහැ. මල්ලිගේ පිනම තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 19 September 2012 05:33 PM

ඊළග ඡන්දෙදි සභාපතිකෙනෙක් වෙන්න තව 97යි මදි..!(නු)

:       0       0

සාමෙල් Wednesday, 19 September 2012 05:48 PM

පොලිසියෙදිත් කම්මුලට ගැහුවනම් ගෙදරදි කොහොම ඇතිද?(නු)

:       0       0

නිරන් සෞදි Wednesday, 19 September 2012 05:41 PM

හැබැයි අර මේජර්ටවඩා නම් මේ කාන්තාවො එඩිතරයි වගේ .. පොලිසියෙදිම කම්මුලට ගහන්නේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site