X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කොන්දොස්තරගේ ගෝරනාඩුවට වියපත් මඟියා ‘බෙහෙතක්’ දීලා

කුලියාපිටිය සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරුණු පුද්ගලික බස්රියකි. දොර දෙකකින් යුතු එම බස්රියේ කොන්දොස්තරවරයා ගැටවරයෙකි. බසයේ  අසුන්වල ඉඩකඩ ඇහිරී අසුන් දෙපේළිය අතර වූ  ඉඩ පරිශ‍්‍රයද ඇහිරෙමින් තිබිණ. බස්රිය තුළ මගී තදබදය අවම කරන්නට කොන්දොස්තරවරයා පසුපස දොරෙහි එල්ලී මගීන් අයදියි. ”කරුණාකරලා  ඉස්සරහට යන්න” බස්රිය ඉස්සරහට යන්න මගීන්ට ඉස්සරහ  යන්න ඉඩක් නැත. උඩ ලෝහ දණ්ඬේද අත්දඬුවලට ඉඩක් නැත. කොන්දොස්තරවරයා කාර්යක්‍ෂමය. ගැටවර වියේ නිසා කාර්ය ශූරය. ඔහු පසුපස දොරෙන් බැස දුව  ගොස් ඉදිරිපස දොරෙහි එල්ලූණේය. ”යමු යමු පස්සට යමු” ඔහු මගීන් අතරින් රිංගා මගීනට යෝජනා කළේය. එහෙත් යෝජනාව ස්ථිර වූයේ නැත. එහෙත් බස්රිය තුළ මැද හරියේ දැඩි මගී තදබදයෙන්  ඇඟපත සමතලා වී සිටි වියපත් මගියෙක් මුවගුලූ ඇරියේය. ”ඈ කොන්දොස්තර ළමයො. ඔයා පිටිපස්සෙ දොරේ ඉඳන් කෑ ගහනවා ඉස්සරහට යන්න කියලා. ඉස්සරහ දොරෙන් නැගල සද්දේ දානව පස්සට යන්න කියලා. එතකොට මේ මැද ඉදන් චාප්ප වෙන අපි කොහාටද යන්නෙ” තදබදයෙන් පීඩාවට පත්ව සිටි මගීන්ට එය සවන් කුහර තුළින්  ඇතුළු කළ වේදනා නාශක පෙත්තක් බඳු විය. ඔවුන් මුවඟ සිනාව ඒ බැව් පසක් කෙරිණි.



අදහස් (0)

කොන්දොස්තරගේ ගෝරනාඩුවට වියපත් මඟියා ‘බෙහෙතක්’ දීලා

gamini thilakasiri wijesinha Tuesday, 17 January 2012 10:02 AM

එහෙම තමයි වෙන්න ඕනේ

:       0       0

සුමන මානන්දූව Tuesday, 17 January 2012 11:14 AM

මේ පෞද්ගලික බස් වසංගතය කවදා අවසන් වේවිද? එදාට මිනිසුන්ට සැණසිල්ලේ ඉස් වල යන්න පුලුවන් වේවි

:       0       0

සිතාරි Tuesday, 17 January 2012 11:35 AM

තව මේ වගේ අය 50 ක් හිටියොත් මුලු රටම ගොඩ

:       0       0

වරුණ Tuesday, 17 January 2012 02:07 PM

හැම බස් එකක්ම ඔය වගේ තමයි. කොන්දොස්තරලාට හොද පුහුණුවක් දෙන්න අවශ්‍යයි. වගකිව යුත්තන් ඒවා දන්නේ නැහැ. තෙල් මිල වැඩි වෙනකොට ගාස්තු ගැන කතා කරනවා විතරයි. මගීන්ට වෙන අසාධාරණ එමටයි

:       0       0

චන්ද්‍රා Thursday, 19 January 2012 05:55 AM

මෙයට විසදුම පෞද්ගලික බස් නැතිකිරීමයි

:       0       0

රසික Tuesday, 23 October 2012 04:03 PM

කොන්දොස්තර රැකියාව දෙන්න ඕන උපාධි ගත්ත අයට තමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site