X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


කොම්පැණියේ නම විකුණා විශ‍්‍රාමිකයාගේ 12,500කට විදලා

ඔහු විශ‍්‍රාමිකයෙකි. ඔහුගේ නිවසේ ශිතකරණය ක‍්‍රියාවිරහිත විය. නගරයේ පිහිටි එම ශීතකරණය නිෂ්පාදිත සමාගමේ වෙළඳ නියෝජිතයා වෙත ගිය ඔහු තම ශීතකරණය අලූත්වැඩියා කරදෙන ලෙස ඉල්ලීමක් කළේය. ඔහුගේ ඉල්ලීමට සවන් දුන් එම ආයතන කළමනාකරු ඉක්මණින් කාර්මිකයකු එවන බව පවසා එම පුද්ගලයාගේ ලිපිනය ද ලබා ගත්තේය.


පසුදා උදෑසන එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට වාහනයක් නතරවිය. වාහනයෙන් බැසගත් තරුණයෙකු තමා අසවල් සමාගමේ කාර්මික නිලධාරියෙකු බවත්, පෙරදින කළ ඉල්ලීමට අනුව ශීතකරණය අලූත්වැඩියාව සඳහා පැමිණි බවත් පැවසීය.


ගෙහිමියා වඩාත් සතුටට පත්වී ශීතකරණය තිබූ ස්ථානයට තරුණ කාර්මික නිලධාරියා කැඳවාගෙන ගියේය. විනාඩි 10ක් 15ක් වැනි කාලයක් ඇතුළත ශීතකරණයේ කොටස් ගලවා පරීක්‍ෂා කර බැලීය. ශීතකරණයේ ගෑස් අවසන් වීම නිසා එය අක‍්‍රිය වී ඇතිබව පැවසීය. ගෑස් පුරවා ශීතකරණය අලූත්වැඩියාවට රුපියල් 12,500/-ක් ගෙවීමට එකඟදැයි විමසීය. ගෙහිමියා ඊට එකඟතාව පල කරනා ලදී. ගෑස් පුරවා  ශීතකරණය යළි සකස්කළ කාර්මිකයා ගාස්තුව ලබා ගත්තේය. පසුදා වනතුරු ශීතකරණය ක‍්‍රියාත්මක නොකරන ලෙසට උපදෙස් දී පිටව ගියේය.


ගෙහිමියා පසුදින ශීතකරණය ක‍්‍රියාත්මක කළද එය අක‍්‍රිය තත්ත්වයේම පැවතුනි. අදාළ සමාගමේ අලෙවි නියෝජිත ආයතනයට ගිය ඔහු තමාගෙන් රුපියල් 12500/- ක් ලබාගෙන ශීතකරණය අලූත්වැඩියා කළ ද එය අක‍්‍රිය තත්ත්වයේම පවතින බව පැවසීය. ආයතන කළමනාකරුගෙන් ඔහුට ලැබුණේ අදහාගත නොහැකි පිළිතුරකි. තම සමාගමේ කාර්මික නිලධාරියා තවම එම කටයුත්තට නොයැවූ බව පවසා ඇත.


තමා කිසියම් කපටියකුගේ උගුලකට හසුව ඇති බැව් දැනගත් විශ‍්‍රාමිකයා සිද්ධිය පිළිබඳව ගලේවෙල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.



අදහස් (0)

කොම්පැණියේ නම විකුණා විශ‍්‍රාමිකයාගේ 12,500කට විදලා

නිවන්තක Thursday, 04 June 2015 12:40 AM

කවුරුහරි වැඩේ දැනගෙනම මෙහෙම කරන්න ඇති (නි)

:       0       0

විජේසුන්දර Thursday, 04 June 2015 12:39 AM

එතකොට අර එවනවා කිවුව කාර්මිකයා? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 04 June 2015 02:38 AM

අපේ රටේ හැටි දැනගෙන ඔහු ට තිබුනේ වැඩේ පටන් ගන්න ඉස්සර සමාගමේ ලිපියක් හෝ හැදුනුම් පතක් තියෙනවද කියා සොයාබලන්න. මෙවැනි පහත් වැඩ කරන මිනිසුන් අද ඕනෑතරම් අප සමාජයේ ඉන්නවා. (ස)

:       0       0

මනෝජ් Thursday, 04 June 2015 03:34 AM

සමහර අය බස් එකේ කරන දුරකථන සංවාද මුළු බස් එකටම ඇහෙනවා. එතකොට හොරෙක් හොටියොත් ගානට වැඩේ පලන් කරලා ගේමක් දෙන්න පුළුවන්. මේ මහත්තයටත් ඒ වැඩේම වෙන්ට ඇති මට හිතෙන විදියට (ම)

:       0       0

සංජය Monday, 08 June 2015 04:52 AM

එක මහත්මයෙක් වාහනයේ බිරිඳ තියල බැංකුව ඇතුලට ගිහින ලක්ෂ ගානක් අරන් අපහු වාහනයට අවා . ඒ එක්කම බැංකුව ඇතුලෙන් කෙනෙක් ඇවිත් කිව්වා මැනේජර් මහත්තය සර් ට පොඩ්ඩක් එන්න කිව්වා අත්සනේ පොඩි වෙනසක් තියෙනවා කියල. මහත්තය සල්ලි කාර් එකේ තියල බැංකුව ඇතුලට ගියා. අර මනුස්සය අයෙත් ඇවිත් සල්ලි බැග් එකත් මහත්තය ගෙන්න කිව්වා කියල ඉල්ලගෙන ගියා .. ඉතිරි ටික හිතා ගන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site