X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොරෝනා එන්නතෙන් හොරයක් අහුවෙලා

(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
තමාගේ නියම වයස අසල්වැසියන්ට ප්‍රකාශ නොකර නියම වයස සඟවා සිටි කාන්තාවකට කොරෝනා මර්දන එන්නත ලබාගැනීමට යෑමට සිදුවීමෙන් ඇයගේ සැබෑ වයස අසල්වාසී කාන්තාවකට හෙළිවූ බව කියැවෙන පුවතක් කුරුණෑගල ගම්මානයකින් වාර්තාවිය.


ඇයගේ ගම්පළාත මීගමුව ප්‍රදේශයේය. එකම දියණිය විවාහවී පදිංචිව සිටියේ දියණියගේ සැමියාගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල කිට්ටුව ගම්මානයකය.  දියණියගේ සැමියා හමුදා නිලධාරියෙකි. සිය සැමියාගේ හදිසි අභාවයෙන් අනතුරුව සිය දියණියගේ නිවෙසේ පදිංචියට මෙම කාන්තාව පැමිණියේ මීට වසර එකහමාරකට පමණ පෙරය.


ඉතා රූමත් කාන්තාවක වූ ඇය තම රූ සපුව පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ කාන්තාවකි. ඇය දියණිය සමග එකට සිටින විට බොහෝ දෙනා පැවසූයේ ඒ දෙදෙනා අම්මයි දුවයි වගේ නොව සහෝදරියන් දෙදෙනෙකු වගේ කියාය. ඇතැම් අය පැවැසූයේ ඇය දියණියටත් වඩා හැඩකාර යුවතියක බවය.


ඇයගේ නියම වයස අවුරුදු 63 පමණ වුවද අසල්වැසි කාන්තාවන්ට ඇය පැවැසූයේ තමා අවුරුදු පනස් හයක් පමණ වයස බවය. ගමේ අසල්වැසි කාන්තාවන්ද එය පිළිගත්තේ ඇයගේ තරුණ පෙනුම නිසාත්, වයස් ගතියක් නොපෙනෙන නිසාත්ය.


පසුගිය දිනෙක ඔවුන් ජීවත්වන ගම්මානයේ අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන පැවැත්වුණේ ගම්මානයේ ප්‍රජාශාලාවේදිය. උදෑසන 8.30 සිට 12.30 දක්වා එය පැවැතුවිණි. ප්‍රදේශයේ ග්‍රාමනිලධාරියා තමා ළඟ තිබූ 60ට වැඩි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව පරීක්ෂාකරමින් එන්නත් ලබා නොගත් අයට දුරකතන ඇමතුම් ලබාදී ගෙන්වා ගැනීමට කටයුතු කළේ වැඩසටහන අවසන් කිරීමට පැයකට පමණ පෙරය. මෙම කාන්තාවගේ දියණියටද දුරකථන ඇමතුමක් ලබාදුන් ග්‍රාම නිලධාරිවරයා පවසා සිටියේ ඉක්මණින් එන්නත ලබාදීම සඳහා මව කැටුව එන ලෙසය.


කාන්තාව එන්නත ලබා ගැනීමට යෑමට අකැමැත්තක් දැක්වූවද දියණිය ත්‍රිරෝද රථයක් ගෙන්වා මවද කැටුව ප්‍රජාශාලාව වෙත ගොස් එන්නත ලබාගෙන නිවෙසට පැමිණියාය. ඔවුන් එහි යනවිටත් අසල්වැසි නිවෙස් කිහිපයක පිරිස් එන්නත ලබාගැනීමට එහිගොස් සිටියහ.


එන්නත ලබා පැමිණි දිනසිට සිය මව නිවෙසේම රැඳී සිටීමත්, අසල්වැසි නිවෙස් වලට නොයාම හා ඔවුන් සමග කතාබහ නොකිරීමත් දියණියට මහත්  කුතුහලයක් විය.


දින දෙක තුනකට පසු මේ පිළිබඳව විමසීමේදී කාන්තාව දියණියට පවසා ඇත්තේ මෙවැන්නකි.


මං අහල පහල අයට කීවේ මගේ වයස අවුරුදු පනස් හයක් කියලා. එදා එන්නත ගන්න ගිය වෙලාවේ ගමේ ගෑනු කෙනෙක් මගෙන් ඇහුව ‘‘නංගි ඇයි ඔයා ආවේ, අද එන්නත් කරන්නේ 60 ට වැඩි අයට’’ කියලා. මටහරි ලජ්ජාව. ගමේ කාන්තාවෝ හැමෝම දැනගත්තා මට අවුරුදු 60 ට වඩා වැඩියි කියලා. ඒ අය මට හිනාවෙනව ඇති දැන්.


අම්මා  මොකටද බොරු කියන්න ගියේ. හරිම වයස කීවානම් ඉවරයිනේ. ඒක හංගන්න දෙයක් නෑ. ග්‍රාම නිලධාරීතුමා ළඟ ඔයාගෙ තොරතුරු තියෙනවානේ. අනික දැන් අම්මාගේ නම තියෙන්නේ අපේ ගෘහමූලිකයට. ඡන්දය තියෙන්නේ දැන් මෙහෙ. දියණිය පැවැසුවාය.



අදහස් (1)

කොරෝනා එන්නතෙන් හොරයක් අහුවෙලා

Shen Thursday, 12 August 2021 04:28 PM

මැරුණහම බැනර් එකෙත් අඩු වයසක් දාන්න හොඳේ

:       1       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site