X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොරෝනා පොලිතීනය අස්සෙන් ‘මනමාලකම’ රිංගලා

(තිහගොඩ උපසේන ලියනගම)
පලතුරු කඩේ ආවරණය කර තිබූ පොලිතින් කොරෝනා වැස්ම අතරින් සිදුවූ‘‘මනමාල කමක් ’’  නිසා දැඩි කෝපයට පත් වෙළෙන්දකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තෙනි.


 මේ පලතුරු කඩේ ප්‍රදේශයේම නැවුම් පලතුරු නිසා ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර එහි වෙළෙඳාමේ යෙදුණේ මැදිවියේ වූ සැමියා හා තරුණ වියේ වූ රූමත් බිරිඳය.


කොරෝනා උවදුර නිසා එම කඩේ ඉදිරි පස පොලිතින් ආවරණයක් යොදන ලෙස ලද සෞඛ්‍ය  උපදෙස් නිසා ගනුදෙනු සිදුවූයේ  පොලිතින් ආවරණයේ කුඩා කවුළුව තුළිනි.


නිතර පහේ කඩේට එන තරුණයකු පසුගියදා කඩේට ආවේ පලතුරු කීපයක් මිලදී ගැනීමටය. පලතුරු කීපයක් තෝරාගත් ඔහු මිල ගණන් හැදීමට ඒවා ප්ලාස්ටික් බේසමත දමා පොලිතින් කවුළුවෙන් දිගු කරන විට ඒවා ගත්තේ බිරිඳය. තරුණයා බිරිඳගේ  අතද අල්ලන ආකාරය කවුන්ටරයේ සිටි සැමියා දුටුවද ඔහුට මඳ කුතුහලයක් ඇතිවිය.


ඔහු දුන් මුදලේ ඉතිරිය හා පලතුරු දැමූ බෑගය බිරිඳ අාපසු දෙනවිටද තරුණයා ඇගේ අත මිරිකනු ඔහු පැහැදිලිවම දුටුවෙන් තරුණයාට මඳ දෝෂාරෝපණයක් කරන විට බිරිඳ‘‘ ඕවා   ගණන් ගන්න එපා අනේ මං විෂ බීජ නාශක අතේ ගාගන්නම්’’ කීමෙන් වෙ​ෙළඳ සැමියාගේ කෝපය දෙගුණ තෙගුණ වුණාලු.



අදහස් (1)

කොරෝනා පොලිතීනය අස්සෙන් ‘මනමාලකම’ රිංගලා

millawa Wednesday, 21 July 2021 12:57 PM

අම්මපා, ඔයිටත් වැඩිය දේවල් වුණාද දන්නේ නෑ...

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site