(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වැළඳී නිවෙෙස් ප්‍රතිකාර කිරීමට යොමු කළ දරුවකුගේ පියකු අසල්වාසීන්ට හොරෙන් මහ රාත්‍රියේදී නගරයේ වෙළෙඳසලකට බඩු ගන්න පැමිණ සිටියදී ඔහු ඇතුළු පවුලේ සැම ස්වයං නිරෝධායනයට ලක්කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අතටම හසුවී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
කොරෝනා රෝගීන් එන්න එන්නම වැඩි වූ නිසා රජය රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා රෝගීන් නිවෙස් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට තීරණය කළේය.
ඒ අනුව, මේ පුද්ගලයාගේ කොරෝනා රෝගී පුතු ද නිවෙස් නිරෝධායනයට ලක් කෙරිණ.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුගේ නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් කළේ කාලය නිමවන තෙක් නිවෙසින් එළියට බැසීම තහනම් කරමිනි.
එදා රාත්‍රී වනතෙක්ම සිය සෞඛ්‍ය බලප්‍රදේශයේ කොරෝනා මර්දන එන්නත්කරණයේ යෙදී සිටි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නගරයේ වෙළෙඳසලට ගියේ නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටය. එසේ යනවිට එම වෙළෙඳසල ඇතුළේ සිටි කෙනකු හැංගෙනු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුටුවේය. ඒ සැණින්ම ක්‍රියාත්මක වූ ඔහු තමා එනවිට හැංගුණු පුද්ගලයා කවුදැයි සොයා බැලුවේය.
තමා ස්වයං නිරෝධායනයට ලක්කර ඇති කොරෝනා රෝගියකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බව හඳුනා ගත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දෙවියන් බුදුන් සිහිකරවමිනි. මේ මනුෂ්‍යයා කර ඇති වරදේ තරම හැමෝටම ඇසෙන සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කී විට එම වෙළෙඳසලින් බඩු ගත් පිරිසක් ද ඒවා නොගෙනම හෙමින් සීරුවේ මාරු වී ගියහ. ඒ කලබලය අස්සේ සමහරු ගත් බඩුවල මිල නොගෙවාම ඒවා රැගෙන ගියහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වහාම ඔහු එතැනින් එළවා දැමුවේ හෙට උදේ පැමිණ ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන බව පවසමිනි. ඒ සමගම එම වෙළෙඳසල ද වසා දැමුණි. බඩු ගැනීමට පැමිණ සිටි අයට ද ආපසු නිවෙස් කරා හිස් අතින් යාමට සිදු විය. රටේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට බැරි මෙවැනි අමන වැඩ කරන්නන් නිසා බව ඔහු ගිය දිසාව බල බල එතැන සිටි අය දරුවාගේ පියාට හොඳටම දෙහි කැපූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනා රෝගියකුගේ තාත්තා හොරෙන් එළියට පැන මාට්ටු වෙලා