(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා නිවාඩු දිනවලදී හිමිදිරි උදෑසන සිට ඇහෙන බිරියගේ කන්කරච්චලය නතර කිරීමට යෙදූ උපක්‍රම සියල්ල වැරදී අවසානයේදී යෙදූ උපක්‍රමයෙන් වෙනදා නොවූ අලකලංචියකට මුහුණදීමට සිදුවූ ස්වාමිපුරුෂයකු ගැන කතාවක් දකුණේ ගමකින් ඇසේ.
ආයතනයක සේවය කරන ඔහුට කොරෝනා නිසා රාජකාරියට වාර්තා කිරීමට තිබුණේ සතියකට දිනකි. නැතහොත් සති දෙකකට දවසකි. අනෙක් හැමදිනයකම ඔහුට සිදුවුණේ නිවසේ රැඳී සිටීමටය. ඒ බිරියගේ කන්කරච්චලයටද හිමිදිරි උදේ සිටම මුහුණදෙමිනි. ඇයගේ මේ අඬහැරය ඇතිවුණේ කොරෝනා ව්‍යසනය ලංකාවට පැමිණීමත් සමගය. ඊට හේතු කිහිපයක්ම නිර්මාණයවී තිබිණ. ඒ සියලුම හේතු කොරෝනා නිසාය.
හේ සතියට එක දවසක් හෝ සති දෙකකට දවසක් රාජකාරියට වාර්තා කිරීම නිසා ඊට පෙර ගෙවූ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා අහිමි විය. ලැබුණේද වැටුපෙන් භාගයකි. වැටුප හා දීමනා සමග මාසය ගෙවා ගැනීමට තිබූ සැලසුම් සියල්ලම විනාශවී ගියේය. මේ සමගම නිවසේ අඩුපාඩු අඩුවක් නැතිවම ගොඩගැසෙමින් තිබුණේය. මීට සමගාමීව භාර්යාවගේ හිමිදිරි උදෑසන සිට නගන කන්කරච්චලයද වැඩිවිය. මෙය ඔහුට මහත් හිසරදයක්වී තිබුණේය. ඔහු සිය භාර්යාවගේ කන්කරච්චලය නතර කිරීමට උපක්‍රම කිහිපයක්ම දියත් කළේය.
උදෑසන නැගිට්ට ඔහු සිය භාර්යාවට ‘ගුඩ් මෝනින්’ කීවේ එක උපක්‍රමයක් ලෙසය. මොන ගුඩ් මෝනින් එකක්ද? කොහොමද ගුඩ් වෙන්නේ කුස්සියේ අඩුපාඩු වෙනකොට යයි භාර්යාව කියමින් එතනින්ම දවසේ කන්කරච්චලය ආරම්භ කළාය. එය හරි නොගිය තැන ඔහු කවදාවත්ම නොකළ දෙයක්ද දෙවැනි උපක්‍රමය ලෙස දියත් කළේය. ඒ බිරිඳ උයනවිට ඇයට පොල්ගා දීමට යෑමෙනි. ඔහොම හිටියොත් ඉතින් ගෙදරට වෙලා පොල් ග ගා තමයි ඉන්න වෙන්නේ. ඔය පොල් ටික වෙනදා වගේ මටත් ගාගන්න තිබුණා යයි එදා දවස ඇගේ කන්කරච්චලය එතැනින් පටන් ගැණුනි.
උදෑසන අවදිවූ ගමන්ම ඇය සොයා ගොස් හාදුවක් දීමද ඔහු යෙදූ තෙවැනි උපක්‍රමයය. ඔහු තල්ලුකර දැමූ ඇය කීවේ ඔච්චර තමයි කරන්න පුළුවන් වයසට ගිහිල්ලත් තවම මනමාලකම ගිහිල්ලා නැතැයි කියමින් එතැන සිට එදින ඇය කන්කරච්චලය පටන් ගත්තාය.
මේ මොනදේකින්වත් ඇයගේ කන්කරච්චලය නතර කර ගැනීමට නොහැකිවූ ඔහු ඇයගේ කන්කරච්චලය තමාට උදේ නොඇසෙන්න වැඩක් හැදුවේද ඊට හොඳ උපක්‍රමයක් සිතා ගෙනය. ඒ අවදිවූ සැනින් භාර්යාවගේ අඬහැරය නොඇසෙන සේ එදා උදේ ඔහු ගුවන් විදුලිය ක්‍රියාත්මක කළේය. ඔහුගේ අවාසනාවට ගුවන් විදුලියෙන් විකාශය වූවේ විරහ ගීතය. සිතේ තිබෙන ප්‍රකම්පනය සිය සැමියාට ඇසෙන්නට එදා පිටකර ගැනීමට ගුවන් විදුලියේ හඬ බාධාවක් වීම හා එයින් ප්‍රචාරය වූ විරහ ගීත ඇසූ භාර්යාවට යකා නැග්ගේය. මම මේ දවස ගෙනියන්නේ කොහොමද කියල හිත හිතා ඉන්නවා, මේ මිනිහා විරහ ගීත අහනවා යයි කියමින් ඇය ගුවන් විදුලිය උස්සා පොළොවේ ගැසුවේ තුනට හතරට කැඩී සී සී කඩ විසිවෙන ආකාරයටය. මේ සමගම මෙතෙක් දවස් බිරියගේ කන්කරච්චලය උහුලාගෙන සිටි ඔහුට ඇගේ මේ ක්‍රියාවත් එක්ක හොඳටම තරහා ගියේය. එය පිටවූයේ භාර්යාවගේ පිට හරහා ඔහුගේ දරදඬු අත් පාරවල් කිහිපයක්ම පතිත වීමෙනි. එය ගෙදර මහා ගෝරියක් දක්වා වර්ධනයවී ගියේය. ඒ සමගම ඇය රෙදි පිළි ඔතාගෙන දරුවන්ද තනිකර දමා නිවසින් පිටව මහ ගෙදරට යාමට පිටත් වූවාය. ඇය යන මග බලන් සිටි ඔහුට සිතුණේ උපක්‍රම නොකර වෙනදා මෙන් අදත් පැය කිහිපයක් ඇයගේ කන්කරච්චලය ඉවසුවානම් ඇය ආදරයෙන් බලාගන්නවා යැයි නැන්දම්මාත් මාමණ්ඩියත් තුළ තමා ගැන තිබූ විශ්වාසය අදටත් පළුදු නොවී තිබෙන බවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනාව ඇණයක් වී අන්තිමේ නෝනාත් නැතිවෙලා
Lakmal Thursday, 28 January 2021 08:21 AM
ඔහොම ගෑනු යන එකමයි හොඳ. අපේ රටේ හුඟාක් ගෑණුන්ට ඔය ලෙඩේ තියෙනවා. හැම තිස්සේම මිනිහගේ ඔළුව කන්න හදනවා.