(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනාවට බිරියගේ පැවැති අනිසි බිය නිසා සැමියාගේ පඩි පත සමග මුදල් පසුම්බිය හා වටිනා අත්ඔරලෝසුව නැතිවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි.
ඔහුගේ බිරිය කොරෝනා රෝගයට දැක්වූයේ අනිසි බියකි. කොරෝනා මර්දනය කිරීමට අවශ්‍ය නැති ක්‍රියාවලට ද ඇය පෙළැඹී සිටියේ මේ නිසාය.
ගෙදරින් ගිය සැමියා යළි නිවෙසට එද්දී ඇය දමා ඇති තහංචි ගොඩකි. නීති රැසකි. ඔහු නිවෙසට එන සෑම අවස්ථාවක දී රැගෙන එන සියලුම දෑ පැයක් දෙකක් එළි මහනේ තබා වේළිය යුතුය. අත් ඔරලෝසුව , මුදල් පසුම්බිය ද ඊට ඇතුළත්ය. ඉන් අනතුරුව ඇඟලා ගිය ඇඳුම් පැළදුම් ද සෝදා කුස්සිය පැත්තේ එළිමහනේ තිබෙන ජල කරාමයෙන් නා පිරිසුදු ඇඳුම් ඇඳලා නිවෙසට ඇතුළත් විය යුතුය. ඔහුට පනවා තිබෙන මේ කොරෝනා මර්දන නීතිරීති පිළිබඳව අසල්වාසීන් මෙන්ම නෑ හිතවතුන් ද දැන සිටියේ බිරිය ඒ සම්බන්ධයෙන් ඔවුන් ද දැනුම්වත් කර තිබූ නිසාය.
එදා ඔහු නිවෙසින් එළියට ගියේ සිය සේවා ස්ථානයෙන් පඩි පත රැගෙන ඒමටය. පඩි පත ගත් ඔහු නිවෙසට අවශ්‍ය අඩුම කුඩුම ද රැගෙන යළි නිවසට විත් බිරිය පණවා තිබූ කොරෝනා මර්දන නීතිමාලාව ක්‍රියාත්මක කළේය. රැගෙන ආ බුඩු මුට්ටු හා මුදල් පසුම්බිය මෙන්ම අත් ඔරලෝසුව ද ගලවා දමා අව්වේ වේළීමට කටයුතු කළේය.
වෙනදා මෙන් දෙපැයක් ගත කර ඔහු තමාගේ මුදල් පසුම්බිය හා අත්ඔරලෝසුව ගැනීමට එළියට ගියේය. ඔහුගේ ඉහමොළ රත් වූයේ තිබූ තැන ඒ වා නොතිබුණු දැකීමෙනි. මේ කොරෝනා මර්දන නීතිය නිසා සිය පවුලටම මේ මාසයේ බඩගින්නේ සිටීමට සිදු වෙතැයි බිරියට දෙස් දෙවොල් තැබූ ඔහු මේ දිනවල තමාගේ මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, සේවා හැඳුනුම්පත, බැංකු කාඩ්පත් ඇතුළු වැදගත් ලිපි ලේඛන පිළිබඳව තොරතුරක් ලැබෙන තුරු ඉවසිලිවන්තව සිටිනවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනාවට බයවෙලා: මාසයක් බඩගින්නේ ඉන්නවෙලා