කොල්ලකල්ලියක් පිළිබඳව සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ට පෙර දින රාත්‍රියේ සාමාන්‍ය ඇඳුමින් ජංගම මුර සංචාරයෙ යෙදුණු පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදිවල අංක ලබාදීමේ පුවතක් පසුගියදා වෙන්නප්පුව පොලිස් වසමෙන් වාර්තා විය.
වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ කොල්ලකෑම් කීපයක් සිදුවීම නිසා පොලිස් නිලධාරීන් එම ගම අවට නිතර තොරතුරු සෙවීමත් උපදෙස් ලබාදීමත් සිදු කර ඇති අතර ගමට පැමිණෙන නාඳුනන පුද්ගලයන් හා යතුරුපැදි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද ගම්වාසීන් දැනුම්වත් කර තිබේ.
එක් දිනෙක රාත්‍රියක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු එක් කොල්ලකෑමක් පිළිබඳව අවට නිවෙස්වලින් තොරතුරු විමසමින් යන අතරතුර මැදි වයස පසුකළ කාන්තාවන් දෙදෙනකු සිටි නිවසටද ගොස් තොරතුරු විමසා ඇත. එහිදී කාන්තාවන් දෙදෙනාට පොලිස් නිලධාරීන් පරිස්සමින් හා අවදානයෙන් සිටින ලෙසත් වටපිටාව ගැන හා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳව සෙවිල්ලෙන් සිටින ලෙසත් යම් සැකයක් තිබුණහොත් පොලිසියට දන්වන ලෙස පවසා පිටත්ව ගොස් තිබේ.
පසුදින නැවත එම ප්‍රදේශයේම තොරතුරු සෙවීමට ගිය අවස්ථාවේ කාන්තාවක් පැමිණ තමන්ගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ආ බවත් එම පුද්ගලයන් දෙදෙනා ආ යතුරුපැදිවල අංකය ලියාගත් බවත් එම දෙදෙනා විමසූ කරුණු නිසා සැකයක් ඇති වූ බව පවසා කොළ කැබැල්ලක් පොලිස් නිලධාරීන්ට දී තිබේ. ලියාදුන් එම අංක පිරික්සීමේදී එම අංකවල යම් හුරුපුරුදුකමක් දැනුණු නිසා තමන් ආ යතුරුපැදි දෙස බැලීමේදී පොලිස් නිලධාරීන්ට දෙලොව සිහිවුණාලු. ඒ එම කාන්තාව ලියා දී ඇත්තේ කොල්ලකරුවන් ගැන තොරතුරු සෙවීමට තමන් ගිය යතුරුපැදිවල අංක හේතුවෙනි.
සැබෑ තත්ත්වය පිළිබඳව කිසිවක් එම කාන්තාවට නොපැවැසූ පොලිස් නිලධාරීන් එම කාන්තාවන්ගේ විමසිලිමත්භාවය පිළිබඳව ස්තූති කර නැවත කවුරුන් හෝ නිවසට ආවහොත් එලෙසම කටයුතු කරන ලෙස උපදෙස් දී වෙනත් රාජකාරියකට ගිය බව වාර්තා විය.
(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොල්ල කල්ලියක් අල්ලන්න ගමට ආ පොලිස් නිලධාරීන්ට පොලිස් යතුරුපැදිවල අංක දීලා
ජනහිත Tuesday, 14 February 2017 11:44 PM
නියම ඔත්තුවක් දීලා තියෙන්නේ. ඇත්තනේ! ඒ මනුස්සයා කියපු විදිහට වැඩ කරලනේ. (නි)
සෑම් Wednesday, 15 February 2017 06:38 AM
මම ගෙයක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබියදී කිහිප වතාවක් ඒ ගෙදර පැත්තේ කරක් ගැසුවා. ඕස්ට්‍රේලියාවේ තියන නේබහුඩ් වොච් නමින් හඳුන්වන අසල්වැසියන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ පිරිසක් මගේ කාර් එකේ නොම්මරයත් සැකකටයුතු එකෙක් ලෙස ලියාගෙන පොලිසියට දීලා. පොලිසියෙන් මගෙන් කෝල් කරලා ඇහුවා. මම කිව්වාම 'ඔව් මම ඒකෙන් ගෙයක් ගත්තා' තව මාසෙකින් විතර පදිංචියට යනවා කියලා. එතකොට මට පොලිසියෙන් කිව්වා ඉතාම හොඳ ආරක්ෂාකාරී පැත්තක්. දැනටමත් මම ඒ පැත්තේ කරක් ගහනවා කියලා මගේ කාර් නොම්මරේ පොලිසියට දීලා කියලා. මගේ අසල්වැසි මහලු ජෝඩුවක් තමයි මේක කරලා තියෙන්නේ. අපි හමුවුණාම තාමත් මේ ගැන කියලා හිනාවෙනවා (නි)