හොරොව්පොතාන වූ කලි වියළි කලාපීය ප්‍රදේශයකි. වියළි කලාපයට ආවේනික ශාක අතර කොහොඹ ගස් මෙහි සුලබය. මුරුංගා ද හරි හරියට වැවෙන්නේ එපරිදිමය.
මේ කියන සැමියාගේ අතමිට සරු වුණේ කළ වෙළෙඳාම සිතුවාටත් වඩා ලාබ ගෙන දුන් නිසාය. අත කට පිරෙන්න බඩු මල්ලක් ගෙන බිරිඳට ගවුමකුත් මිලදී ගත් ඔහු රෑට කන්නට කුකුළු මස් කිලෝවක් මිල දී ගත්තේය.
“හීනියට අඩියක් ගසා කට ගැස්මට කුකුළු මස් කෑල්ලක් හපා කන්නට ඇත්නම් මරු” ඔහුට සිතිණි.
එදින සැමියා නිවසට ආවේ රාත්‍රී 7.30ට පමණය.
“ඇහුනද, මෙන්න මේ කුකුළු මස් කෑල්ල හදලා ගත්ත නම්...” සැමියා ගෙනා බඩු මුට්ටු ටික බිරිඳ අතට දී ඔහු ඇඟපත සෝදා ගන්නට ගියේය.
කට ගැස්මට කුකුළු මස් කැබලි කිහිපයක් බැද ඉතිරි ටික රෑ කෑමට ඇය ලිපේ තිබ්බේ සැමියාගේ සිත කියවන්නට ඈ දත් නිසාය.
පැයකට පමණ පසු සැමියා කුස්සියට එබිකම් කළේ රෑ කෑම ලෑස්ති දැයි අසමිනි.
සැමියාට බත් බෙදා ඇය ද බත් බෙදා ගත්තේ එකට වාඩි වී රෑ කෑම කන්නටය.
“තුඃ මේ ජරාව කන්න බෑ ඕයි” එසැණින් සැමියා බත් පතම පොළොවේ ගසා හමාරය.
බිරිඳගේ දෑසට නැගුණු කඳුළැලි අතරින් හීන් ඉකිබිඳුමක් ද මතුවිය.
“කාලා බලනවා. තිත්තම තිත්තයි” ඇනූ බත් කට කෑ ඇයට ද තිත්ත දැනුණි. මස්වලට ඇය දමා ඇත්තේ කරපිංචා නොව කුස්සිය පිටුපස තිබූ කොහොඹ කොළය. කළුවරේම ගොස් කුඩා කොහොඹ පැළයකින් ඇය කඩාගෙන ඇවිත් තිබුණේ කරපිංචා පැළ අතර තිබූ කොහොඹ පැළයක කොළය. ‘සමාවෙන්න මගෙයි වරද. කරපිංචා වෙනුවට කොහොඹ කොළ දාලා’.
බිරිඳගේ අත්වැරැද්දට සමාව දුන් බැදපු මස් කෑල්ලක් සමග බත් කෑවේ බිරිඳගේ කඳුළු පිසමිනි.
(හොරොව්පොතාන පැතුම් දර්ශන)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොහොඹ කොළ දමා කුකුළු මස් උයලා