X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


කෝච්චිය අල්ලන්න දුවලා අම්බානක ගුටිත් කාලා

 

(මෝදර - සී. ඉග්නේෂස් ඇන්තනි)
සොරකමක් කළා කියා නොදැනුවත්ව ගුටිබැට දුන් පුද්ගලයෙකුගෙන් සිදු වූ දෙය නිවැරදිව වටහාගත් පසු පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් සැකකරුගෙන් සමාව ගත් පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.


එම පුවත මෙසේය.


සැකකරු ගැමි පුද්ගලයෙකි. ඔහු රස්සාව කරන්නේ කොළඹ ප්‍රදේශයේය. මෙය සිදුවූයේ සවස් කාලයේ දුම්රිය ස්ථානයකට යාබඳවය.


මුදල් පසුම්බියක් අරං ගියා කියා නිවාස පේළියක කාන්තාවක් කෑගසන්නට වූවාය. අහල පහළින් සෙනඟ රැස්වූහ. සංචාරය කරමින් සිටි පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ද එතැනට ආහ.
පර්ස් එක අරං ගියා යැයි කියන පුද්ගලයා සොයමින් ගම පීරුවත් පිරිසට සැකකරු අල්ලා ගැනීමට නොහැකි විය.


එහෙත් ඈතින් දුවන කෙනෙකු දැක ගම්වාසීහු ඔහු අල්ලා කට බැඳ හොඳටම ගුටිබැට දී පොලිසියට බාර දුන්හ. ඔහුට කතා කරන්නවත් ඉඩක් නොලැබුණි.


පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. අනේ සර් මේ වගේ දෙයක් මේ පැත්තේ වුණාද කියාවත් මා දන්නේ නෑ. වැඩ ඇරිලා සවස 6ට තිබෙන කෝච්චිය අල්ලන්නයි මා මේ දුවන්නේ. මම හැමදාම සවසට මේ හරියෙන් කෝච්චිය අල්ලන්න වුවමනා නිසා දුවනවා. ඒ වෙලාවේ තමයි මේ අය මාව අල්ලා කට බැඳලා ගැහැව්වේ.


මට මේ අය කතා කරන්නවත් ඉඩ දුන්නේ නෑ. අනේ සර් මම හොරෙක් නෙමෙයි. මගේ ගෙදර අය මා එනකම් බලාගෙන ඉන්නවා ඇති මට යන්න දෙන්න සර්.


මා දුවන නිසයි මොවුන් මා අල්ල ගත්තේ යැයි ඔහු පැවසීය.


පොලිසියට කරුණු වටහුණි. ඉන්පසු සැවොම ඔහුගෙන් සමාව ගත්හ. ටික වේලාවක් ගතවිය. ඔහුට යන්නට තිබෙන දුම්රිය ඒ අසලින් ගියේය. කමක් නැහැ ඊළඟ කොච්චිය අල්ලන්නවත් මම යන්නම් කියා ඔහු පිරිසගෙන් වෙන්වී ගියේ ඉතාම වේදනාවකිනි. 



අදහස් (1)

කෝච්චිය අල්ලන්න දුවලා අම්බානක ගුටිත් කාලා

Gunasinghe Friday, 21 September 2018 05:02 AM

අැයි පොලිස්පතිතුමාට පැමිණිලි නොකරන්නේ?

:       0       7

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site