X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කෝච්චියේ ටිකට් මහත්තයා සල්ලි එක්ක තරහ වෙලා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පිටුපස දොරටුවේ ඇති ටිකට් කවුන්ටරය වෙත පැමිණි මඟියෙකි. දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිලධාරියා පොතක යමක් ලියමින් සිටි අතර ‘මට රාගමට ටිකට් එකක් දෙන්න’ යයි මඟියා පැවැසීය. නිලධාරියා කිසිවක් නෑසුනා සේ තම කාර්යයේ යෙදී සිටී. ‘මහත්තයා මට රාගමට ටිකට් එකක් දෙන්න. කෝච්චිය යන්න ළඟයි.” මඟියා නැවතත් කාරුණිකව පැවැසීය. 


‘ඉතින් මට මොක ද?’ නිලධාරියා එසේ පැවැසුවේ මඟියාට රවමිනි.


‘එහෙම කියන්න එපා මහත්තයා මේ කෝච්චියේ යන්න බැරි වුණොත් මට රාගමින් ගෙදර යන්න බස් එකක් නැතිව යනවා.’ මඟියා කාරණය පැහැදිලි කළේය. 


මඟියා අත තිබූ රුපියල් විස්සේ කොළ දෙක උදුරා ගත් නිලධාරියා ප්‍රවේශ පත්‍රය ඈතට විසිකර ඉතිරි මුදල බිමට වැටීමට සැලැස්වීය. මුදල අහුලා ගත් මඟියා ‘මහත්තයා මාත් එක්ක තරහා වුණාට සල්ලිවලට ඔහොම කරන්න එපා.’ යැයි පවසා දුම්රිය ස්ථානය ඇතුළට ගියේය.
(ක්‍රිස්ටෝපර් සීපියන්)



අදහස් (3)

කෝච්චියේ ටිකට් මහත්තයා සල්ලි එක්ක තරහ වෙලා

priyantha Saturday, 16 March 2019 03:29 AM

කොටුවේ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ දුම්රිය ස්ථාන වල ඉන්නේ ඔය වගේ කමකට නැති මහත්තුරු, ගනේමුල්ලෙත් ඉන්නවා මෙලෝ රහක් නැති මහජන සහයෝගිතාවයක් නැති මූනේ හිනාවක් නැති කණ්ඩායමක්.

:       0       579

chinthaka Monday, 18 March 2019 08:31 AM

ගම්පහ ඉන්න ඔක්කොම ඔය වාගේ

:       0       15

සුදු මහත්තයා Tuesday, 19 March 2019 05:06 AM

අත්දැකීමෙන්....... කළුතර, පොල්ගහවෙල, කොටුව.......... ටිකට් දෙනෙ ඇත්තන්ගේ මනෝ විද්‍යාත්මක වාර්තාවක් රැගෙන සේවයට නුසුදුස්සන් වෙනුවට අළුතින් කණ්ඩායමක් බඳවාගත යුතුයි. ඔවුන්ගේ සේවාවට වැටුපක් ලබා ගන්නා බවත් අමතක නොකල යුතුයි. කළුතර ඉන්න රැවුල වවාගත් මුස්පේන්තුකාර මහතානම් වහාම ඉවත් කලයුතු කෙනෙක්!

:       0       121

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site