X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ගමේ කසිප්පු ජාවාරමාට සර්පයකුගෙන් යස දඬුවමක්

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
ගමේ නීති විරෝධී මත්පැන් පෙරන්නාට අමුතුම කාලයේ දඬුවමක් සර්පයකුගෙන් ලැබුණ අපූරු පුවතක් අපට අසන්නට ලැබිණ.


ගමේ අයට ඔහු නිරන්තරයෙන්ම නීති විරෝධි මත්පැන් සැපයූවේය. ඒ නීති විරෝධී විදිහට කැලෑවකට ගොස් මත්පැන් පෙරාය. 


ඔහුගේ මේ කෙරුවාව නිසාම ගමේ එකාලා බීමත්ව ගමේ අඬදබර ඇති කරගත් අවස්ථා ද සුළුපටු නොවේ. භාර්යාව සැමියා අතර ගැටුම් ද ඒ හා සමානවිය. මේ ආකාරයට ගමේ පවුල් ජීවිතයට වින කටිමින් සිටි ඔහු පොලිසියට අසු වූ වාර ගණනද විශාලය. නීති විරෝධී මත්පැන් පෙරීමේ වරදට කීප වතාවක්ම අධිකරණයට ගොස් දඬුවම් වින්දත්, ඔහු ඊළඟ දවසෙත් කරන්නේ ඒ වැඩේමය.


එදත් ඔහු කැලෑවට ගියේ නීති විරෝධී මත්පැන් පෙරීමටය. සිය කාර්ය සිදුකරමින් සිටි ඔහු ගෝලයා දිවා කෑම රැගෙන එන තෙක් කැලෑවේම කෙටි නින්දකට වැටුණේය. ඒ කසිප්පු පෙරීමට ප්‍රයෝජනයට ගත් අන්නාසි හා රටඉඳි දමාගෙන ආ හිස් පොලිතීන් උරය එළාගෙනය.


අන්නාසි සුවඳ කරා කැලෑවේ සිට ඉව අල්ලමින් පැමිණි සර්පයකු ඔහු නිදාසිටි පොලිතින් උරයට ගොඩවූයේය. සෙවූ පලතුරු නොවූ තැන මේ සර්පයා ඔහුගේ සරම අස්සට රිංගුවේය.


නින්දේ සිටියදී එහෙට මෙහෙට පෙරළීමත් සමගම කලබල වූ සර්පයා ඔහුට දෂ්ඨ කළේය. ඒ සමගම ඔහුට සිහිමූර්ජා විය. ආහාර රැගෙන ඒමට ගිය ගෝලයා නොපැමිණියේ නම් ඔහු ජීවිතයෙන්ද මේ වනවිට සමුගෙන හමාරය. ගෝලයා වහාම ඔහු රෝහල් ගත කළේය. සර්ප විෂෙන් සිහිසුන්ව ඔහුට දින කිහිපයක්ම යන තෙක්ම රෝහල් වාට්ටුවක නැවතීමට සිදුවිය. මේ රෝගී තත්ත්වයෙන් ඔහු මුදවා ගැනීමට විශාල වියදමක්ද දැරීමට සිදුවිය. සනීප වී නිවෙසට පැමිණියද ඔහුට ගමේ  උදවියට මුහුණ නොදී වසන්වීමට සිදුවූයේ සර්පයා දෂ්ට කළ තැන ගම්මු දැනගෙන සිටි නිසාය.



අදහස් (0)

ගමේ කසිප්පු ජාවාරමාට සර්පයකුගෙන් යස දඬුවමක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site